උතුරේ ජනතා ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් දෙනවා

0
1935
Mahinda-Rajapaksa

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් ලබාදීමට තමා පියවර ගන්්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.තංගල්ල, කාල්ටන් නිවසේදී ‘ලක්බිම’ සමග පැවැත්වූ විශේෂ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. උතුරේ දෙමළ නායකයින්ට අවශ්‍ය්‍ය විසඳුම් ලබාදීමට තමා එකඟනොවන බව පැවැසූ මහින්ද රාජපක්ෂ මහතා සාමාන්‍ය දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව, ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව තමාට ඉතා හොඳට වැටහීමක්ද ඇති බව පැවැසීය.
තම දේශපාලන ඉතිහාසයේ කවරදාකවත් කිසිවෙකුත් සමග හොර ගිවිසුම් අත්සන් කර නැති බවත් තමා සැමට ඒක හා සමානව සලකන විවෘත මිහිසෙකු බවත් හිටපු ජනාධිපතිවරයා පැවැසීය.
තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම, රාජ්‍ය සේවාවට නැවත ගෞරවාන්විත පරිසරයක් උදාකරදීම ඇතුළු එකතැන නතරවී ඇති රටේ සංවර්ධනය ඉදිරියට කරගෙන යාම තමාගේ එකම බලා‍පොරොත්තුව බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
මෙම සම්පූර්ණ සාකච්ඡාවේ විස්තරයක් මෙම ඉරිදා (26) ‘ලක්බිම’ පුවත්පතේ පළවේ.

Source : Lakbima