වර්තමාන ‘ලිච්ඡවි රජ දරුවන්ට’ රජරටින් ප්‍රශ්න පත්‍රයක්‌

0
681
rajarata-kidney-diseases

‘දොරදොර මිණී බෙර
ගෙයි ගෙයි හබය බියකර’

වර්තමාන ‘ලිච්ඡවි රජ දරුවන්ට’ රජරටින් ප්‍රශ්න පත්‍රයක්‌

රජරටම ගිලගෙන අද බරපතළ ව්‍යසනයක්‌ ලෙස පැතිරී යන වකුගඩු රෝගය මුලින්ම හඳුනාගත්තේ 2002 වසරේදීය. 2002 දී පදවියේදී ප්‍රථම රෝගියා හමුවීමෙන් පසු මෙම රෝගය පිළිබඳ මුල්ම හෙළිදරව්ව සිදුකළේ දැනට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන වෛද්‍ය පාලිත බණ්‌ඩාර මහතායි. 2002 පටන් මේ වනවිට වසර 13 ක්‌ ගතවී ඇත.

පදවියෙන් පටන්ගත් වකුගඩු රෝගය කාලයේ ඇවෑමෙන් මුළු රජරටම ගිල ගත්තේය. මේ වනවිට රජරට වකුගඩු රෝගීන් විසිදහසක්‌ පමණ මියගොස්‌ ඇතැයිද දෙලක්‍ෂයක්‌ පමණ වකුගඩු රෝගය සෑදී ඇතැයිද ආසනික්‌ විරෝධී ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපති මහමාංකඩවල ශ්‍රී පියරතන නාහිමියෝ සඳහන් කරති. දැනට හඳුනාගෙන ඇති රෝගී සංඛ්‍යාව හැත්තෑදහස ඉක්‌මවා ඇතැයිද, මෙයින් රෝගීන් දස දහසක්‌ පමණ මියගොස්‌ ඇතැයිද… රජරට පැතිරෙන වකුගඩු රෝගය පිළිබඳව පුරා වසර දහසකට වැඩිකලක්‌, විශ්වවිද්‍යාලයීය පර්යේෂණ කණ්‌ඩායමක්‌ සමඟ එක්‌ව පර්යේෂණ කටයුතුවල යෙදී සිටින රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. වකුගඩු රෝගය පිළිබඳව විෂය භාරව කටයුතු කරන වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙන්නේ මීට වඩා අඩු සංඛ්‍යාවකි. කෙසේ වුවද රෝහල් ආශ්‍රිත රෝගීන් මිස ගම්බද පෙදෙස්‌වල රෝගීන් පිළිබඳ තොරතුරු ඔවුන් අතට පවත්වන්නේ නැත.

2002 සිට මේ කාලය තුළ උතුරු මැදට පළාත් සභා දෙකක්‌ පත්විය. නමුත් උතුරු මැද විශේෂයෙන් ගොවි ජනතාව මරා දමන මෙම මාරාන්තික රෝගය ගැන අද වනතුරුත් ඵලදායක විසඳුමක්‌ ගැනීමට පළාත් සභාවලට බැරිවිය. වකුගඩු රෝගයට අදාළව අනුරාධපුරයේ විශේෂ පර්යේෂණ ඒකකයක්‌ පිහිටුවා ඇතත් ඔවුන්ද මේ දක්‌වා කරන ලද කෙං ගෙඩියක්‌ නැත.

විශේෂඥ වෛද්‍යවරු සිටිති. පර්යේෂණ ඒකක හා වකුගඩු රෝගය සඳහාම වූ රෝහල් හා සායන මධ්‍යස්‌ථාන පවතී. බටහිර ඖෂධ ඇත. කාලයක්‌ රෝගීන්ට බටහිර ඖෂධ ගිල්ලවා අන්තිමට රෝගය උත්සන්න වූ තැන රුධිර කාන්දුකරණය සඳහා බටහිරින් හඳුන්වා දුන් උපකරණ මගින් රෝගීන්ගේ රුධිරය තෙදිනකට වරක්‌ හෝ සතියකට වරක්‌ රෝහල්වලදී පිරිසිදු කරති. නමුත් එසේ රුධිරය පිරිසිදු කිරීමෙන් පසුවද ටික කලකින් බොහෝ රෝගීහු මියයති. රෝගීන්ගේ රුධිර කාන්දුකරණය කරනු ලබන යන්ත්‍රයක මිළ රුපියල් ලක්‍ෂ 25 ක්‌ පමණ වේ. වෛද්‍ය නිර්දේශ මත ඊයේ පෙරේදාත් මෙම යන්ත්‍ර 25 ක්‌ පමණ උතුරු මැද පළාතේ රෝහල්වලට ලබාගෙන ඇත. පදවිය රෝහලට මෙම යන්ත්‍ර හතරක්‌ ලබාදීමේ උත්සවයට ජනාධිපතිතුමන්ද සහභාගි විය.

වකුගඩු රෝගීන්ගේ සැබෑ තොරතුරු අධ්‍යයනය කළවිට සැකයකින් තොරව අනාවරණය වන්නේ බටහිර බෙහෙත් වලින් රෝගියාට ජීවත්වීමේ සුළු කාලයක්‌ ලැබෙන නමුත්, කිසිසේත්ම රෝගය සුව නොවන බවයි. රුධිර කාන්දුකරණයද එසේමය. 43 වරක්‌ තෙදිනකට වරක්‌ රුධිර කාන්දුකරණය කළ කොඩිය බැන්ද වැවේ රෝගියෙකු ඊයේ පෙරේදා මියගියේය. තලාවේ රෝගීන් දෙදෙනකු, වෙඩි තිබ්බ ගලේ රෝගීන් සිවු දෙනකු මියගොස්‌ ඇත. රුධිර කාන්දුකරණය ද බටහිර මුදල් උපයන මාර්ගයක්‌ මිස රෝගීන් සුවකරන මාර්ගයක්‌ නම් නොවේ. බටහිර ඖෂධ ද එසේමය. මෙය වකුගඩු රෝගය හරහා කෙරෙන අපේ රටේ ඖෂධ ජාවාරමකි. රෝගියාට එක්‌වර මැරෙන්නට නොදී ටික කලක්‌ බෙහෙත් විකුණා ගැනීමට රෝගියා ජීවත් කරනවා මිස රෝගය සුව කිරීමක්‌ සිදුකරන්නේ නැත. මෙය තනිකරම ඖෂධ ජාවාරමකි. මෙහි යථාර්ථය ජනතාවට කියන්නට බටහිර වෙදකමේ යෙදී සිටින වෛද්‍යවරු කට අරින්නේ නැත. රෝගීන් සිටීමත් රෝගීන් වැඩිවීමත් ඔවුන්ගේ යහපතටම හේතුවේ.

2014 අගෝස්‌තු මාසයේදී දේශීය වෙදකම මගින් රෝගීන් බහුලව වෙසෙන මැදවච්චිය ප්‍රදේශයේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය වකුගඩු සායනයක්‌ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කරන ලදී. මෙම සායනය භාරව කටයුතු කළ දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය සායනය හරහා රෝගීන් දෙදහසකට පමණ ප්‍රතිකාර කරන්නට පටන් ගත්තාය. මාස හයක්‌ පමණ ගතවෙද්දී එනම් 2015 පෙබරවාරි පමණ වෙද්දී මෙතැනින් ප්‍රතිකාර ගත් රෝගීන් විශාල සංඛ්‍යාවක්‌ රෝගී තත්ත්වය 50% සිට 80% දක්‌වා අඩුකරගෙන යළිත් ජීවත්වීමේ බලාපොරොත්තු ඇතිකරගෙන තවදුරටත් ප්‍රතිකාර ගත්හ. නමුත් හිටිහැටියේම වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය මැදවච්චිය සායනයෙන් උස්‌සා කොළඹට තල්ලු කරනු ලැබීය. ඇයගෙන් ප්‍රතිකාර ගත් වකුගඩු රෝගීන් දෙදහසක්‌ පමණ දෙනා ඇය සොයා යන්නට වූහ. වකුගඩු රෝගීන් නිට්‌ටාවටම සුවකරමින් සිටි දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය මැදවච්චියෙන් උගුල්ලා දැමීමෙන් පසු වකුගඩු රෝගියෝ අසරණ වූහ. මැදවච්චිය දේශීය වකුගඩු සායනය ජන විශ්වාසය බිඳී අක්‍රිය විය. මේ අභාග්‍යය රජරට වකුගඩු රෝගීන්ට අත්වූයේ දින සීයේ යහපාලනය යටතේ රාජිත සේනාරත්න මහතා දේශීය වෛද්‍ය ඇමති ලෙස කටයුතු කරද්දීය. මේවා අහඹු සිදුවීම් නොවිය හැකිය. නිට්‌ටාවට සුවකරමින් සිටි දේශීය වකුගඩු රෝග නිවාරණ වෙදකම පසා කරගෙන අදෘශ්‍යමාන හස්‌තයක්‌ ගමන් කරන්නට ඇතිබව රෝගීන්ගේ විශ්වාසයයි. එහි පැහැය පෙනුණේ බටහිර ඖෂධ වෙළඳාමේ මාෆියාවයි.

රජරට පුරාවට මුල් අදිමින් පවතින වකුගඩු රෝගය පිළිබඳ වසර ගණනාවක්‌ පර්යේෂණ පැවැත්වීමෙන් පසු මෙම රෝගය පැතිරීමට මූලික හේතුව අසමාන ලෙස රජරට පොළවට වක්‌කරන ආසනික්‌, කැඩ්මියම් ආදී විෂකාරක අඩංගු කෘෂි රසායනයන් බව වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පර්යේෂණ කණ්‌ඩායම හඳුනා ගත්තේය. දේශීය පර්යේෂණ කණ්‌ඩායම් පමණක්‌ නොව ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ මතය සනාථ කරනු ලැබීය. ආසනික්‌, කැඩ්මියම් වැනි විෂකාරක කෘෂි රසායන සමඟ පොළවට වැටී ඊළඟට භූගත ජලයට හා පසට මුහුවී, ආහාරපාන මගින් ශරීර ගතවී කල්යැමේදී වකුගඩු රෝගය හැදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයද දේශීය පර්යේෂණ කණ්‌ඩායම් වෙනුවෙන් වෛද්‍ය චන්න ජයසුමන මහතාද රජයට නිර්දේශ කිරීමෙන් පසු ගොවිජන සේවා අමාත්‍යාංශය හරහා නියමු ව්‍යාපෘතියක්‌ ලෙස රජරට ගොවි පවුල් පනස්‌ දහසක්‌ දේශීය වී වගාවට යොමුකිරීමේ ව්‍යාපෘතියක්‌ ආරම්භ කරනු ලැබීය.

2014 මහ කන්නයේදී රජරට ගොවි පවුල් 50000 ක්‌ සම්බන්ධ කරගෙන ගොවිජන සේවා අමාත්‍යංශය මගින් මෙම වැඩසටහන දියත් කරනු ලැබීය. රසායනික තෙල් පොහොර නැතිව වගා කළහැකි කුරුළු තුඩු, කලුහීනටි, පච්ච පෙරුමාල්, රත් සුවඳැල්, සුදු හීනටි, මඩතවාලු වැනි දේශීය වී වර්ග කිලෝ පහළොව බැගින් ගොවීන්ට නොමිලයේ බෙදා දෙනු ලැබීය. වී ඇස්‌වැන්න ගැනීමෙන් පසු පවුලේ කෑමටත් ප්‍රමාණවත් වී තියාගෙන අතිරික්‌ත වී කිලෝව රුපියල් 60 බැගින් රජයට අලෙවි කළහැකි බව ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්න ජයසුමන මහතා ගොවීන්ට පැහැදිලිකර දුන්නේය. මෙම දේශීය වී වර්ග තෙල් පොහොර නොයොදා වගා කිරීම පිළිබඳවද ගොවීන්ට උපදෙස්‌ දෙනු ලැබීය.

මෙම දේශීය වී වගාවේ අස්‌වනු 2015 ජනවාරි සිට ලැබෙන්නට විය. ගොවීන් තමන්ගේ අතිරික්‌ත වී විකුණා ගැනීමට උත්සාහ කළත් මේවා මිලදී ගැනීමේ වැඩපිළිවෙළක්‌ ඒ වනවිට සූදානම් කර තිබුණේ නැත. මේ නිසා දේශීය වී ගොවීන් නන්නත්තාර විය. ඔවුන්ට දේශීය වී වගා කිරීම එපාවිය. වී අලෙවි කර ගැනීමට විදියක්‌ නැත්නම් ඒවා වගාකිරීමේ තේරුමක්‌ නැතැයි කියා බොහෝ ගොවීන් දේශීය වී වගාව අත්හැර දැමූහ. දේශීය වී වගාකළ ගොවීන් අස්‌වනු ගෙට ගෙන මාස ගණනක්‌ ගතවූ පසු එනම් මැයි මාසයේදී පමණ ඔයාමඩුව ගබඩා සංකීර්ණයේදී සෝදිසි කිරීම් වලට යටත්ව දේශීය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලක්‌ කල් පසුවී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පටන් ගත්තේය. ඒ වනවිට ගොවීන් ළඟ පැවති දේශීය වී අඩුමිළ ගණන්වලට පෞද්ගලික වෙළෙඳුන්ට විකුණා හමාරය. ව්‍යාපෘතිය මුළුමණින්ම අසාර්ථක විය.

යහපාලන රජයේ විෂය භාර ඇමතිවරුන් අවබෝධයක්‌ නැතිකම නිසා හෝ වුවමනාවක්‌ නැතිකම නිසා දේශීය වී වගා ව්‍යාපෘතිය මුළුමණින් පොළවට සමතලා වී ගියේය. රජරට පුරා පැතිරී ඇති වකුගඩු රෝගය නිවාරණය කිරීමේ සාධනීය පියවරක්‌ වශයෙන් දේශීය වී වගාව විශේෂයෙන් රජරට ගොවීන්ට හුරුපුරුදු කිරීම සඳහා පැවැති රජය මගින් ආරම්භ කළ දේශීය වී වගා ව්‍යාපාරය යහපාලනය රජය මගින් නොසලකා හැරීම නිසා යළිත් වකුගඩු රෝගය රජරට පුරාවට පුරුදු පරිදි පිළිකාවක්‌ සේ ඔඩු දුවන්නට පටන්ගෙන ඇත. යළිත්a බටහිර ඖෂධ මාපියාවට සහ රුධිර කාන්දුකරණ යන්ත්‍ර අලෙවියට මග පෑදී ඇත. මෙයද අහඹු සිදුවීමක්‌ නොවේ. වකුගඩු රෝගය නිවාරණය කිරීම සඳහා ආරම්භ කළ දේශීය වී වගා ව්‍යාපාරය දියාරු කර දැමීමට අදෘශ්‍යමාන හස්‌තයක්‌ පසුබිමේ සිට සෙලවෙන්නට ඇතිබව තතු දත් අය කියති.

වකුගඩු රෝගය නිට්‌ටාවට සුවකරමින් සිටි දේශීය වෙදකම මුලින්ම පෙරළා දැම්මේය. ඊළඟට වකුගඩු රෝග නිවාරණයට ආරම්භ කළ දේශීය වී වගාව අතර මග කඩාකප්පල්කර දැම්මේය. බටහිර ඖෂධ මාµsයාව මූලාශ්‍රය කරගෙන මේ සියලු හොල්මන් රජකරන බව තතුදත් අය කියති. මෙය අප දකින්නේ ජාතියේ ෙ€දවාචකයක්‌ හැටියටයි.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වන වකුගඩු රෝග පර්යේෂක වෛද්‍ය චන්න ජයසුමන මහතා – මේ ජාති ෙද්‍රdaහී ක්‍රියාවලින් තමන් කම්පාවට පත්වූ බව අවධාරණය කරයි.

දැන් වකුගඩු රෝගය විතරක්‌ නෙමෙයි. පිළිකා රෝගයත් ව්‍යාප්ත වෙලා. 2014 වසරේදී පමණක්‌ පිළිකා රෝගීන් 1116 ක්‌ හඳුනා ගත් බව අනුරාධපුර රෝහලේ පිළිකා රෝග වාට්‌ටු භාර විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කරනවා. මීටත් අමතරව දැන් අනුරාධපුරයේ තරුණ පරපුරට දියවැඩියාවත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. අධික දියවැඩියාව නිසා සමහර රෝහල් ගත තරුණයන්ගේ කකුල් කපලා. පාලකයන්ට මේ සිදුවෙමින් පවතින මනුෂ්‍ය වින්නැහිය නොපෙනෙන්නෙ ඇයි? අනුරාධපුරයට අද අවශ්‍ය ඡන්දෙ නෙමෙයි. මිනිස්‌ ජීවිත මේ රෝග වලින් බේරාගැනීමේ කඩිනම් ක්‍රමවේදයක්‌. ඇමැතිවරු බෝනික්‌කො වගෙ පාවෙනවා. රජරට ජනතාව වකුගඩු රෝග නිසා ඇතිවන මරණ බයින් දිවා රෑ පීඩා විඳිනවා. පසුගිය කාලෙ රජරටට කඩා වැදිල තිබූ ත්‍රස්‌ත උවදුරට වඩා මේ වකුගඩු – පිළිකා උවදුරු මාරාන්තිකයි.

ලිච්ඡවි රාජ්‍ය සමය දැන් දැන් අපේ පාලකයන්ට සිහිපත්වී ඇත. ලිච්චවි රාජ්‍ය සමයේදී විශාලා මහනුවර එක්‌ යුගයක පැවැති තත්ත්වයක්‌ අපේ සාහිත්‍යයේ විස්‌තර වන්නේ මෙසේය.

දොරදොර මිණී බෙර
ගෙයි ගෙයි හබය බියකර
පිල පිල අදින මර
දුගී ගිලනුන් ගෙන් නැතව සර”

වකුගඩු – පිළිකා – දියවැඩියා රෝග නිසා අද නැතත්
හෙට දවසේ රජරටට මේ තත්ත්වය උදාවිය හැකිය.

එප්පාවල – රත්න බී. ඒකනායක
Source : Divaina