කොටදෙණියාවේ සේයා සදෙව්මිණි කුරිරු ලෙස මරා දමා අවසන්ය. ඒ ඝාතනය තවමත් අභිරහසකි. ජනතාවට ඉතිරිව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. සේයාගේ ඝාතකයා තවමත් සිටිනුයේ නිදැල්ලේය.
ආසන්නම කාලය තුළ මෙරට සමාජය ඉදිරියට පැමිණි කතාව වන්නේ නිදි යහනේ සිටි සේයා සිඟිත්තිය පැහැරගෙන ගොස් කුරිරු ලෙස වධ දී මරා දැමීමය. එහෙත් අතීතයට ගොස් බැලීමේදී එවන් ම්ලේච්ජ සිදුවීම් ගණනාවක් අපේ මතකයේ ඇත.
යාපනයේ විද්‍යා දියණියට අත්වූයේ ද මෙවන් ඉරණමකි. ඇයද කාමතුර දඩබල්ලන් පිරිසකගේ ග්‍රහණයට හසුව හපයක් වී මිලිනව ගියාය. එදා විද්‍යා මරා දැමුණු දා උතුරේ ජනතාව වීදි බැස ඝාතකයන් අත නොහරිනු යෑයි කියමින් හඬ නගන්නට වූහ. ඉන් නොනැවතී ප්‍රකෝපකාරී වූ පිරිස් විද්‍යා ගැන කියමින් යාපනය අධිකරණයටද පහර දුන්හ.
එදා මෙන්ම අද සේයාගේ ඝාතනය හමුවේ ද කොටදෙණියාව සහ දිවුලපිටිය ඇතුළු ප්‍රදේශවල ජනතාව පාරට පැමිණ සිටිති. ඒ සේයා මරා දැමූ ඝාතකයා හෝ ඝාතකයන් වහා අත්අඩංගුවට ගන්නැයි පොලිසියට බල කරමිනි.
මේ සටහන තැබූ ඉකුත් බ්‍රහස්‌පතින්දා ඒ අයුරින්a කොටදෙණියාව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙක් හෘදයාබාධයක් වැළඳී මිය ගිය බවක්‌ද වාර්තා විය. රටේ විවිධ තැන්වලද ඒ අන්දමින් සේයා වෙනුවෙන් උද්ඝෝෂණ පැවැත්වින.
මෙසේ මතුවන ජනතා හඬ ඉදිරියේ පොලිසියද බරපතළ ගැටලුවකට මුහුණ දී සිටින්නේය. සේයාගේ ඝාතකයා පිළිබඳ කිසිදු හෝඩුවාවක් නැත. ඒ තිරිසනා අල්ලා ගැනීම පොලිසිය ඉදිරියට පැමිණි ඇති ප්‍රබල අභියෝගයක් බවට පත්ව ඇත.
සේයා වෙනුවෙන් මෙසේ පාරට පැමිණෙන මිනිසුන්ගේ එකම හඬ බවට අද පත්ව ඇත්තේ ඝාතකයා අල්ලා ඌට මරණීය දණ්‌ඩනය ලබා දිය යුතුය යන්නය. දැනට මෙරට නීති පොතේ තිබුණද “මළ” දඬුවමක් වී ඇති එල්ලුම් ගහට වහා පණදිය යුතු බව ඔවුහු එකහඬින් කියති.
සේයාගේ සිද්ධිය අවස්‌ථාවේ එහි ගිය නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා කියා සිටියේද දැනට මෙරට නැති එහෙත් අරාබියේ ඇති ශරියා නීතිය ගෙනවිත් හෝ මෙවන් පාපතරයන් විනාශ කළ යුතුය යන්නය. එය සත්‍යය. එසේ විය යුතුය.
එදා විද්‍යාගේ සිද්ධිය අවස්‌ථාවේදී උතුරේ ජනතාවද ඒ කතාවම කියන්නට වූහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේද ඝාතකයන්ට මරණ දඬුවම දිය යුතු බවය.
ඔවුන් මෙසේ අපරාධකාරයා මරා දැමිය යුතු යෑයි කියමින් හඬ නගන්නට වූයේ කුමක් නිසාද? ඊට බලපෑ ප්‍රබලම සාධකය වූයේ යාපනයේ විද්‍යා දියණියව මෙන්ම කොටදෙණියාවේ සේයා සිඟිත්තියවද විනාශ කිරීමෙන් පසු ඝාතනය කිරීමය.
යම් ලෙසකින් මේ දියණියන් දෙදෙනා විනාශ කළ කාලකණ්‌ණින් ඔවුන් ඝාතනය නොකළේ නම් එදා යාපනයේත් මෙදා කොටදෙණියාවේත් ජනතාව මෙසේ ආවේගශීලීව අපරාධකරුවා මරා දමනුයි කියමින් වීදි නොබසින්නට බොහෝ දුරට ඉඩ තිබිණ. එසේ වූයේ නම් සිදු වන්නේ තවත් ස්‌ත්‍රී දූෂණ දෙකක් අධිකරණය හමුවට ඉදිරිපත් වීමය.
ඒ නඩු විභාග කෙරෙනු ඇත. එහෙත් දූෂකයා මරා දමපන් යෑයි කියා මිනිසුන් පාරට එන්නේ නැත. අප එසේ කියන්නේ පාපතරයකු විසින් බලහත්කාරයෙන් ආත්මය විනාශ කළ ඒ නිසාම මැරි මැරී ජීවත් වන සේයලා සහ විද්‍යාලා අද ඕනෑතරම් මෙරට සමාජයේ සිටින නිසාය. ඊට එක් උදාහරණයක් කොටදෙණියාවේ සේයා සදෙව්මිණිගේ සිද්ධියත් සමග යළි කරළියට ආ අයුරුද අපට දකින්නට ලැබිණ.
එසේම අද දවසේ පුවත්පතක් බැලුවහොත් ඒ අන්දමින් විනාශ වී ගිය මල් කැකුළු වන් දරුවන්ගේ කතා අවම තරමින් එකක් හෝ නැති දවසක් නැත. එහිදී ස්‌ත්‍රී පුරුෂ බේදයක්‌ද දකින්නට නොලැබෙන්නේය. දරුවන් සහ දැරියන් වශයෙන් දෙකොටසම ලොකු පොඩි බේදයකින් තොරව කාමතුරයන්ගේ ගොදුරු බවට පත් වෙමින් සිටින්නේය. එය දිනෙන් දිනම වර්ධනය වෙමින් තිබෙන තත්ත්වයකි.
ඇතැම්විට මෙකී කාමාතුර කාලකණ්‌ණින් සිටිනුයේ දරුවා ජීවත් වන නිවසේමය. එසේ නැතහොත් ඒ අපරාධය කරනුයේ අසල්වැසියාය, ගුරුවරයාය. ළඟම ඥතීන් අතින් දරුවන් එසේ විනාශ වූ අවස්‌ථා ද බොහෝය. නිවසේ වැඩට එන පෙදරේරුවා, පාන් විකුණන්නා ඇතුළු අනෙකුත් අවශේෂ චරිතද එසේ දරුවන් බිලි ගන්නා ප්‍රවනතාවක් අද රට තුළ නිර්මාණය වී ඇත.
මේ අනුව බලන කල දඬුවම ලෙස මරණය ගෙන ඒමම වත්මන් සමාජයේ පවතින මෙකී කාම ව්‍යාධියට පිළිතුර විය හැකිද. රටක නීතියක් මෙන්ම දඬුවමක් ක්‍රියාත්මක වීම සිදු විය යුතුය. එහි කතා දෙකක් නැත.
නමුත් ඒ සමගම විකෘති කාමාශාවන්ගෙන් පෙළෙමින් දරුවන් ස්‌ත්‍රීන් දූෂණය කරන මානසික රෝගීන් සමාජය තුළ දිනෙන් දින වර්ධනය වෙමින් මතුවීමට කුමක් හේතු වී තිබෙන්නේදැයි කියා අප සොයා බැලිය යුතුය. පවතින ගැටලුවට විසඳුම ලැබෙනුයේ එසේ ඵලයට හේතුව කුමක්‌දැයි විමසා බැලීමෙන්ය.
ශ්‍රී ලංකාව යනු උදේ, සවස සහ රාත්‍රී ලෙසින් තුන් වරුවටම බණ ඇසෙන රටකි. මෙකී කාල සීමාවන්හිදී ගුවන් විදුලිය හෝ රූපවාහිනිය ක්‍රියාත්මක කළහොත් මහපිරිත, ධජග්ගය, කරණීයමෙත්ත සූත්‍රය, ජය පිරිත, රතන සූත්‍රය ආදී ලෙසින් වූ මිනිස් සිත සනහාලන අනේකවිධ සූත්‍ර දේශනා අසන්නට ලැබේ.
එසේ නම් ශ්‍රී ලාංකීය සමාජය තුළ මෙවන් කාම විකෘතියක් ඉස්‌මතු වූයේ කෙසේද? දරුවන්, තරුණියන් පමණක් නොව වයෝවෘධ මාතාවන්ගේ සිට ගැබිනියන් දක්‌වා දූෂණය කරන සහ එසේ කර ඇතැම් විට ඝාතනය කරන නරුම ප්‍රවනතාවක් ඇති වී තිබෙන්නේ කුමක් නිසාද?
ඊට ප්‍රබලම හේතුව වී තිබෙන්නේ අද පාසල් යන දරුවාගේ සිට මහල්ලා දක්‌වා සියල්ලන්ටම ජංගම දුරකථනයක් හරහා ඉතා පහසුවෙන් ළඟා විය හැකි අන්තර්ජාල කාම ගින්නය. ඉකුත් වසරේ ලොව වැඩිම අවස්‌ථාවක් අන්තර්ජාලය තුළ “සෙක්‌ස්” යන්න සොයා බලා ඇත්තේ ශ්‍රී ලාංකිකයන් බව ගූගල් සමාගම පසුගිය දිනවල ප්‍රකාශ කර තිබිණි.
අපේ “සෙක්‌ස්” සෙවිල්ලේ තරම ඉන් වටහා ගත හැකිය. මෙසේ අන්තර් ජාලයේ ඇති සෙක්‌ස් යනු මොනවාද? එහි වැඩි වශයෙන්ම ඇත්තේ විකෘති කාම හැසිරීම්ය. ස්‌මාර්ට් ජංගම දුරකථනයකින් හෝ පරිගණකයක් තුළින් අන්තර් ජාලයට පිවිස (ඞඞඞ) ටයිප් කිරීමෙන්ම ඕනෑම අයකුට ඒ විකෘතීන් වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාවද ඇත. (අපි එය කළයුතු ආකාරය නොකියන්නෙමු)
මෙසේ අන්තර්ජාලයේ සෙක්‌ස් යන්න සොයා බැලීමේදී අද දක්‌නට ලැබෙන ලක්‍ෂ ගණනාවක් වූ වෙබ් අඩවි තුළින් ඇතැම් ඒවායේ දර්ශනය වනුයේ මව සහ පුතු සංසර්ගයේ යෙදෙන අවස්‌ථාය. නැතහොත් පියා සහ දියණිය සංසර්ගයේ යෙදෙන දසුන්ය. සොයුරා සහ සොයුරිය සහවාසයේ යෙදෙන අවස්‌ථා, මිත්තණිය සහ මුණුබුරා සිටින දර්ශන, සීයා සහ මිණිබිරිය යහන්ගත වන අන්දම, බෙහෙත් ශාලාවට ගොස් වෛද්‍යවරයා සමග ලිංගිකව එක්‌වන අවස්‌ථා සහ ගුරුවරිය සහ සිසුවා මෙන්ම ගුරුවරයා සිසුවිය පොළඹවාගෙන සංසර්ගයේ යෙදෙන අන්දම ආදී ලෙසින් එකී වෙබ් අඩවි තුළින් පෙනෙන දර්ශන වර්ගීකරණය කර ඇත.
එසේම තවත් විශේෂිත කාමුක දර්ශනද ඒවායෙහි තිබෙන්නේය. කුඩා දරුවන් හැඩි දැඩි මිනිසුන් විසින් දූෂණය කරන අන්දම, තරුණියන් දූෂණය කරන ආකාරය, අනෙකා දම්වැල්වලින් ගැටගසා පහර දෙමින් සංසර්ගයේ යෙදෙන දර්ශන, සමූහ දූෂණයන් සිදු කරන ආකාරය, කන්‍යාවියන් සමග පළමු සංසර්ගයේ යෙදෙන රුධිරය වෑහෙන දසුන්, කාන්තාවන් මෙන්ම පිරිමින් සම ලංගික සේවනයේ යෙදෙන අවස්‌ථා සහ එකම කාන්තාවක් කාම ෙනුවක සේ පිරිමින් කිහිප දෙනකු සමග සංසර්ගයේ යෙදෙන අවස්‌ථා ආදිය ඒ අතරින් ප්‍රධානය.
මේ අතර විකෘති ඉරියව් සහිතව ගැහැණුන් පිරිමින් සහ ඇතැම් කාන්තාවන් බල්ලන්, අශ්වයන් වැනි සතුන් සමග සංසර්ගයේ යෙදෙන අවස්‌ථා සහිත වීඩියෝ දර්ශනද මෙකී අන්තර් ජාල කාම වෙබ් අඩවිවල බහුලය.
මේ අන්දමින් අන්තර් ජාලයේ අද පවතින කාම වෙබ් අඩවි අතර ශ්‍රී ලාංකිකයන් දැන හෝ නොදැන පෙනී සිටින ලිංගික දර්ශනද විශාල ප්‍රමාණයක් ඇත. ඉන් බොහොමයක් ඒවා ශ්‍රී ලාංකික තරුණියන්ගේ නිරුවත පෙන්වන ඒවා වන අතර ඉන් වැඩි වශයෙන්ම තිබෙන්නේ පෙම්වතා සමග හෝටල් කාමරයකට යන පෙම්වතියන් යහන්ගත වන අවස්‌ථා සහ පාසල් සිසුවියන් සහ විශ්වවිද්‍යාල සිසුවියන් බවට සඳහන් නිරුවත් දර්ශන සහිත ඒවාය.
මීට දශක දෙකකට පමණ ඉහතදී නහඹු වියේ කුතුහලය සමග මෙන්ම ලිංගිකත්වය අත්දකින්නට සැරසෙමින් විවාහ වන වයසේ සිටි මෙරට තරුණ තරුණියන් මෙන්ම වයස සමග පවුලේ ලිංගික ක්‍රියාවන් තුළින් සහකාරිය ඈත් වූ පිරිමින් ඇතුළු සියලු පුද්ගලයන් අතට ලැබුණේ නිල් පත්තර සහ සඟරා විය. ඒවායෙහි නාට්‍යමය ආකාරයෙන් ගැහැනුන්ගේ පිරිමින්ගේ ලිංගික ක්‍රියා පිංතූරද සහිතව අමු අමුවේම සටහන් කර තිබිණ. නමුත් බලන පුද්ගලයා තුළ යම් මානසික විකෘතිතාවක් ඇති කිරීමට තරම් ඒවා ප්‍රබල නොවීය. එනිසාම ඒවා කියවූවන් “පුංචි ආතල්” එකක් ගත්තා මිස මනස අවුල් කරගෙන පිස්‌සන් වූයේ ද නැත.
එසේ වුවද නිල් පත්තර අලෙවි කිරීම එකල නීතියෙන් තහනම් විය. විවිධ නගරවල සිටි එවන් අලෙවිකරුවන් එය සිදු කරනු ලැබුවේ කසිප්පු විකුණන්නාක් මෙන් ඉතා විමසිලිමත්වය. එදා එසේ නිල් පත්තරය තහනම් වුවද අද අන්තර් ජාලය ඔස්‌සේ ළඟා වන කාම ගින්නට වැට බඳින්නට අපේ බලධාරින්ට නොහැකි වී ඇත.
එසේ වී තිබෙන්නේ නොහැකියාව නිසාද නැතහොත් වුවමනාවක් නොමැති නිසාද යන්න වෙනම කාරණයකි. එහෙත් මේ කාම ගින්නෙන් මොළ නරක් කරගෙන පිස්‌සන් වන්නේ බාල, මහලු, තරුණ ආදී ලෙසින් වන මෙරට සමාජයේ විවිධ ස්‌ථරයන් නියෝජනය කරන අපේ උන් බව මෙහිදී අමතක නොකළ යුතුය.
මන්ද වර්තමානයේ සේයා සදෙව්මිණිලා, විද්‍යාලා අමානුෂික ලෙස දූෂණයට ලක්‌ව මරා දැමෙන්නේත් පාසලට යන දරු පැටියාගේ පටන් රටේ දරු පරපුරෙන් අති බහුතරය කොයි මොහොතක හෝ කාමයේ ගොදුරක් වීමේ අවදානමක පසු වන්නේත් සහ නිවසේ සිටින වයසක අත්තම්මාගේ සිට ශ්‍රී ලාංකීය ස්‌ත්‍රීත්වය හිටි හැටියේ ලිංගික ගොදුරු බවට පත්වන්නේත් මෙකී අන්තර් ජාල කාම ගින්නෙන් රත්වූවන් අතින් වන නිසාය.
මෙරට ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිව සිටි බුද්ධික බාලචන්ද්‍ර නම් පොලිස් නිලධාරියකු මීට තෙවසරකට පමණ ඉහතදී මෙකී අන්තර් ජාල කාම ව්‍යසනය හඳුනාගෙන වහා ඊට වැට බඳින ලෙස ජාතික විදුලි සංදේශ නියාමන කොමිසම වෙතින් ඉල්ලීමක් කළේය. එහෙත් එහිදී එකී රාජ්‍ය ආයතනයෙන් ඔහුට ලැබුණ පිළිතුර වූයේ එසේ කළ නොහැකි යෑයි යන්නය.
මෙහිදී බුද්ධික බාලචන්ද්‍ර මහතා ඉල්ලා සිටි එකම කරුණ වූයේ රටේ බාල මහලු තරුණ සියලු කොටස් අත ඇති ජංගම දුරකථන මගින් මෙකී කාම වෙබ් අඩවි වෙත පිවිසීමට තිබෙන පහසුකම් ආවරණය කරන ලෙස පමණි. විදුලි සංදේශ නියාමන කොමිසම නොහැකි යෑයි කීවේ එය කරන්නටය.
නමුත් එහිදී උත්සාහය අත් නොහළ බුද්ධික බාලචන්ද්‍ර මහතා අන්තර් ජාලයේම සැරිසරා “කන්ටෙන්ට් µsල්ටර්” නමැති උපකරණයක් මගින් වෙනත් රටවල් එසේ සිදු කරන බව සහ අපටත් එය කළ හැකි බව අනාවරණය කරගෙන අධිකරණයට කරුණු වාර්තා කරමින් අදාළ කුණුහරුප වෙබ් අඩවිවලට පිවිසීමට ඇති ඉඩ අහුරා දමන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමට නියෝග කරන්නැයි ඉල්ලා සිටීම විය.
අධිකරණය එහිදී එකී නියෝගය නිකුත් කළේය. ඒ අනුව සිංහල භාෂාවෙන් තිබූ කුණුහරුප වෙබ් අඩවි 1600 ක් පමණ අවහිර කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම කටයුතු කළේය. එහෙත් ඒ අතරේ තවත් දෙයක්‌ද සිදු විය. ඒ කාම වෙබ් අඩවිවලට එරෙහිව සිය විමර්ශනය කරගෙන ගිය බුද්ධික බාලචන්ද්‍ර මහතා හිටිහැටියේම ළමා හා කාන්තා කාර්යාංශයෙන් මාරු කර යෑවීමය.
මින් ගම්‍ය වන එක් කරුණක් ඇත. එනම් අවැසි නම් අපේ මිනිසුන් වෙතට අන්තර්ජාල කාම ගින්න ළඟා වන තත්ත්වය වලකාලිය හැකි බවය. වර්තමානයේ මැදපෙරදිග රටවල සේම ලොව බොහෝ රටවල ජංගම දුරකථන ඔස්‌සේ එසේ කාම වෙබ් අඩවි වෙත පිවිසීමට ඇති ඉඩකඩ අහුරා ඇත. ඔවුන්ට එසේ කළ හැකිනම් අපට එසේ නොහැකි වන්නේ කුමක් නිසාද?
විද්‍යාත්මක ලිංගිකත්වය යනු ක්‍රමයෙන් වැඩිවියට පත්වන දරුවා අවබෝධ කරගත යුතු වටිනා දැනුමකි. නමුත් මෙකී අන්තර් ජාල වෙබ් අඩවි තුළ ඇත්තේ විද්‍යාත්මක ලිංගිකත්වය නොව කාම විකෘතියන්ය. එවන් දේ වරක් දෙවරක් නරඹා යමෙකු ඊට ඇබ්බැහි වුවහොත් විකෘති ලිංගිකත්වය පදනම් කර ගත් මානසික ව්‍යාධියකින් පෙළෙන්නකු බවට ඔහු පත්වීම නිරායාශයෙන් සිදු වන්නේය.
මෙම තත්වයට වඩාත්ම ගොදුරු වන්නේ ලිංගික ක්‍රියාවලියක යෙදීමට අවස්‌ථාවක් නොමැති අවිවාහක තරුණ කොටස්, එසේම වියපත් වීම හමුවේ සිය විවාහක සහකරුගෙන් අවස්‌ථාවක් නොලැබෙන පිරිස් ආදීන් බව අද සමාජ විද්‍යාත්මකව තහවුරු වී තිබෙන්නකි.
පැහැදිලිවම කිවහොත් එහිදී බිහි වන්නේ කාමයෙන් වියරුව තම අරමුණ වෙනුවෙන් ගමන් කරන “නිහඬ ඝාතකයකු” විය හැකිය. නමුත් සෙසු සමාජයට ලෙහෙසියෙන් ඔහු හඳුනාගත නොහැක. හේ සමාජයේ ගැවසෙන්නේය. ඒ අතරේ මනසේ රැඳී ඇති අන්තර් ජාල කාම විකෘතිය තුළින් ඔහු ස්‌ත්‍රීත්වය දෙස බලන්නේය. එයට බාල, මහලු ආදී ලෙසින් බේදයක් නැත.
අවසානයේ තමන්ට ඉඩක් ලද පළමු අවස්‌ථාවේම හේ සිය ගොදුරට කඩා පනින්නේය. එහිදී ඝාතනය වුව තෝරා ගැනීමට ඔහු පසුබට නොවේ. ඒ විකෘති කාමය තුළින් හටගත් මානසික ව්‍යාධියේ තරමය. මෙහිදී පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවකු වුවහොත් තත්ත්වය වඩාත් දරුණු විය හැකිය.
අද දවසේ සේයා සදෙව්මිණිලා, විද්‍යාලා ලිංගික ගොදුරු බවට පත්ව අමානුෂික ලෙස ඝාතනය වන්නේ මෙවන් මානසික විකෘතීන් නිසාය. රටේ තරුණියන්, කාන්තාවන් පමණක් නොව නහඹු වයසේ සිටින කොලු පැටියාගේ පටන් කුඩා දරු දැරියන් දක්‌වා වූ සියලු දෙනා මෙන්ම අත්තම්මා සහ ගැබිනියද හිටි හැටියේ කාමාතුරයන්ගේ ගොදුරු වන්නේ මෙකී අන්තර් ජාල කාම විකෘතිය හමුවේය.
එසේ නම් අප රටක් වශයෙන් වහා කළ යුත්තේ දඬුවම මරණය කිරීමට පෙර සමාජය ඉදිරියේ ඇති රහසේම “නිහඬ ඝාතකයන්” බිහි කරන මෙකී ව්‍යසනයට පිළිතුරක් සොයා ගැනීම නොවේද?
සමන් ගමගේ
Source : Divaina