අපේ රටේ විටින් විට ඇති වන ප්‍රවණතාවන් සමාජයේ බොහෝ දේවල් උඩුයටිකුරු කරන්නට සමත්ය. එවන් ඇතැම් සිද්ධීන් අපට වෙනස් කළ නොහැකි ස්‌වභාව ධර්මයේ නිගමනයන් නිසා ඇතිවන ප්‍රවණතාවන්ය. ඇතැම් ඒවා සමාජය තුළින්ම මතුවන සමාජයට ඔරොත්තු නොදෙන ප්‍රවණතාවන් වේ.
මෙසේ සමාජය තුළින්ම මතු වූ අපට ඔරොත්තු නොදෙන ප්‍රවණතාවයක් සම්බන්ධයෙන් මේ දිනවල මාධ්‍ය තුළත් සමාජය තුළත් දැඩි කතාබහට ලක්‌ව ඇත. මේ ප්‍රවණතාවයේ අලුත්ම අත්දැකීම වූයේ සේයා දැරිය හා ගල්වළේ “මාමා” ගෙන් මැරුම් කෑ කුඩා දරුවාය. මේ සිද්ධීන් දෙකම නීතියට අනුව නම් අපරාධයන්ය. මේ අපරාධ අපේ සමාජයට ඔරොත්තු නොදෙන්නෙ අපරාධ තුළ මතුව පෙනෙන ම්ලේච්ඡත්වය නිසාය.
අපට උරුම බෞද්ධ සංස්‌කෘතිය සහ සභ්‍යත්වය තුළ ලිංගිකත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කථා කරන්නේ නැත. අතීතයේදී මෙරටට පැමිණි සංචාරකයන්ට මෙරටේ ඕනෑම තැනක නිදහසේ ඇවිදින්නට හැකියාව තිබිණි. අපේ තරුණ තරුණියන්ටද බියෙන් සැකෙන් තොරව ගමන් බිමන් යැමට එදවස දවාලක් රැයක් බලපෑවේ නැත. එහෙත් දැන් මතුව ඇති ස්‌ත්‍රී දූෂණ හා ළමා අපචාර සිද්ධීන් නිසා අප සමාජය පමණක් නොව මෙරටට පැමිණෙන සංචාරකයන් තුළද තැති ගැන්මක් නිර්මාණය කර තිබේ.
සුප්‍රකට රුසියානු ගත්කරුවකු විසින් රචිත අපරාධය හා දඬුවම (CRAෂඵ Aභෘ Fෂභෂී පෑභඔ) කෘතිය අපි කියවා ඇත්තෙමු. අප රටේ පසුගිය මාස කීපය තුළ සිදුව ඇති අපරාධ මෙම කෘතියේ සඳහන් වන අපරාධවලටත් වඩා ම්ලේච්ඡත්වයෙන් ඉහළය. එයින් ගම්‍යවන ලෝකයේ රටවල සිදුවන කරුණු බොහොමයක් ඇත. එහෙත් අපගේ මෙම ලිපියෙන් ඒ පිළිබඳව කථා නොකරන්නේ එය වෙනම කතා කළයුතු කාරණාවක් නිසාය.
මම ඔස්‌ටේ්‍රලියාව හා ඉන්දියාව යන දෙරටේම ජීවිතයේ වැඩි කාලයක් ගත කළ අයෙක්‌මි. ඉන්දියාවේදී ස්‌ත්‍රී දූෂණ හා ළමා අපචාර පිළිබඳව අසන්නට ලැබේ. එසේ වූවද මේ දෙරටේදීම අසන්නට නොලැබුණ අපරාධ අපේ රටෙන් අසන්නට ලැබීම එක්‌තරා අන්දමකට අවාසනාවකි. පියෙකු විසින් තම දියණිය දූෂණය කිරීමත්, හැත්තෑ වියෑති මහල්ලකු වයස අවුරුදු දෙකක දියණියක් දූෂණය කිරීමත් හැටපස් හැවිරිදි කාන්තාවක් දහහත් හැවිරිදි තරුණයකු අතින් දූෂණයට ලක්‌වීමත් වැනි සිද්ධීන් විදේශ රටවලදී අපට අසන්නට නොලැබෙන්නේය.
අපේ රටේ සිදුවන ළමා අපචාර හා ස්‌ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ස්‌ත්‍රී දූෂණ හා ළමා අපචාර මීට පෙරද සිදුව ඇති නමුත් ඒවා මෙතරම් ම්ලේච්ඡ නොවූ බවය. යුරෝපය ඇමරිකාව, ඔස්‌ටේ්‍රලියාව වැනි රටවලද ළමා අපචාර සිදුව ඇත. නිතර නිතර එරටවලින් මෙවැනි සිද්ධීන් වාර්තා වන නිසා ඒ හා බැඳුණු චිත්‍රපටද නිෂ්පාදනය විය. විශේෂයෙන්ම මේ රටවල ළමා අපචාර සිද්ධීන්වලට බොහෝ විට චෝදනා ලබන්නේ පූජකවරුන් වීම කනගාටුවට කරුණකි.
මේ අපරාධ රැල්ලට එකතු වූ ම්ලේච්ඡත්වය නිසා රටේ ජනතාව දඬුවම ගැන කථා කළේ වීථි බැස ගනිමිනි. ඔවුන් ඉල්ලා සිටින්නේ අපරාධකරුවන් සඳහා එල්ලා මැරීම නොහොත් පෝරකය ක්‍රියාත්මක කළ යුතු බවය. පෝරකය යළි ක්‍රියාත්මක කිරීමෙන් මෙම ම්ලේච්ඡ අපරාධ මැඬ පැවැත්විය හැකිද යන්න අප විමසා බැලිය යුතුය. ලෝකයේ රටවල් මෙවැනි අපරාධ සම්බන්ධයෙන් විවිධාකාර දඬුවම් නියම කරන බව අපි දනිමු. ඇතැම් මැදපෙරදිග රටවල මෙවැනි අපරාධවල වැරදිකරුවන්ට දඬුවම් දුන් ෙ€දවාචකයන් විටින් විට අසන්නට ලැබේ. එවන් එක් අවස්‌ථාවක් පසුගියදා යේමනයෙන් වාර්තා විය. මෙවන් වරදකට අත්අඩංගුවට පත් ගපූර් නමැත්තෙකු ගල් ගසා මරණයට පත් කළේය. එහෙත් පසුව අනාවරණය වූයේ ඔහු නිර්දොaෂ පුද්ගලයකු බවය.
අපේ රටේද එක් අධිකරණයකින් නියම කරනු ලබන දඬුවම ඊට ඉහළ අධිකරණයන්හිදී වෙනස් කර ඇති තොරතුරු එමටය. විශේෂයෙන් මරණ දඬුවම නියමවූවන්ද මෙසේ සිය ගණනක් නිදහස් වී ඇත. එමෙන්ම මරණයකදී මිනීමැරුමට වරද පිළිගත් අයෙකුටද මරණ දඬුවම අයත් නොවේ. අනෙක් වැදගත් කාරණය වන්නේ අපේ රටේ පවතින නීති සම්ප්‍රදායන් අනුව මිනී මැරුම් නඩුවක් විභාග කර අවසන් තීන්දුව දෙන්නට අවම වශයෙන් වසර 10 කට වඩා කාලයක් ගත වීමයි. ඇතැම් විට මේ නිසා නොකළ වරදකට චෝදනා ලැබූ පුද්ගලයකු මේ දස වසර තුළ මැරි මැරී උපදින අතර නඩු විභාගය අවසානයේ ඔහු නිදහස් වන්නේය.
මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු කළ ප්‍රකාශයක් මෙහිදී සටහන් කිරීම වැදගත් යෑයි සිතමි. එය මෙසේය.
“එක් නිදොස් චූදිතයකු සාක්‍ෂි හෝ ඔහුට නඟන බොරු චෝදනා නිසා මා ඔහු පෝරකයට නියම කළේ නම් මාද මිනීමැරුමකට වරදකරුවෙකි” එම ප්‍රකාශයෙන් අප සිත් යොමු වන්නේ සේයාගේ ඝාතනය සම්බන්ධ පොලිස් අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයාය.
යුරෝපාකරයේ රටවල් කීපයක හා තවත් දියුණු රටවල ස්‌ත්‍රී දූෂණය සැලකෙන්නේ මිනී මැරුමටත් වඩා බරපතළ අපරාධයක් ලෙසය. ඇතැම් රටවල මිනී මැරුමට මෙන්ම ස්‌ත්‍රී දූෂණයටද වසර 20 බැගින් සිර දඬුවම් නියම වේ. මිනී මැරුමකට වරදකරුවන් වන අයට සිර මැදිරිය තුළ යහපත් කල්ක්‍රියාව හේතුවෙන් නියමිත දඬුවම ලිහිල් කර සමාවක් ලබාගත හැකිය. එහෙත් ස්‌ත්‍රී දූෂකයකුට එවන් සමාවක් ලබාගත නොහැක.
අපරාධ සම්බන්ධයෙන් අද අප අත්විඳින අනෙක් වැදගත් කාරණය වන්නේ ජනතාව නීතිය සියතට ගෙන ක්‍රියාකිරීමට පෙළඹීමය.
මෙම තත්ත්වයද සමාජයේ භයානක ප්‍රවණතාවකි. මෙමගින් එකිනෙකාගේ වෛර පිරිමසා ගැනීමට යැම සමාජ ඒකාග්‍රතාව දෙදරා යැමට හේතුවකි. 1988-89 වර්ෂවල අප රටේ වෙලාගෙන තිබූ භීෂණය තුළ සමාජයේ එක් කොටසක් නීතිය තමන් අතට ගෙන ක්‍රියා කිරීම නිසා අහිමිවූ ජීවිත ප්‍රමාණයද විශාලය. මේ ජීවිත අහිමිවූවන් පිළිබඳ තීන්දුව නාඳුනන තුවක්‌කුකරුවකුගේ වෙඩි පහරින් මියගොස් ඇත යන්නය.
විශේෂයෙන්ම මේ භීෂණය තුළ ස්‌ත්‍රී දූෂණ චෝදනාවන්ට ලක්‌ව නිදහස ලබා සිටි පුද්ගලයන් දෙදෙනකු හා දූෂණ ක්‍රියාවල යෙදුණු බවට චෝදනා ලැබ සිටි දේශපාලනඥයන් තිදෙනකුත් නාඳුනන තුවක්‌කුකරුවන්ගේ ගොදුරක් බවට පත්වූ ආකාරයද අපිට මතකය. එබඳු යුගයක් යළි ඇතිවීමට අප ඉඩ නොතැබිය යුතුය.