ජීවත්වන කිසිම මනුෂ්‍යයෙක් කිසි කලෙකත් අසන්නට හෝ දකින්නට ප්‍රාර්ථනා නොකරන මේ ලෝකයේ සිදුවිය හැකි තුච්ඡම අපරාධය තවමත් මේ සමාජය විසින් වින්දනය කරමින් හි`දී. කතා කරන්නට උවමනා ප්‍රමාණයටත් වඩා ඒ තිරිසන් සිදුවීම දැන් අප කතා කර තිබේ. ඒ ළදැරියගේ ව්‍යසනයට පත්කළ සිරුර දකින්න ඕනෑ ප්‍රමාණයටත් වඩා දැක තිබේ. එහෙත් මේ සිදුවීම වින්දනය කරනා රසිකයන් තවමත් තෘප්ත වී නැත. මේ රටේ මාධ්‍යය උන් තෘප්ත කිරීම ස`දහා කොන්දේසි රහිතව ඉදිරිපත් වී සිටිති. අහන දකින උන්ට කොටදෙනියාවට ගොස් පොඩි එකෙක් රේප් කර එන්නට තරම් ඒ මාධ්‍ය හැසිරීම සිත් ගන්නා සුළුය. මේ හැසිරීම්වල සමස්‌තය අපට අප ජීවත්වෙමින් සිටිනා සමාජය ගැන නිවැරදි වැටහීමක් ලබාදෙනු දැනේ.
සේයා ඝාතනය වූ මොහොතේ සිට ප්‍රකට වන සමාජ හැසිරීමෙහි යටිපෙළ අපට අප ගැන කියා දෙයි. අප අපටත් හොරෙන් අප තුළ වෙසෙන තිරිසනා තෘප්ත කරගැනීමට බලු පොරයක යෙදී ඇත. සේයාගේ මරණයත් සමග නීතිය තමන් අතට ගැනීමට බොහෝ පිරිස් උත්සුක වූහ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ සේයාගේ පියාට ද`ඩුවම් දීමය. මේ පිරිසේ මූලික අපේක්‌ෂාව වන බව පෙනුනේ සේයා දූෂණය කර මරා දැමීම ඇයගේ පියා විසින්ම සිදු කරනු ලැබ තිබෙනු දැකීමය. සිද්ධිය සුරාන්තයකින් කෙළවර වන්නේ එවිටය. එහෙත් ඒ අපේක්‌ෂා බි`දී ගියේය. ඒ ළදැරියගේ පියා මේ අපරාධයට හවුල් නැති බව තහවුරුවීම සමගිනි. මුල් අදියරේ සිද්ධිය සම්බන්ධව උපන් ජවය ඒ හෙළිදරව්වත් සමඟ අඩාල විය. මේ බිහිසුණු ආකල්ප නිසා තමන්ගේ දියණියගේ මිනියටවත් හරියට අතගසන්නට නොහැකිවූ ආකාරයත්, දියණියගේ මරණයෙන් පසු තමන් විනාශ කිරීමට අවට මිනිසුන් තම නිවස වට කළ ආකාරයත්, ජීවත්ව සිටිනා දරුවන් වෙනුවෙන් තමන් තවමත් නිවසින් පිටතට පැමිණ දුරකට නොයන ආකාරයත් සිය අත්දැකීම් විස්‌තර කරමින් සේයාගේ පියා මාධ්‍යයට කියා තිබුණේය.
සේයාගේ පියාගෙන් අනතුරුව ඝාතනයේ සැකය තිස් තුන් හැවිරිදි එක්‌දරු පියෙක් වෙත හා දාහත් හැවිරිදි පාසල් සිසුවෙක් වෙත ඉලක්‌ක විය. ඔවුන් මේ සටහන තබන මොහොතේත් පසුවන්නේ පොලිස් අත්අඩංගුවේය. මේ දෙදෙනාගෙන් දැනට දින ගණනක් ප්‍රශ්න කර තිබේ. අනතුරුව ඔවුන් ඩී.එන්.ඒ පරීක්‌ෂණයන්ට ලක් කර ඇත. එහෙත් අපරාධ පරීක්‌ෂණය පිළිබ`ද විශේෂඥයන් සහිත පොලිස් කණ්‌ඩායමට ඝාතනය පිළිබ`ද නිවැරදි තොරතුරක් සොයා ගන්නට හැකි වී නැත. දැන් අපේක්‌ෂා භංගත්වයට පත්ව සිටින්නේ පරීක්‌ෂණ මෙහෙයවන පොලිසිය නොව, මේ රටේ මාධ්‍ය ය. දැන් සේයාගේ මරණයේ අලෙවි දිගුව ස`දහා වෙනස් ප්‍රවේශයන් අවශ්‍යය. ඒ ස`දහා ඔවුන් තෝරා ගන්නේ තිස් තුන් හැවිරිදි සැකකාර විවාහකයා නොව, තවමත් බාල වයස්‌කාර පාසල් සිසුවෙක් වූ 17 හැවිරිදි තරුණයා ය. මේ මොහොත වනවිටත් මේ රටේ මාධ්‍යය ඒ පාසල් ශිෂ්‍යයා ළමා දූෂකයෙක් කොට එල්ලා මරා හමාරය. ඔවුන් ඒ තරුණයාගේ ලැප්ටොප් පරිගණකයේ තිබී හමුවන අසභ්‍ය යෑයි කියනා දර්ශන මේ මිනිමැරුමේ සාක්‌ෂියක් ලෙස ඉදිරිපත් කරන්නේය. එබැවින් එය රටේ මාධ්‍යවලට ප්‍රධාන සිරස්‌තල සපයන්නේය.
අන්තර්ජාලයෙන් බාගත කරගෙන හෝ නොගෙන කුණුහරුප ලිංගික දර්ශන බැලු උන් ස්‌ත්‍රී දූෂණ කර මිනී මරයි නම්, ළමා අපචාර කරයි නම් මේ රටේ උන්ගෙන් සියයට අනූවකටත් වඩා සිටිය යුත්තේ හිරගෙවල් වලය. මේවා ගැන පරීක්‌ෂණ කරන පොලිස් පැණවතුන්ගේත් මේ වග ලියන හෝ වාර්තා කරන ප්‍රබුද්ධයන්ගේ පරිගණකවල මතු නොව ජංගම දුරකථනවල රහස් කේතයන් යොදා ස`ගවනු ලැබ ඇති තිත්ත කුණු හරප කොපමණ ඇත්දැයි දන්නේ උන්ගේ හෘද සාක්‌ෂි පමණය. අපට පෙනෙන හැටියට මොවුන් මේ Ñකවර් කරගනු ලබන්නේ තම තමන්ගේ ලිංගික ම්ලේච්ඡත්වයේ Ñඇරියස්‌ය. මේ තිරශ්චීන වින්දනය කෙළවර වන්නේ කොතැනකින් දැයි අපට වැටහීමක් නැත. ගැඹුරින් සංවාදයට ලක්‌කළ යුතු අතිශය සංවේදී සමාජ මානුෂික කාරණා අප විසින් පොඩි පට්‌ටම් කර ඇති ආකාරය තැතිගැන්මක් ඇතිකරවයි.
පරීක්‌ෂණයක් සුපුරුදු රිද්මයෙන් කරගත නොහැකි වන විට, ඒ ප්‍රමාදයන්ට එරෙහි සමාජ බලපෑමක් එල්ලවන විට ඔල්මොරොන්දම් වී පිස්‌සු කෙළින පොලිසියේ යම් යම් ප්‍රකාශ අනුව මාධ්‍යය විසින් නාභිගත කර ඇති, මේ මොහොත වනවිටත් කල්පිත අපරාධකරුවෙක් වන මේ නොමේරූ තරුණයා විෂයෙහි සිදුවිය හැක්‌කේ දෙ ආකාරයක එළඹුමකි. එක්‌කෝ ඔහු මේ අපරාධය කළ අපරාධකරුවාය. නැත්නම් නිවැරදිකරුවාය.
මිනිසෙක් ලෙස දකින්නටවත් ප්‍රාර්ථනා නොකළ යුතු මේ අපරාධය ඔහු විසින් සිදුකර ඇත්නම් තවමත් පාසල් යන 17 වියවත් නොපිරූ මේ යෞවනයා එවන් තිරිසනෙක් බවට පත් කිරීම සම්බන්ධව මුලින්ම වගකිව යුත්තේ ඔහු සමාජානුයෝජනය කළ සමාජය ය. මෙපමණ කාලයක් පුරා මෙවන් තිරශ්චීන අපරාධ වින්දනය කර සාමාන්‍යකරණය කිරීමට සමාජයට උගන්වනු ලබන වගකීම් රහිත මාධ්‍යය හැසිරීමය. රටේ සදාචාර සමාජයට බෝම්බ ගසා කුඩු පට්‌ටම් කළ දේශපාලන නරුමකමය. එසේනම් මේ නොමේරූ තරුණයාට පෙර එල්ලා දැමිය යුත්තේ උන්ය.
බැරිවෙලා හෝ ඔහු මේ අපරාධයට වගකිව යුතු නැත්නම් මේ කාලකණ්‌ණින් විසින් සිදු කර ඇත්තේ ජාති ජාතිත් පල දෙන නින්දිත අපරාධයකි. ඒ අපරාධයේ තරම සේයා දියණිය දූෂණය කර ඝාතනය කිරීමටත් වඩා සාහසිකය. මක්‌නිසා ද යත් මුන් දැන් මේ තරුණ පාසල් සිසුවා පණපිටින්ම කෑලි කපා මස් කඩේ කොක්‌කේ එල්ලා හමාර බැවිනි. පොලිසියෙන් නිදහස්‌ව පැමිණි පසු මේ තරුණයාට තෝරා ගත හැකි පහසුම තේරීම සිය දිවි නසා ගැනීමය. ඔහුට යළි පාසල් ජීවිතයට එළඹිය හැකි නොවේ. සමාජ ජීවිතයේ සුපුරුදු රිද්මයට අනුගත විය හැකි නොවේ. යෞවනයේ ප්‍රේමණීය හැ`ගීම් බෙදා ගතහැකි සහෘදයන් සොයා ගත හැකි නොවේ. නිදොස් කොට නිවැරදි වුවත් ඔහු හා ඇසුර ප්‍රිය කරන සමාජයක් මේ කාලකණ්‌ණි රට තුළ හැදෙන්නේ නැති බවට වන අත්දැකීම මේ නොපිරුණු සමාජය ඇසුරු කිරීමෙන්ම අප තුළ වේ. ඔහුගේ මව අපට කියන්නේ මේ සිද්ධිය සිදුවූ දින රාත්‍රී 9 සිට ඔහු ඇයගේ නෙත් මානයේ සිටි බවය. මේ මොහොත වනවිට තිරිසනුන් දෙස බලන්නා සේ බලන සමාජයෙන් ඇය අත් වි`දින පීඩාව ඇය අපට කියන්නීය.
අප තේරුම්ගත යුත්තේ සමාජයක් ලෙස අපේ හැසිරීමේ විකෘතිය ගැනය. ඒ විකෘතිය අප තව තවත් ව්‍යසනයට පත් කරනා ආකාරය ගැනය. සේයා සදෙව්මි ඝාතනය විකෘතියක ප්‍රතිඵලයකි. පියවි සිහිය ඇති එකෙක් එවැනි තිරශ්චීන අපරාධ සිදුකරන්නේ නැත. ඒ විකෘතීන් සොයා යැම, අවශ්‍යනම් එවන් ව්‍යසනයන් සමාජයෙන් තුරන් කිරීම සිදුකළ යුත්තේ සමාජ අර්ථයකින් විනා අප තුළ ජීවත්වෙමින් සිටින තිරිසනාට ත්‍රිල් දීමට නොවේ. එහෙත් ඉතිහාසය පුරාම අප මෙවැනි සිදුවීම් වලින් පාඩම් ඉගෙන ගෙන නැත. සමාජ පුනරුත්ථාපන කටයුත්තක් ස`දහා ඒ අත්දැකීම් යොදාගෙන නැත. කනගාටුවෙන් වුවද කිවයුතු වන්නේ අප මේ අවස්‌ථා යොදාගෙන ඇත්තේ අප එකිනෙකාගේ ඒක පුද්ගල තිරිසන්කමේ නොපිරුණු තැන් තෘප්ත කරගැනීම ස`දහා බවය.
ජානක ලියනආරච්චි
Source : Divaina