එජනිස මහ ලේකම් ධුරයෙන් සුසිල් ඉල්ලා අස්‌වෙයි – Susil resigns as UPFA General Secretary

0
646

සිරිමන්ත රත්නසේකර

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (25 වැනිදා) ඉල්ලා අස්‌වී ඇත.

ඉල්ලා අස්‌වීමේ ලිපිය ඒ මහතා විසින් සන්ධානයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (24 වැනිදා) දිනැති ලිපියක්‌ මගින් යොමුකරනු ලැබ තිබේ.

සන්ධානයේ හවුල්කාර  පක්‍ෂ නායකයන් ජනතාව නොමඟ යවන ප්‍රකාශ හා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම පිළිබඳව කනගාටු වන බවත් පසුගිය දිනවල සන්ධාන ලේකම් ලෙස කටයුතු කිරීමේදී ඇති වූ නෛතික සීමාවන් හේතුවෙන් ගත් ඇතැම් තීරණ සඳහා තමාගේ ක්‍රියාකාරී දායකත්වයක්‌ නොමැති බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ලිපියේ සඳහන් වේ.

සන්ධානයේ පක්‍ෂ එක්‌ව තබාගැනීම පිළිබඳ වචනයක්‌වත් නොකියන සමහර හවුල්කාර පක්‍ෂ නායකයන්ගේ හැසිරීම් ගැන දැඩි කලකිරීමක්‌ තිබෙන බවත් එහෙයින් මෙසේ ඉල්ලා අස්‌වන බවත් ඒ මහතා ලිපියේ දක්‌වා තිබේ.

Source : Divaina

Susil resigns as UPFA General Secretary

Susil Premajayantha on Tuesday (25) tendered his resignation letter to the President as the General Secretary of the United People’s Freedom Alliance (UPFA).

“I am disappointed as some of the coalition partners of the UPFA tend to mislead the people with media statements and press conferences. I am too disappointed with the acts of some UPFA members who show no intention of protecting the party,” Premajayantha said in the letter.

An enjoining order has also been issued to prevent Anura Priyadharshana Yapa and Susil Premajayantha from acting and discharging duties as the General Secretaries of the SLFP and UPFA respectively.

President Maithripala Sirisena, in his capacity as the Chairman of the SLFP and UPFA, earlier suspended the party memberships of Yapa and Premajayantha and has also removed them from the posts of General Secretary.

The President then appointed Minister Duminda Dissanayake as the Acting General Secretary of the SLFP and ex-Minister Prof. Vishwa Warnapala as Acting General Secretary of the UPFA.

Source : AdaDerana