ලංකා ඉතිහාසයේ සීමාවන් පුළුල් කරන ‍පොළොන්නරු පුරාවිද්‍යා කැණීම්

0
1893

Polonnaruwa-Sri-Lanka2පොළොන්නරුව කී සැණින් අපේ මතකයට නැගෙනුයේ වටදාගෙය, ගල් විහාරය වැනි ආගමික සිද්ධස්ථාන හා පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය වැනි මහා වාරි කර්මාන්තයන්ගෙන් හැඩවූ ඓතිහාසික නගරයකි. ඒ අප දැක පුරුදු ‍පොළොන්නරුවේ ස්වභාවයයි.

එහෙත් සංචාරකයන් ලෙස එහි යන අපගේ නෙතට හසු නොවනා තවත් බොහෝ දෑ ‍පොළොන්නරුවේ සැඟව පවතී. පරිපාලන නගරයෙන් බැහැරව සාමාන්‍ය ජනයා දිවි ගෙවූ ප්‍රත්‍යන්ත ගම්මාන, දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳාම සිදුවූ ආකාරය, අනුරාධපුර රාජධානිය සමග වූ සබැඳියාව වැනි කරුණු මේ මහා නගරයේ සැඟව පවතී. ඉතිහාසයට ප්‍රශ්නාර්ථයක් එකතු කරනා මේ තොරතුරු නිරාවරණය කරගැනීම ලාංකීය වංශකථාවේ හිස්තැන් පිරවීමට බොහෝ සේ උපකාරී වේ.
මේ ඓතිහාසික රාජධානියේ සැඟව ඇති අතීත උරුමයන් පුරාවිද්‍යා නියමයන්ට අනුව විද්‍යාත්මකව ගවේෂණය කිරීම කාලීන අවශ්‍යතාවක් වන්නේ එබැවිනි. එකී අවශ්‍යතාවය සපුරාලමින් ඉතිහාසයේ පළමුවැනි වතාවට ‍පොළොන්නරුව කේන්ද්‍ර කර කිලෝමීටර් 50ක වපසරියක් ආවරණය වන පරිදි මහා පුරාවිද්‍යා ගවේෂණයක් සිදුකිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම්ව ඇත. මේ මහා ගවේෂණය පිළිබඳ මධ්‍යම සංස්කෘතික අරමුද‍ලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය ලියැවේ.
කි.පූ. 4 වැනි සියවස තරම් ඈත කාලයේ පණ්ඩුකාභය රජු විසින් අරඹන ලද අනුරාධපුරය ලංකාවේ පළමු රාජධානියයි. ක්‍රි.පූ. 437 සිට දශක 7ක් පමණ රාජ්‍ය විචාල පණ්ඩුකාභය රජු එහි පළමු රාජ්‍ය පාලකයා විය. පස්වෙනි මිහිඳු රජුගේ පාලන සමයේ චෝල ආක්‍රමණ නිසා අනුරාධපුර රාජ්‍ය බිඳ වැටීම ආරම්භ වූ අතර කිතු වසින් නවවැනි සියවස එළඹෙන විට අනුරාධපුරය මුළුමනින්ම පාහේ විනාශයට ගොස් තිබුණි.
රුහුණු රට සිට සේනා සංවිධානය කළ කිත්ති කුමරා විසින් චෝල ආක්‍රමණිකයන් පරදා රට එක්සේසත් කරන ලද අතර ඔහු සිය රාජධානිය ලෙස තෝරාගත්තේ අනුරාධපුරය නොව ‍පොළොන්නරුවයි. සිරිලක දෙවන රාජධානිය බවට ‍පොළොන්නරුව පත්වනුයේ ඒ අනුවය.
එහෙත් ‍පොළොන්නරුව ලාංකික ඉතිහාසයට එක්වූයේ එහි සිරිලක 2වන රාජධානිය එහි පිහිටුවීමට පවා පෙර සිට බව ඉතිහාසය සාක්ෂි සපයයි. හත්වන සියවස අගභාගයේ  වෙනි අග්බෝ රජු අනුරාධපුරය අතහැර ‍පොළොන්නරුවේ තාවකාලිකව නතර වූ බව අ.ඹ්. බ්‍රෝහියර් සිය ඉජ්ජ්ව්ට් ඛිජ්කඹ්ව් කෘතියේද සඳහන් කර ඇත. එකළ ‍පොළොන්නරුව ‘කඳවුරු නුවර’ ලෙස හැඳින්වූ බවද බ්‍රෝහියර් සිය කෘතියේ සඳහන් කරයි. අනුරාධපුරය රාජ්‍ය පැවති සමයේ ‍පොළොන්නරුව සමග සබඳතා පැවති බවට ඓතිහාසික සාක්ෂිද බොහෝය. අනුරාධපුරයේ රජකළ මහසෙන් රජු මින්නේරිය කවුඩුල්ල වැනි ජලාශ ‍පොළොන්නරුවේ ඉදිකරන ලද්දේ ක්‍රි.ව. 3 වැනි සියවසේදීය. වසභ රජු ඇළහැර ඇළ ඉදිකළේ ක්‍රි.ව. 1 වැනි සියවසේදීය. මේ අනුරපුර රාජධානිය ‍පොළොන්නරුව සමග සබඳතා පැවැත්වූ බවට සරල උදාහරණ දෙකකි. එමෙන්ම මෙවැනි මහා වාරි කර්මාන්ත ඉදිකිරීම නිසා ‍පොළොන්නරුව යනු අනුරාධපුර රාජධානිය පැවති සමයේද ජනාකීර්ණ නුවරක්ව පැවැති බව අපට බැහැර කළ නොහැක.
එහෙත් වර්තමාන ‍පොළොන්නරුවේ අපට දැකගැනීමට ඇත්තේ කිත්ති කුමරා 1 වැනි විජයබාහු ලෙස ‍පොළොන්නරු රාජධානිය පිහිටවූ පසු ඉදිකළ ගොඩනැගිලි සහ පසුකාලීනව නිශ්ශංකමල්ල සහ මහාපරාක්‍රමබාහු වැනි රජවරුන්ගේ සමයන්හි කරවන ලද ගොඩනැගිලි, විහාරාරාම ආදියේ නටබුන්ය. මේ සියල්ල රජමාලිගා, ප්‍රභූ වාසස්ථාන සහ සිද්ධස්ථානවලට අයත්වන අතර රාජධානිය මෙකී මැදුරු ප්‍රාසාද සහ විහාරාරාම මැදිකර පිහිටවා තිබූ බව උපකල්පනය කළ හැක.
එහෙත් මෙවැනි දැවැන්ත ෙශෙලමය නිර්මාණ බිහි කළ මින්නේරිය, කවුඩුල්ල වැනි වාරි කර්මාන්ත ඇසුරෙන් ගොවිතැන් කළ සාමාන්‍ය ජනයාගේ වාසස්ථාන පිළිබඳ හෝ ඔවුන්ගේ අභිචාර විධි පිළිබඳ කිසිදු සටහනක් වර්තමාන ‍පොළොන්නරුවේ නටබුන් අතර දැකගැනීමට නැත. ‍පොළොන්නරුවේ සාමාන්‍ය ජනයාගේ දිවි පැවැත්ම කෙසේවී දැයි සොයාබැලීම මෙන්ම අනුරපුර යුගයේ සහ ප්‍රාග් ඓතිහාසික යුගවල ‍පොළොන්නරුවේ තොරතුරු සොයා බැලීම ඓතිහාසික අභියෝගයක් බවට පත්වෙන්නේ ඒ අනුවය.
ඉතිහාසය අභියෝගයක් ලෙස බාරගන්නා පුරාවිද්‍යාඥයන් මෙවැනි ගැටලු විසඳා ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඒ පිළිබඳ අපට සොයා ගතහැකි ආසන්නතම නිදසුන අනුරාධපුර ඇතුල් නුවර පිළිබඳ සිදුකෙරුණ පුරාවිද්‍යාත්මක ගවේෂණයයි. බ්‍රිතාන්‍යයේ ඩරම් විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වියතුන් විසින් සිදුකළ එම පර්යේෂණය මගින් අනුරාධපුර රාජධානියේ ජනජීවිතය පිළිබඳ අප්‍රකට තොරතුරු රැසක් නිරාවරණය කරන්නට සමත් විය.
‍පොළොන්නරුව රාජධානිය සම්බන්ධ අප්‍රකට තොරතුරු සොයා දැවැන්ත පුරාවිද්‍යාත්මක ගවේෂණයක් ඇරඹෙන්නේද අනුරාධපුර ඇතුල් නුවර පිළිබඳ පර්යේෂණ සිදුකෙරූ අයුරින්මය.