පණ ගිය හයිබ්‍රිඩ් බැටරියට මොනවා කරන්නද?

0
280

If the dead battery is the smaller of the two, the vehicle will still drive. If, however, the problem is with the main hybrid battery, you’ll need to take your hybrid to a certified repair shop so the technicians can make recommendations on repairing or replacing the main battery.

ප්‍රංශ ජාතික නව නිපැයුම් ශිල්පීන් දෙපළක් වූ ලුවිස් – රේනේ පැන්හාඩ් සහ එමිලී ලැවසර් විසින් 1894 දී පළමුවරට වාහන සඳහා මැනුවල් සම්ප්‍රේෂණය හඳුන්වාදීමත් සමග රථ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රය විශාල පරිවර්තනයකට ලක්වූයේය. ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද මැනුවල් සම්ප්‍රේෂණ ප්‍රථමවරට යොදාගත්තේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වූ රෙනෝල්ට් සමාගමේ වාහන සඳහාය.

පසුව රථ වාහන ක්ෂේත්‍රයේ ලැබූ ශිඝ්‍ර දියුණුවත් සමග පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා 20 වන සියවස මැද භාගයේ දී ස්වයංක්‍රීයව ධාවනය (Automatic Transmission) වන කාරයක් නිපදවන්නේය. එමගින් වාහන පාවිච්චි කරන්නන්ට මැනුවල් වාහනයකින් ලැබුණාට වඩා සුවපහසුවක් ලබාදීමට වාහන නිෂ්පාදකයින් කටයුතු කර තිබුණි.

2000න් පසුව එළඹි කාලවකවානුවේ දී රථ වාහන තාක්ෂණය එහි හිනිපෙත්තටම පැමිණ තිබේ. වාහනවල කාර්යක්ෂමතාවය ඉහළ නංවනු වස් දෙමුහුන් වාහන නැතිනම් Hybrid Cars ලොවට හඳුන්වා දුන්නේද මේ කාලයේදීය. මෙම වාහනවල පෙන්නුම් කරන ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවය සහ සුව පහසුව නිසා ලෝකයේ බොහෝදෙනා දැන් දැන් දෙමුහුන් වාහන මිලදී ගැනීමට පෙලඹ සිටිති.

ලෝකයේ ඕනෑම තැනක වාහන පාවිච්චි කරන්නෙකුට ඇති ලොකුම ගැටලුව දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිලයි. එම නිසා වාහනයක් ගැනීමට සිතන සෑම අයෙක්ම පළමුව සොයා බලන්නේ අඩු ඉන්ධන පිරිවැයකින් වැඩි කාර්යක්ෂමතාවක් ඇති වාහනය කුමක්ද යන්නයි. මේ ගැන අවධානය යොමු කළ වාහන නිෂ්පාදන සමාගම් අඩු ඉන්ධන පිරිවැයකින් වැඩි කාර්යක්ෂමතාවක් ලබා දිය හැකි වාහන නිෂ්පාදනය පිළිබඳව අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන සහ බැටරියෙන් ධාවනය කළ හැකි දෙමුහුන් හෙවත් හයිබ්‍රීඩ් වාහන ලොවට හඳුන්වා දෙනු ලැබීය. නිෂ්පාදන සමාගම් වාහනවලින් නිකුත් වන කාබන්-ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කිරීමද මෙම දෙමුහුන් වාහන හඳුන්වා දීමේ මූලික අරමුණක් ලෙස පෙන්වා දෙයි.

මෙම හයිබ්‍රීඩ් වාහන ධාවනයේ දී ඉන්ධන භාවිතයෙන් ගමන් කොට යම් නිශ්චිත මොහොතක දී බැටරියේ බලයෙන් ධාවනයට මාරුවීම සිදුවේ. මේ සඳහා යොදා ගන්නා බැටරිය හයිබ්‍රීඩ් බැටරිය ලෙස හැඳින්වේ. මෙම බැටරිය Nickel Metal hybrid'(NiMH) ලෙස හැඳින්වෙන අතර එහි උපරිම ආයු කාලය වසර 05 කාලයකට සීමා වෙයි. මෙම බැටරි නිපදවීමට ගන්නා මූලිකම අමුද්‍රව්‍යය ලෙස ‘Potassium hydroxide'(KOH) භාවිතා කරන අතර ඒවා බැර ලෝහ ගණයට ගැනේ. එසේම ඒවා පරිසරයට එකතුවීමෙන් ජල දූෂණය සිදු වීමටත්, සමෙහි ස්පර්ශ වීමෙන් සමේ රෝග ඇතිවීමේ අවදානමක් ද පවතී.

මෙම හයිබ්‍රීඩ් බැටරියේ කාලය ඉකුත් වූ පසුව ඒවා නැවත භාරගෙන ප්‍රතිචක්‍රීකරණය සිදුකරන සමාගම් ලොව දියුණු රටවල තිබුණද ශ්‍රී ලංකාවේ එවැනි ස්ථානයක් හෝ සමාගමක් සොයා ගැනීමට නොහැකි තරම් ය. එම නිසා මෙම බැටරිවල කාලය අවසන් වූ පසුව බොහෝ දුරට සිදුවන්නේ ඒවා E – Waste ලෙස ඉවත ලීමයි. එමගින් සිදුවන්නේ ඉහත සඳහන් කළ පරිදිම පරිසර හානියකි.

ලංකාවේ නම් හයිබ්‍රීඩ් බැටරියේ ආයු කාලය අවසන් වූ පසුව නැවත බැටරියක් දැමීම සඳහා රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් වියදම් කිරීමට සිදුවේ. මේ හේතුව නිසා බහුතරයක් හයිබ්‍රීඩ් රථ හිමිකරුවන් සිදුකරන්නේ බැටරියේ ආයු කාලය අවසන් වූ පසුව එය නැවත ස්ථාපනය කිරීමක් සිදු නොකර ඉන්ධන භාවිතයෙන් රථය ධාවනයට පෙලඹීමයි. එමගින් අදාළ රථයේ ආයු කාලය ද ඔවුන් විසින් දිනෙන් දින අඩු කරගැනීම සිදුකරති.