රුසියන් – තුර්කි ගැටුම
ලෝකයේ දෙවන යුද බලවතා වැනි රුසියාව සහ දහවැනි යුද බලවතා වන තුර්කිය අතර සම්බන්ධය ඉතා දරුණු ලෙස නරක අතට හැරෙමින් පවතී. රුසියාවට අයත් F-16 යුද ගුවන් යානයකට තුර්කි සිරියානු දේශ සීමාව අසලදී තුර්කිය විසින් වෙඩි තබනු ලැබීමත් සමඟම මේ ආරවුල ඇති විය. සිද්ධිය වූයේ නොවැම්බර් 24 වැනිදාය. මෙම වෙඩි තැබීමට ගොදුරු වූ යානයේ සිටි එක් නියමුවෙක් මියගිය අතර, අනෙකා පණපිටින් දේශ සීමාවට පහත් වී සැඟවී ගත්තේය. වහා තුර්කි සිරියා දේශ සීමාවට ගිය රුසියන් හමුදාව පැය 18 ක මෙහෙයුමකින් පසු සිය නියමුවා බේරා ගත්තේය. නියමුවා ඇදවැටී තිබුණේ දේශ සීමාවේ තුර්කිය පැත්තටය. තුර්කි හමුදාව රුසියන් යානයට වෙඩි තබා තිබුණේ එය රුසියන් යානයක් බව දැන දැන විනාශකාරී අරමුණකිනි. අරමුණ එය නම් තුර්කි හමුදාවට පණපිටින් සිටි රුසියන් නියමුවා හමු වූයේ නම් ඔහුටද වෙඩි කන්නට සිදු වන්නේය. සිද්ධිය නිසා බලවත් කෝපයට පත්ව සිටින රුසියන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් තුර්කියට එරෙහිව ආර්ථික සම්බාධක රැසක් පනවා තිබේ. ඒ අනුව වීසා නැතිව රුසියාවට ඒමට තුර්කි වැසියන්ට මෙතෙක් දී තිබූ නිදහස මේ සතියේ සිට අහෝසි කර ඇත. එසේම තුර්කියෙන් එළවළු මිලට ගැනීම ද රුසියාව අත්හිටුවා ඇත. රුසියාව අවුeරද්දකට ඩොලර් බිලියනයක් පමණ වටිනා එළවළු තුර්කියෙන් මිලට ගනිමින් සිටියේය. රුසියානුවා මහත් සේ ප්‍රිය කරන පිපිඤ්ඤා සහ කොමඩු එරටට ගියේ තුර්කියෙනි. එසේම රුසියාවේ සිටි තුර්කි ව්‍යාපාරිකයන් ද මේ වන විට පිටුවහල් කර තිබේ. රුසියන් සංචාරක සමාගම් තුර්කියේ විනෝද සංචාර සඳහා තවදුරටත් රුසියානුවන් යවන්නේ නැත. රුසියන් පාපන්දු කණ්‌ඩායම් සහ තුර්කි පාපන්දු කණ්‌ඩායම් අතර අත්සන් කෙරුණු සියලු තරග ගිවිසුම් මේ වන විට අවලංගු කර තිබේ. තම යානයට වෙඩි තැබීම පිටුපස ඇමරිකාව සිටින බවත් ඇමරිකන් උපදෙස් තුර්කිය අනුගමනය කරන බවත් රුසියාව තරයේ කල්පනා කරයි. මේ සිද්ධිය නිසා තුන්වැනි ලෝක යුද්ධය ඇරඹෙන්නේ නැති වුවත් රුසියන් දේශපාලන කඳවුර සහ ඇමරිකන් දේශපාලන කඳවුර අතර තිබෙන පරතරය තවදුරටත් පුළුල් වන්නේය.
රුසියන් ජනතාව සහ තුර්කි ජනතාව අතර වසර දහස් ගණනක සම්බන්ධයක් පවතී. මධ්‍යකාලීන යුගයේදී තුර්කිවරුන් ජීවත් වූ කසාරියා රාජධානිය, කුටානියා රාජධානිය, බල්ගේරියාව, කිප්චැක් රාජ්‍යය, නසාන් රාජ්‍යය, ක්‍රිටියාව, අස්‌ට්‍රකාන් රාජ්‍යය, සයිබීරියාව යනාදිය පිහිටියේ රුසියාවට යාබදවය. අද මේ රාජ්‍ය සියල්ලම රුසියාවට අයත් ය. මේ රටවල් සහ රුසියාව අතර මහා ස්‌ටෙප්ස් තෘණ භූමිය පැතිර තිබිණ. ක්‍රි. ව. එක්‌දහස්a දෙසිය ගණන්වලදී තුර්කිවරු රුසියාවේ කළු මුහුදු සීමාවෙන් එහා පැත්තේ පිහිටි ඇනටෝලියානු අර්ධද්වීපය ඔටෝමාන් අධිරාජ්‍යය බවට පත් කරගෙන අහල පහල රටවල් යටත් කර ගනිමින් පැතිරෙන්නට විය. රුසියාව ද තම අධිරාජ්‍යය පුළුල් කරමින් පැතිරෙන්නට විය. රුසියාව තුළ තිබූ කුඩා ඉස්‌ලාමීය රටවල් කිහිපයකට රුසියාවෙන් කැඩී වෙන්ව යනු පිණිස තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යය 1568 දී උදව් කළේය. මෙයට පළිගැනීමට කල්පනා කළ රුසියාව තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යය සමඟ ගැටුමක් ඇති කරගත්තේය. ගැටුම රුසියාවට වාසි වන ලෙස දුරදිග ගියේය. ඒ අතර රුසියාව ඔටෝමාන් අධිරාජ්‍යය තුළ කැරැල්ලක් ඇති කරනු පිණිස උපක්‍රමයක් යෙදීය. ඒ වූ කලී ඔටෝමාන් අධිරාජ්‍යය තුළ සිටි ක්‍රිස්‌තු භක්‌තික තුර්කි ජාතිකයන් ඔටෝමාන් පාලකයන්ට එරෙහිව කුපිත කර ඔවුන්ට ආයුධ දීමය. අන්තිමේදී 1877 -78 කාලයේදී රුසියන් අධිරාජ්‍යය සහ තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යය අතර බලවත් යුද්ධයක් ඇති විය. අවසානයේදී රුසියාවට ජය හිමි විය. රුසියානුවෝ 15567 ක් ද තුර්කිවරු 30000 ක් ද මේ යුද්ධයෙන් මිය ගියහ. මෙයින් පසු ද මේ රාජධානි දෙක අතර නිතර ගැටුම් ඇති විය. 1936 දී හටගත් දේශපාලන ආරවුල ඉන් ප්‍රමුඛය. දෙවැනි ලෝක යුද සමයේදී තුර්කිය කාටවත් උදව් නොකර නිහඬව සිටි නමුත් එක් අවස්‌ථාවකදී ජර්මන් යුද නැව්වලට තුර්කි මුහුදු සීමාව පාවිච්චි කිරීමට ඉඩ දුන්නේය. එවිට බලවත් සේ කෝප වූ රුසියාව. ඒ වන විට රුසියාවේ නව සෝවියට් සංගමය) තුර්කියට තර්ජනය කළේය. 1952 දී තුර්කිය ඇමරිකන් උපදෙස් මත නේටෝ සංවිධානයට බැඳුණේය.
1991 දෙසැම්බර් 26 වැනිදා කොමියුනිස්‌ට් සෝවියට් සංගමය බිඳ වැටුණේය. ඉන්පසු රුසියාව පමණක් ඉතිරි විය. තුර්කිය වහාම රුසියාව සමඟ මිත්‍ර වූ නමුත් ටික කලකට පසු රුසියන් භූමිය තුළ තුර්කි ප්‍රදේශ ඇති බව කියමින් තුර්කියත් තුර්කි භූමිය තුළ රුසියන් ප්‍රදේශ ඇති බව කියමින් රුසියාවත් ආඩපාලි කියා ගන්නට වූහ. ටික කලකට පසු ඒවා අමතක කළ ඔවුහු යළි මිතුරු වූහ. යළි සතුරු වූහ. මේ අනුව රුසියාව සහ තුර්කිය යන රටවල් දෙක නිතර සතුරු වෙමින් කටයුතු කළ දෙරටකි. මේ වසරේ නොවැම්බර් 24 වැනිදා එකිනෙකා සමඟ තරහ වන්නට පෙර ඉතිහාසය පුරාම විටින් විට ඔවුන් සතුරුව සිටි බව පැහැදිලි ය.
අනුර සොලමන්ස්
– Divaina