බණ්‌ඩාරනායක චින්තනය මැදුම් පිළිවෙත හා ජිනීවා – Bandaranayake thoughts medum piliwetha and geneva

0
730
sirimavo-bandaranayake

මැදුම් පිළිවෙත පිළිබඳ අද දේශපාලන ක්‌ෂේත්‍රය තුළ නිතර නිතර කතාබහට ලක්‌වන මාතෘකාවකි. මැදුම් පිළිවෙත පිළිබඳවත් එහි ඇති සාර්ථකත්වයත් පිළිබඳව ප්‍රායෝගිකව ලොවට ඔප්පු කරනු ලැබූයේ අපේ තථාගත සම්බුදු රජාණන් වහන්සේය.

දේශපාලන ක්‌ෂේත්‍රයේදී මැදුම් පිළිවෙත අනතුරුදායක බවක්‌ද ගන්නේය. ඒ බව යූ. ඒa. එස්‌. පෙරේරාගේ මේ කවියෙන් සනාථ වන්නේය. එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු ලියූ මේ කවිය දේශපාලන මැදුම් පිළිවෙතේ අනතුරක්‌ පෙන්නුම් කරන්නේය.

“මැදුම් පිළිවෙත
නැමැති ලොව පිළිගත්තු
මහ මන්ත්‍රය මතුරා
උපන් රට හා ජාතියේ බර
රැගත් තාලෙක හිසට පවරා
කටින් පිටකල අයෝමය ගුලි
ඉනෙන් ඇදගත් අවිය පුපුරා
වඳින්නට ගිය දෙවොල හිස මත
කඩා වැටුණා නොවෙද දෙදරා”

බණ්‌ඩාරනායක මහතා අනුගමනය කළ දේශීය දේශපාලන “ප්‍රජාතන්ත්‍රවාදය” නැතහොත් මැදුම් පිළිවෙත එතුමාට මරු කැඳවා ඇති බවක්‌ මෙම කවිය විග්‍රහ කිරීමෙන් පැහැදිලිsය.

එමෙන්ම බටහිර චින්තකයකු වරක්‌ පවසා ඇත්තේ “ලෝකයේ වෙනස්‌ නොවන එකම දෙය වෙනස්‌ වීම” යන්නය. අප මෙම කාරණයද බුදු දහමින් ඉගෙන ගෙන ඇත්තෙමු.

මැදුම් පිළිවෙත පදනම් කර ගනිමින් ඇති වූ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය අද ප්‍රබල ලෙස කතාබහට ලක්‌ නොවූවද ඒ නොබැඳි පිළිවෙත වෙන කවරදාටත් වඩා අද ලෝකයට දැනෙන්නට පටන් ගෙන තිබේ. යුරෝපයේ දෙවන ලෝක යුද්ධය අවසන් වූයේ 1945 මැයි මාසයේදීය. එතැන් පටන් ගත වූ දශක හත තුළ නාගසාකි හා හිරෝෂිමාවෙන් ඇරඹී පසුගිය සතියේ ඇµaගනිස්‌ථානය හා සිරියාව දක්‌වා පැතිරුණු යුද්ධවලින් අවසන් වූ ජීවිත සංඛ්‍යාව පළමු හා දෙවන ලෝක සංග්‍රාමයන්හිදී නැති වූ මිනිස්‌ ජීවිත සංඛ්‍යාව මෙන් කීප ගුණයකි.

මීට දශක 4 කට පෙර බලගතු ඇමරිකානු නව යටත් විජිතවාදය පරදා වියට්‌නාම් ජනතාව ජය අත්පත් කර ගත් අවස්‌ථාවේ තුන්වන ලෝකයේ සෑම රටක්‌ම ඒ ජය ගැනීමේ සතුට භුක්‌ති වින්දේය. නව දිල්aලියේ දිනපතා පළවන “ප්‍රේටි්‍රයට්‌” පුවත්පතේ වියට්‌නාමය පිළිබඳ විශේෂ අතිරේකයක්‌ පළවිය. අරුණ අෂාක්‌ අලි නම් වූ ලේඛකයකු එම අතිරේකයට ලියන ලද ලිපියක සඳහන් වූ කරුණක්‌ මෙසේ සටහන් කරන්නේ ඔබේ අතීත මතකය අවදි කරන්නටය.

“වියට්‌නාමයේ මේ ජයග්‍රහණයට ඉන්දියාවේ ජනතාවගෙන් ලැබුණු සහයෝගයද අති විශාලය. යාබද ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය ගැනද විශේෂයෙන් සඳහන් කළ යුතුය. ප්‍රංශයේ යුද ගුවන් යානා 1956 දක්‌වා දිනපතා යාත්‍රා කළේ ලංකාවේ කොළඹට උතුරින් පිහිටි ගුවන් තොටුපළෙන් ඉන්ධන ලබාගෙනය. 1956 දක්‌වා මේ ගුවන්තොටුපළ හා ත්‍රිකුණාමල වරායද පාලනය කළේ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ය. එහෙත් 1956 බලයට පත් බණ්‌ඩාරනායක රජය මේ ස්‌ථාන ආපසු සිය රජය යටතට පත්කර ගැනීමෙන් පසු ප්‍රංශ ගුවන් යානාවලට වියට්‌නාමය කරා යාත්‍රා කිරීමට අපහසු විය.

එතැන් පටන් යුද්ධයේ බර ඇමරිකාවට තනිව උසුලන්නට සිදුවිය.

ඉහත ප්‍රකාශයෙන් තහවුරු වන්නේ එකල මැදුම් පිළිවෙතට තිබූ බලයයි. මේ සිද්ධියෙන් පසු නොබැඳි ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට අධිරාජ්‍යවාදීන් දැරූ උත්සාහයන් එමටය.

1975 දී නොබැඳි ව්‍යාපාරය කඩාකප්පල් කිsරීමට ඉන්දියාවේ තමන්ට නතු ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට ඇමරිකාව කටයුතු කළේය. බ්‍රිතාන්‍ය ද ඊට සහය දැක්‌වීය. මොවුන් මීට වඩා උනන්දු වූයේ 1976 දී ශ්‍රී ලංකාවේ නොබැඳි ජාතීන්ගේ සමුළුව ඉතා සාර්ථකව පැවැත්වීමෙන් පසුවයි. මේ සමුළුවෙන් මාස කීපයකට පසු නිව්යෝර්ක්‌ නගරයේ පළවන සඟරාවක මෙසේ සඳහන් විය.

“බණ්‌ඩාරනායක අගමැතිනියගේ ජනප්‍රියත්වය නොබැඳි සමුළුවෙන් පසු වැඩිවී ඇති බව පෙනේ. දකුණු පළාතේ පැවැති අතුරු මැතිවරණයේදී ඇගේ පක්‍ෂයේ අපේක්‍ෂකයා පහසු ජයක්‌ ලබා ගැනීම ඊට එක්‌ සාධකයකි.”

මෙවැනි වාර්තා පළවීමත් සමග 1977 මාර්තු වන විට තත්ත්වය බොහෝ දුරට වෙනස්‌ කර ගැනීමට කුමන්ත්‍රණකරුවන් සමත් විය. ඉන්දියාවේ කොංග්‍රස්‌ පක්‍ෂය පරාජයට පත් වූයේ ඉන්දිරා ගාන්ධිට අසුනද අහිමි කරමින්ය. ඉන්දියානු කොංග්‍රස්‌ පරාජය ලංකාවේ දක්‍ෂිණාංශික කඳවුරට බලාපොරොත්තු නොවූ ආශිර්වාදයක්‌ විය. ලංකාවේ රජය පෙරළීමේ ප්‍රචාරක අවිය වූයේද ඉන්දියාවේ පරාජයයි. එදා ඉන්දියානු කොංග්‍රස්‌ පක්‍ෂයේ ඡන්ද සලකුණ වූයේ එළදෙන සහ වස්‌සාය. මෙය සමච්චලයට ලක්‌ කරමින් ලංකාවේ රාජ්‍ය විරෝධීන්ද ඊට අර්ථකථන දෙන්නට පටන් ගෙන තිබුණි. එකල “දිනපතා” නමින් පළවූ කුඩා පුවත්පතක පළවූ වැකියක මෙසේද සඳහන් විය.

“ඉන්දියාවේ එළදෙන හා වස්‌සා පරාජය විය. ලංකාවේද එළදෙන හා වස්‌සා පරාජය වනු නිසැකය.” ඉන්දිරා ගාන්ධි හා ඇගේ පුත් සංජය ගාන්ධි පරාජය වීමත් ලංකාවේ සිරිමාවෝ හා අනුර බණ්‌ඩාරනායක පරාජය වීම ඇඟවීමටත් එම වැකිය යොදාගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ 1977 පැවැති මැතිවරණයෙන් පසු ඉන්දියාවේ මදුරාසියේ පළ කෙරෙන ASෂඨෑ නමැති සඟරාවේ ලංකා මැතිවරණය ගැන මෙසේ සඳහන් විය.

ලංකාවේ හිටපු ඇමැතිවරයකු වූ එස්‌. කේ. කේ. සූරියආරච්චි මහතා උපුටා දක්‌වමින් මෙම සඟරාවේ පළ වූ වාර්තාව මෙසේය.

“ඉන්දියාවේ කොංග්‍රස්‌ පක්‍ෂයේ පරාජය ශ්‍රී ලංකාවේ පරාජයට තදින් බලපෑවේය. ඉන්දියානු මැතිවරණ පරාජය නිසා ලංකාවේ පාවෙන ඡන්ද විශාල ප්‍රමාණයක්‌ද පක්‍ෂයේ ඡන්ද විශාල ප්‍රමාණයක්‌ද බණ්‌ඩාරනායක මැතිනියට අහිමි විය. ආර්ථික අපහසුතා නිසා ඡන්දයෙන් පරාජය වීමට ඉඩ තිබුණද එජාපයට තුනෙන් දෙකේ බලයක්‌ හිමි නොවේ. “මෙම විග්‍රහයේදී සූරියආරච්චි මහතා එම සඟරාවට ඡන්ද ප්‍රතිඵල ලේඛනයක්‌ද ඉදිරිපත් කර තිබුණි.

එය එසේ වුවද ඉතා කෙටි කාලයකදී ඉන්දියානු ජාතිකත්වය තරයේ වැළඳ ගත් ඉන්දියානු ජනතාව තමන් යටත් විජිත උගුලක පැටලී ඇති බව අවබෝධ කර ගත්හ. සීග්‍රයෙන් දේශප්‍රේමිත්වය ඉස්‌මතු වන්නට පටන් ගන්නේ ඒ නිසාය. වසර 2 1/2 ක්‌ ගත වන්නටත් කලින් ඉන්දියාවේ ඇමරිකානු ගැති රජය පෙරළා දැමීමට එරට ජනතාව සමත් විය. ඉන්දිරා ගාන්ධි මහත්මිය 2/3 ක බලයක්‌ ලබා ගනිමින් රජයක්‌ පිහිටු වන්නට ඇයට හැකි වූ අතර ඇගේ දේශපාලන ගමන නැවතුනේ “කට පුංචා” ගේ ත්‍රස්‌තවාදී වෙඩි උණ්‌ඩයකිනි.

කෙසේ වුවද අපේ රටේ එබඳු කඩිනම් වෙනසක්‌ ඇති නොවීය. මෑතක ඉතා වැඩියෙන් කතාබහ කෙරෙන ජිනීවා ප්‍රශ්නය ගැන අටුවාටීකා අවශ්‍ය නොවන්නේ ඒ ගැන දැන් හැමෝම බොහෝ දෙයක්‌ දන්නා නිසාවෙනි. එහෙත් ඇමරිකානු යෝජනාවට චීනය, රුසියාව හා කියුබාව අප්‍රසාදය පළකළ බව වාර්තා විය. ඊට අමතරව ඉන්දියාවද නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කර ඇති බවද පෙනේ.

මේ අතර ජිනීවා සිද්ධිය පදනම් කර ගනිමින් මැදුම් පිළිවෙතේ ප්‍රතිපත්තිය හාස්‍යයට ලක්‌ කිරීම කනගාටුදායකය. ඒ සඳහා එක්‌ උදාහරණයක්‌ ලෙස පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලිබියාවේ හිටපු නායක ගඩාµs වැළඳ ගැනීමයි. මේ සිද්ධියට පසුබිම වැටුණේ නොබැඳි ව්‍යාපාරය බලවත්ව පැවැති යුගයේදීය. ඉස්‌ලාම් භක්‌තිකයන් අමුත්තන් වැළඳ ගැනීම සිප ගැනීම ස්‌වාභාවිකය. ලිබියාවට ගිය රාජ්‍ය නායකයා එරට රාජ්‍ය නායකයා විසින් වැළඳගත් ආකාරය කිසිවෙකුට පුදුමයට කරුණක්‌ නොවේ. මේ සිද්ධිය ඇති වූ මොහොතේ එහි සිටි ශ්‍රී ලංකාවේ එවකට විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතාගෙන් මේ ගැන විමසීමෙන් වඩාත් හොඳින් සිදුවූ දේ දැනගත හැකිය. 1976 නොබැඳි සමුළුවෙන් පසු ලංකාවට හිමි වූ සභාපතිත්වය 1980 දී කියුබාවට බාර දෙනතුරුම නියෝජනය කළේ ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාය.

1980 දී කියුබාවේ පැවැති නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගි වූ ඡේ. ආර්. ජයවර්ධන මහතා නොබැඳි සමුළුවේ සභාපතිත්වය කියුබාවට බාර දී කෙලින්ම ගියේ ටෝකියෝ නුවරටය. එහිදී පැවැති මාධ්‍ය හමුවකදී මදුරාසියේ හින්දු පුවත්පතේ නියෝජිතයා නොබැඳි ජාතීන්ගේ අනාගතය ගැන ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළේය. ජයවර්ධන මහතා ඉතා සූක්‍ෂම ලෙස එම ප්‍රශ්නයට උත්තර දීමෙන් වැළකී තමන් අවුරුදු 50 කට වැඩි කාලයක්‌ හින්දු පත්‍රය කියවන බවත් එය උසස්‌ ගණයේ පත්‍රයක්‌ බවත් සඳහන් කළේය.

කොහොමද මොළේ….

සංවාද සටහන – ජයසූරිය උඩුකුඹුර
– Divaina