චණ්‌ඩ හිරු රැසින් උතුරු කරයේ යාපනය ගිනියම්ව තිබුණි. කාතිකේසු සැන්ඩ්පොට්‌වරයාගේ නිවසේ නැවතී සිටි විඡේදාස, කිසිදු නිනව්වක් නොමැතිව තමුන්ගේ දෑතට ලැබෙන ඕනෑම කුලී වැඩක් කරන්නට වුවේය. එසේ දිනක් වැඩ කර ලබා ගන්නා රුපියල් 35 කින් රුපියල් 25 ක් දෙන්නෙ කාතිකේසුගේ නිවෙස ජීවත් වන අයටය. ඒ තමන් එතැන නැවතී සිටින නිසාවෙනි. තමන්ගේ මවුපියන් ඇතු`ඵ සොයුරු සොයුරියන් බලන්නට සිත දුන්නත් විඡේදාසට එයට මහත් බියක් දැනෙන්නට වුවේය. එනිසා වසර 58 පුරාවටම තම සෙන්ටර්කෑම්ප් හෙවත් මධ්‍යම කඳවුර නිවසට එන්නට බස් රථයක් හෝ නිසි තැනක් නොදැනීම නිසා හෙතෙම තල් අරඹට වී සුසම් ලන්නට විය.
ඒ 1961 වසරය. අම්පාර මධ්‍යම කඳවුර සියඹලා වැව 09/20 නිවසේ සිටි බී. එම්. විඡේදාස එකල මධ්‍යම කඳවුර භාරව සිටි සෞඛ්‍ය බලධරයා වන කාතිකේසු සමගින් පිටත්ව යන්නේ තමන්ගේ මවුපියන් ඇතු`ඵ සොයුරු සොයුරියන් නිවසේ සිටියදීය. ගොවිතැනින් දිවි සරි කරගත් බබානිස් සහ කේ. ජී. සපුමලි යුවළ දරුවෝ දස දෙනකුගේ දයාබර මවුපිය යුවළකි. ඒ අතරින් විඡේදාස හතරවැනියාය.
එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරයාට කවුරුත් ඇමතුවේ සැන්ටිපෝට් මහත්තයා ලෙසින්ය. ඔහු පදිංචි මධ්‍යම කඳවුර නිවසට ගිsය විඡේදාස වසර කිහිපයක් එම නිවසේ පසුවිය වුහ. ඒ අතර වාරයේ පියා සහ සහෝදර සහෝදරියන් කිහිපදෙනෙක් සැන්ටිපෝට්‌වරයාගේ නිවසට ගොස් විටින් විට ඔහු බලා එන්නට වුහ. යාපනය සිය ගම් ප්‍රදේශයට මාරුවක් ලැබු කාතිකේසු, විඡේදාසද සමගින් එහි යන්නට වුවේ විඡේදාසට ඇලුම් කළ නිසාවෙනි. එම නිවසේ සිටි විඡේදාස තමන්ගේ අතට හසුවන වැඩක් කරමින් ඔවුනට මනා සහයක් දක්‌වන්නට වුවේය. ටික කලකින් විඡේදාස නැවතත් කුරුණුගලට එන්නේ කාතිකේසුට නැවතත් ස්‌ථාන මාරුවක් කුරුණෑගලට ලැබීම නිසාවෙනි.
1972 දී වසරේදී ඔහුගේ පියා වන බබානිස් මියගියද කාතිකේසු සැන්ටිපෝට් මහතාට දැනුම් දෙනු ලැබුවද ඔහු පියාගේ මරණයවත් බැලීමට විඡේට අවකාශයක් ලබා නොදී තැපැලෙන් රුපියල් 50 ක් එවන්නට වුවේය. නැවතත් යාපනයට මාරුවක් ලැබීම නිසා කාතිකේසු සමගින් විඡේ නම් කොලු ගැටයාද නැවත යාපනයට යන්නට විය.
විඡේදාස කුඩා කල සිටියදී ඔවුන් ඉතා හොඳින් සැලකුවද එන්න එන්න සැලකිල්ලේ අඩුවක් තිබු අතරවාරයේ කාතිකේසු නම් ඔහුගේ රැකවලා සිය දියණියන් දෙදෙනාගෙන් එක් අයෙකු සමග විදේශගත වන්නට වුහ. මෙම නිවසේ සිටියදී දිනකට රුපියල් 35 කූලියට මෙම විඡේදාස නම් සිංහල තරුණයා ගිනිs කාෂ්ටක අව්වේ දෑතේ කරගැට පිපිරි ලේ යන තෙක් තමන්ගේ අතට හසුවන කුළි වැඩක් කරන්නට වුවේය. එයින්ද රුපියල් 25 ක් පමණ මෙම නිවෙසියන්ට ලබා දෙන්නේ ඔවුන්ගෙන් තමන් ආහාර පාන ගන්නා නිසාවෙනි.
ත්‍රස්‌තවාදී කලබල සමයේ සිංහල අයෙකු නිවසේ තබා ගැනීම අනතුරුදායක නිසාදෝ විඡේදාසට එන්න එන්නම කාතිකේසුගේ නිවසේ සිටීමට අපහසු විය. තමන් නැවතී සිටින මෙම නිවසට කුලී වැඩක් කර මුදල් ලබා දුන්නද ඇතැම්විට කෑමට ලැබෙන්නේ වේල් කිහිපයක කෑමවලින් ඉතිරි වුණ දේය. ඒවා ඇතැම්විට කෑමට තබා මුවට ළං කිරීමටත් නොහැකිය. මේ ආකාරයෙන් තමන් මෙසේ ස්‌වාමි දියණියගෙන් එන්න එන්නම තාඩන පීඩන එල්ලවන්නට විය. ඒ සෑම මොහොතකම අම්පාෙaර සිටින තම මවු පියන් බලා යන්නට සිත් දුන්නද බාලාංශයට පමණක් පාසල් ගොස් ඇති නිසා ඔහුට සිංහල සහ දෙමළ අකුරු කිසිවක් කියවීමට නොහැක. එම නිසා බස් රියකට නැගි කොහේවත් යැමට ඔහු මහා බියක් දැක්‌වුවේය.
දිනක් සැන්ඩිපෝට් කාතිකේසුගේ බිරිඳ ඔහුට බැණ වදිමින් සෙරෙප්පුවෙන්ද පහර දෙන්ට වුවාය. එම නිසා විඡේ මහත් දුකට සහ ශෝකයට පත්වන්නට වුවේය. අසරණවු හෙතෙම කුඩා කල සිටම තමන් දන්නා පිරිස අත හැර දමා යාපනේ නගරයේ ඔබ මොබ ඉබාගාතේ ඇවිදිමින් සිටින්නට වුවේය. මෙම අවස්‌ථාවේ තමන් හඳුනන දෙමළ මිතුරෙකු එවර විඡේදාසගේ පිහිටට පැමිණියේය. එම ස්‌ථානයේ නැවතී සිටි හෙතෙම මිතුරා සමග ඔහුගේ නිවසේ වාසය කරමින් ඔහුට කළ හැකි උදව්වක් කරමින් සිටින්නට වුවේය. තවත් සිංහල මිතුරෙකු සිටියත් ඔහුද කවුරුන් හෝ මරා දමා තිබීම නිසා ඔහුද සිටියේ දැඩි බියෙනි.
වරෙක දෑකැත්ත ගෙන ගොයම් කපන ඔහු විටෙක කර සීරි ලේ එනතුරා ගිනිs කාෂ්ඨක අව්වේ තල් ලී කැබලි අදින්නේය. එය ඉතා අපහසු දෙයක් වුවද මුදල් ලැබෙන නිසා කුමන හෝ රුකියාවක නිරතවීම හැර ඔහුට වෙන විකල්පයක් නොවීය. ඔහුට පිහිට වු මිතුරා ගසකින් බිමට ඇද වැටීම නිසා එක්‌තැන් වු කල නැවතත් විඡේගේ ජීවිතයට කණ කොකා හඬුවේය. මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහතාගේ නිවසේ පිහිටද ඔහුට නොමැත. එම නිසා ඔහුව මුලතිව් මාන්කුලම්හි මල්ලාවි ප්‍රදේශයේ නිවෙසකට භාර දෙන්නේ මෙම අය හොඳින් බලා ගන්න, කිසි කරදරයක් කරන්න එපා පව්. අසරණ අයෙක්. එහෙම නැති වුණොත් මෙම යුද්ධය නිසා මෙයාවත් එල්ටීටීඊ එකෙන් මරාලා දායි යනුවෙන් පවසා මීට වසර 31 කට පෙරදීය. එම නිවෙසේ හිමිකරුවන්ටද මහා දේපොළක් නොමැත. නමුත හදවත මානව දයාවෙන් පිරී ඉතිරී ගොස් තිබුණි. එම නිසා එම පවුලේ රැකවරණය විඡේට ලැබෙද්දී නොබෝ දිනකින් විඡේදාස පවුලේ සාමාජිකයෙක් ලෙසින්ම කටයුතු කරන්නට වුවේය.
එම පවුලේ ආර්ථීක කටයුතුවලට නිරන්තරයෙන් ඔහු ශක්‌තියක් වන අතරම එම නිවෙසියෝද උතුරුකරයේ අතරමන්ව සිටි මෙම සිංහල තරුණයාට ඉතා හොඳින් සංග්‍රහ කරන්නට වුහ. කුරිරු යුධ ගිනිදැල් ඇවිළී රටම ගිනිs ජාලාවක් කරමින් තිබේ. මෙවන් මොහොතක විඡේට කොටි ත්‍රස්aතවාදීන්ගෙන් හානියක් සිදුවෙතැයි සිතු නිවෙසියෝ විඡේදාසට මුත්තයියා යෑයි දෙමළ නමකින් ආමන්ත්‍රණය කරන්නට වුහ. එම නිවෙසේ ඒ වන විට පිරිමි දරුවෝ දෙදෙනෙක් සහ ගැහැනු දරුවෝ තිදෙනෙක් වුහ. මෙම නිවසේ මවද මිය යැම නිසා මෙම දරුවන්ගේ පියාත් සමගින් මුත්තයියා පවුලේ දරුවන් වෙනුවෙන් මහත් මෙහෙයක් කරන්නට වුවේය.
පසු කාලෙයේ මෙම දරුවන්ගේ මව මිය ගිය අතර මුත්තයියාගේ දැඩි රැකවරණය නිසා මෙම දරුවන්ට මවගේ වියෝව අඩුව යම් තරමකින් හෝ මග හරවා ගන්නට හැකිවිනි.
මේ පැත්තේ හැමෝම ප්‍රභාකරන්ට කීවේ ප්‍රභාකරන් මහත්තයා කියලා. එයාට ගොඩක් දෙනෙක් කැමැත්තෙන් හිටියේ. අපි යුද්ධය කාලේa මහා බයකින් තමයි ජීවත් වුණේ. කොටින් ඇවිල්ලා අවුරුදු 10, 12, 15 වයසේ දරුවෝ ගෙවල්වලින් බලයෙන් අරගෙන යනවා. එහෙම දුන්නේ නැත්නම් ගෙදර අය මරලා දානවා. මම හිටිය ගෙදර ලොකු පුතාත් කොටින් අරන් බලයෙන් පුහුණු කර කොටි සංවිධානයට බඳවා ගත්තා. අන්තිමේදී පුතා යුද්ධයට හසු වෙලා මැරුණා.
හිටපු ගමන් කොටි ඇවිල්ලා කියනවා. ඔන්න අද හමුදාවෙන් ගහනවා. මේ පැත්තෙන් අයින් වෙලා ඉක්‌මනට යන්න කියලා. එතකොට අතට අසු වන දෙයක් අරගෙන කොහේ හරි කැලේකට යනවා. හැන්දා වෙද්දී කොටි ඇවිත් කියනවා එළියට බහින්න එපා ඉක්‌මනින් නිදා ගන්න කියලා. එතකොට අපිට ඊට වඩා දෙයක් කරන්න බැහැ. අපි කරන්නේ ගොඩක් වෙලාවට කලින්ම නිදාගන්නා එක. උඩින් බෝම්බ ගහද්දී අපි ලොකු වළවල් හාරගෙන බංකර හදලා ඒවාට වෙලා දවස් ගණන් ඉන්නවා. ඇතැම් විට කන්න දෙයක් නැහැ. කඩල ටිකක් තම්බගෙන කනවා. සමහර වෙලාවට ඔහේ අහුවෙන දෙයක් කටේ දමාගන්නවා. එහෙම නැති ගොඩක් වෙලාවට දින ගණනක් අපි වතුරු බිබී තමයි බංකර් ඇතුළට වෙලා ජීවත් වුණේ. සමහර වෙලාවට සති මාස ගණන් අපිට ගෙවල්වල ඉන්න බැරි වුණ අවස්‌ථාත් තිබුණා. කොහොම වුණත් සිංහල මාව කොටින්ට මරන්න නොදී මාව බේරගත්තා. පස්‌සේ යුද්දෙ ඉවර වන සමයේ අපිව හමුදාවෙන් සහන කඳවුරුවලට රැගෙන ගොස් පහසුකම් ලබා දුන්නා. 2010 වසරේදී අපිට නැවතත් මල්ලාවිවලම පදිංචි වෙන්න අවස්‌ථාව දුන්නා. පුදුම දුකක් තමයි යුද්ධ කාලේ වින්දේ. පස්‌සෙ හමුදාවෙන් අපිට හොඳට සැලකුවා. මට ලැබිච්ච අලුත්ම සරම් 10 ක් තවමත් තියෙනවා. ගෙදර. යනුවෙන් සිය අත්දැකීම අපට පවසා සිටින්නට වුයේ විඡේදාස හෙවත් මුත්තයියාය.
මෙම නිවෙසියෝ මොහුට රු 250 ක් මාසිකව ලබා ගන්නට පිං පඩියක්‌ද සකස් කර දී ඇත. එය ලබා ගෙන ඔහු නගරයට ගොස් කොණ්‌ඩය සහ රැවුළ කපාගෙන නැවතත් කිලෝ මීටර් දහයක පමණ දුරක්‌ම පයින් ඇවිද නිවසට එන්නේ බස් රථවලට ගොඩ වීමට ඇති බිය නිසාය. මම සිංහල, දෙමළ අකුරු මොනවත් දන්නේ නැහැ. ඒක නිසා බස් ගොඩක් ටවුමේ නතර කරලා තියෙද්දී මම ඒවාට නැග්ගම මාව නතර කරන්නේ නැතිව අරන් යයි කියලා ලොකු බයක් දැනෙනවා. එම නිසා මම පයින්ම ගෙදර යනවා. ඔහු සිය අව්‍යජ හඬින් පවසා සිටින්නට වුවේය.
සෙන්ටර් කැම්ප් හෙවත් මධ්‍යම කඳවුර ප්‍රදේශයේ මව ඇතු`ඵ සොයුරු පිරිසද හිතාගෙන හිටියේ යුද කලබල නිසා සිංහල අයෙක් බැවින් විඡේදාසට කරදරයක් සිදුව ඇත කියාය. ඔහුගේ මව වන සපුමලි, අනේ විඡේදාස දැන් කොහේ ඉන්නවා ඇද්ද? මේ වෙද්දී මොනවා කරනවාද දන්නේ නැහැ. අනේ දෙවියනේ මගේ අහිංසක දරුවාට මොන කරදරයක් වෙලාද කොහොම හරි මගේ කොල්ලා බේරලා දෙන්න යනුවෙන් නිතර දෙවේලේ දෙවියන්ට කන්නලව් කරන්නට වූවාය. ඈ අන්තිම වතාවේ මිය යන්නට මොහොතකට පෙර මෙම අතුරුදන් වූ තම පුතා ගැන පවසන්න වූයේ මහත් සංවේගයෙනි.
මුත්තයියා සිටි මල්ලාවි නිවසේ දියණියක් වන සිරින්ජරි සුන්දරලිංගම්ට මඩකලපුව විශ්ව විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරීමට ද අවස්‌ථාව ලැබෙන්නේ මේ කාලයේය. එම සමයේ ඇයත් සමග මෙම විශ්වවිද්‍යාලයේ නාට්‍ය සහ රංග කලාව විෂය හැදෑරීම සඳහා මධ්‍යම කඳවුර 11 කොළණිය ප්‍රදේශයේ තරුණියක් පැමිණෙන්නීය. දිනක් සිරින්ජරි මම මේ නිවාඩුවට ගෙදර එන්නේ නැහැ. සෙන්ටර් කෑම්ප්වල මගේ යා`ඵවෙක්‌ගේ ගෙදර යනවා යෑයි පවසා සිටිද්දී මෙය ඇසූ මුත්තයියාට එක වරම තමා කුඩා කල සිටියේ සෙන්ටර් කැම්ප් බව මතක් වන්නට වුවේය. මම හිටියේ එහේ තමයි. තාත්තාගේ නම බබා. අම්මා සපුමලි. අයියා ප්‍රේමදාස. ලොකු අක්‌කා ගුණවති. මල්ලි නන්දපාල මම 09 කොළණියේ හිටියේ යෑයි තමන්ට මතක ඇති නම් ටික පමණක් පවසන්නට වුවේය.
මේ තොරතුරු සිය මිතුරියට පැවසු පසු ඇයගේ පියා සෙන්ටර් කෑම්ප් හි 11 කොළණියේ සිට 09 කොළණියට පැමිණෙන්නේa මුත්තයියාගේ වගතුග සෙවීමටය.
අපිට අදහාගන්න බැරි වුණා අපේ අයියා ඉන්නවා කීවාම. පස්‌සේ අපි 11 කොළණියේ විශ්වවිද්‍යාලයේ ඉන්න ඒ දුවගේ ගෙදර ගියා. පස්‌සේ එයාලා ඊමේල් කරලා අපේ අයියාගේ පොටෝ දෙකක් ගෙන්නගෙන අපට පෙන්නුවා. බලද්දී ඒ අපේ අයියා. පස්‌සේ අපේ පොටෝත් අරගෙන අයියට බලන්න ඊමේල් කළා. පස්‌සේ අයියට දුරකථනයෙන් කථා කරන්න අවස්‌ථාව ලබා දුන්නා අපට අදහාගන්නවත් බැහැ අපේ අයියා ජීවත් වෙලා ඉන්නවාය කියන එක යනුවෙන් බී. එම්. පියරත්න මහතා සිය සොහොයුරා වසර 58 කින් පසුව හමු වූ මහා ප්‍රීතියෙන් යුතුව පවසා සිටින්නට වූවේය.
අපේ නැතිවුණ විඡේදාස අයියා ඉන්නවා කියලා කියද්දී මට අදහාගන්න බැරි වුනා. අයියා මෙහෙන් යද්දී මට අවුරුදු 07 යි. අපේ අම්මා නිතරම අයියා නැති දුකෙන් තමයි හිටියේ. දැන් අයියට වයස අවරුදු 68 යි. අපි දෙවන දා පවුලේ අයත් සමග මාන්කුලම් ගියා. අහල පහල අයත් ඇවිල්ලා පුදුම විදිහට අපිව පිළිගත්ත. අපේ අයියට ගමේ හැමෝම කැමැතියි. පස්‌සේ අපි දවසක්a එහේ ඉඳලයි ආවේ. ‘අපේ අයියාට දෙමළ නමක් දාලා මේ ආකාරයෙන් රැකබලා ගත්තට අපිs ඒ අයට ස්‌තුතිය පුද කරන්න ඕන. නැතිනම් අපේ අයියට මොනවා වෙයිද කියලා හිතා ගන්නත්a බැහැ.
දැන් මට වයසයි. ඉස්‌සර වගේ අව් කාෂ්ටකේ බැහැලා වැඩ කරන්නත් බැහැ. එම නිසා කාටවත් නැදැයෙකුට කරදරයක් නැතිව ජීවත්වෙන්න ආණ්‌ඩුවෙන් හෝ කවුරු හරි උදව් කරනවා නම් ලොකු පිනක්. මට මගේ හැඳුනුපම්පත හදාගන්න ඕන. උප්පැන්න සහතික එහෙමත් නැති නිසා මට ඒකටත් උදව් කරන්න යනුවෙන් වසර 58 ක් සිය මවු පිය සහෝදරයන්ගෙන් වෙන්ව ජීවත් වූ විඡේදාස හෙවත් මුත්තයියා සිය නෑදැ පිරිවර හමු වූ මහා ප්‍රීතිය භුක්‌ති විඳින අතරම ඉරිදා දිවයිනට පවසන්නට වුවේය.
සුසන්ත අමරබන්දු
Source: Divaina Online Edition