මෙයට වසර 05 කට පෙර එනම් 2010 දී ශ්‍රී ලංකාවේ ජනගහනය කෝටි 2 ක් වූ අතර රට තුළ තිබූ අන්තර්ජාල සම්බන්ධතා හෙවත් ඉන්ටර්නෙට් කනෙක්‌ෂන් ගණන දාහත් ලක්‍ෂයකි. එනම් එදා සිටි ජනගහනයෙන් 8.3% කට අන්තර්ජාල සම්බන්ධය තිබිණි. 2010 ගණන් හිලවුවලට අනුව වසරකට 3% ක වේගයෙන් (එනම් අලුත් අන්තර්ජාල සම්බන්ධතා හය ලක්‍ෂය බැගින්) අලුත් ග්‍රාහකයන් සංඛ්‍යාවට එකතු වෙමින් සිටියහ. තත්ත්වය එය නම් අද මේ රටේ ඇති ඉන්ටර්නෙට් කනෙක්‌ෂන් ගණන ලක්‍ෂ 50 කට ආසන්න විය යුතුය. එනම් රටේ මුළු ජනගහනයෙන් 23% කට පමණ අන්තර්ජාලයට කෙළින්ම අවතීර්ණ විය හැකිය. දවසේ පැය 24 පුරාම අන්තර්ජාලය නැරඹිය හැකිය. එහි තිබෙන යහපත් දේ මෙන්ම වල් කුණුහරප ද අන්තර්ජාල ප්‍රජාව අතර හුවමාරු කරගත හැකිය. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතී. ඉදිරි වසර 10 තුළ රටේ සමස්‌ත ජනගහනයට ඉන්ටර්නෙට් පහසුකම් ලැබෙන බව (සෑම කෙනකුටම එක අන්තර්ජාල සම්බන්ධතාව බැගින්) මේ අනුව පෙනී යන්නේය.
ශ්‍රී ලංකාවේ තිබෙන දිනපතා පත්තර සියල්ලෙහි මුද්‍රිත පිටපත් ගණනෙහි මුළු එකතුව දිනකට ලක්‍ෂ 5 ඉක්‌මවන්නේ නැත. සතිපතා පත්තර සියල්ලෙහි මුද්‍රිත පිටපත් ගණනෙහි මුළු එකතුව සතියකට ලක්‍ෂ 15 ඉක්‌මවන්නේ නැත. රූපවාහිනි යන්ත්‍රද ඇත්තේ ගෙයකට එක බැගින් මිස පවුලේ සාමාජිකයන්ට එක බැගින් නොවේ. එහෙත් මෙරට නූතන මධ්‍යම පන්තියේ පවුල් වැඩි හරියකට එක පවුලට අන්තර්ජාල පහසුකම් තුන හතරක් වත් තිබේ. තාත්තාගේ ලැප්ටොප් එකට එක අන්තර්ජාල සම්බන්ධතාවකි. පුතාගේ ටැබ් එකට සහ ෆෝන් එකට අන්තර්ජාල සම්බන්ධතා දෙකකි. දුවගේ ටැබ් එකට තව අන්තර්ජාල පහසුකමකි. මේ අනුව පුවත්පත් හෝ රූපවාහිනිය මඟින් කරන බලපෑම මෙන් දහස් ගුණයක බලපෑමක් අන්තර්ජාලය මඟින් නූතන ජන සමාජයට කළ හැකිය. Desk Top පරිගණකයක්, Laptop පරිගණකයක්, Tab එකක් හෝ Smart Phoneැ එකක් අත ඇති ඕනෑම කෙනකුට දවසේ පැය 24 පුරාම වුව අන්තර්ජාලය හරහා බ්ලූ ෆිල්ම් නැරඹිය හැකිය.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් යොදා නිපදවන බ්ලූ ෆිල්ම් ගැන තොරතුරු සෙවීමට මේ රටේ අපරාධ පරීක්‍ෂණ අංශ පටන් ගන්නේ වසර 2008 පමණ සිටය. 2010 ජනවාරි මාසය වන විට එවැනි චිත්‍රපටවලට කැමැත්තෙන් පෙනී සිටින අය ලෙස සැක කළ හැකි තරුණ තරුණියන් 200 කගේ පමණ මුහුණු හඳුනා ගැනීමට පොලිසියට හැකි විය. එසේ හඳුනාගත් තරුණියන් සහ තරුණයන් 83 දෙනකුගේ ඡායාරූප ප්‍රසිද්ධ කරන ලෙස කොළඹ මහෙස්‌ත්‍රාත් උසාවියේ විනිසුරුතුමා 2010 නොවැම්බර් 4 වැනිදා නියෝගයක් නිකුත් කළේය. එම 83 දෙනාගෙන් 81 ක්‌ම තරුණියෝ වූහ. මේ තරුණියන්ට අදාළ බ්ලූ ෆිල්ම්වලින් 3% ක් පමණ නිපදවා තිබුණේ ඔවුන්ගේ අඩ නිරුවත් දර්ශන හෝ සම්පූර්ණ නිරුවත් දර්ශන විදේශීය බ්ලූ ෆිල්ම්වල අසභ්‍ය දර්ශන සමඟ පිරිද්දීමෙනි. බ්ලූ ෆිල්ම් නරඹන ආධුනිකයන්ට අසභ්‍ය දර්ශන කෙරෙහි කිසිදු සැකයක් ඇති නොවන පරිදි එහි පිරිද්දීම හෙවත් සංස්‌කරණ කටයුතු කර තිබිණි.
කෙසේ වුවද 2010 නොවැම්බරයේදී ප්‍රසිද්ධියට පත් කළ අසභ්‍ය චිත්‍රපට නිළියන්ගේ පින්තූරවලින් කිසිදු වැඩක් වූ බව පෙනෙන්නට තිබුණේ නැත. මේ නිසා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල කටයුතු සම්බන්ධයෙන් සුවිශාල මැදිහත් වීමක් කරන CERT ආයතනය (Sri Lanka Computer Emergency Response Team) සහ SLIT ආයතනය (Sri Lanka Institute of Information Technology) වෙතින් උදව් ඉල්ලූ පොලිසිය ශ්‍රී ලාංකික තරුණියන් යොදා සාදන ලද බ්ලූ ෆිල්ම් ප්‍රචාරය නතර කොට වෙබ් අඩවි පවත්වාගෙන යන අය ගැන තොරතුරු සොයා දෙන ලෙස දැක්‌වීමක් කළේය. කෙසේ වුවද ආරම්භයේ සිටම මෙරට අන්තර්ජාලයේ භාරකරුවා ලෙස කටයුතු කරන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමය. අසභ්‍ය වෙබ් අඩවියක් ගැන පැමිණිල්ලක් ලද විට එය අවහිර (bar) නැත්නම් තහනම් කිරීමට ඔවුන්ට හැකි විය. එහෙත් අන්තර්ජාලය තුළ ඇති වෙබ් අඩවි ප්‍රමාණය කෝටි ගණනක් නිසා ඒ තුළ තිබෙන බිලියන ගණනක් වූ අසභ්‍ය වෙබ් අඩවි සියල්ල අවහිර කිරීමට ඔවුන්ට හැකි නොවීය.
අසභ්‍ය චිත්‍රපට යනු නූතන ලාංකික සමාජය අතරින් රහසේ ගලා යන කුණු ඇළක් බඳු විෂබීජ ප්‍රවාහයකි. 2013 මාර්තු මාසයේ 25 වාර්තා වූ මතු සඳහන් පුවතින් එම කතාව තහවුරු කරගත හැකිය. එම මාසයේ 23 වැනිදා හෝ ආසන්න දවසක හබරාදුව පොලිසිය අමුතු වර්ගයේ අපරාධකරුවකු අත්අඩංගුවට ගෙන තිබුණේය. ඔහු කර තිබුණේ ගෙදර තිබෙන DVD යන්ත්‍රයට බ්ලූ ෆිල්ම් එකක් දමා එය නරඹන ලෙස සිය බිරිඳට සහ දරුවන්ට බලකර සිටීමය. සිද්ධිය වන අවස්‌ථාවේදී ඔහු ඉතා දැඩි ලෙස මත්පැන් පානය කර සිටි බව හෙළිවිය. ගෙදර අය දුරකථනයෙන් පොලිසියට කතාකර මේ බව දන්වා තිබිණි. පොලිසිය නිවස වටලන ලද අතර ඒ වන විටත් මේ තාත්තා සිටියේ බ්ලූ ෆිල්ම් එකක් නරඹමිනි. ඔහු බ්ලූ ෆිල්ම් බලන ලෙසට තම බිරියට පුතාට සහ දියණියන් දෙදෙනාට නිතර බල කරන බවද පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවිය. මේ නිසා දියණියන්ගෙන් වැඩි විය පත් දියණිය හබරාදුවේම වෙනත් නිවසක නතර කර ඇති බව මව කීවාය. අපරාධකරු විශ්වවිද්‍යාලයක විද්‍යාගාර සහායකයෙකි.
* * * * * * * *
2014 පෙබරවාරි 24 වැනිදා හෝ ආසන්න දවසක ගම්පහ පොලිසියට හඬාගෙන පැමිණි තරුණ බිරියක් පැමිණිල්ලක් කළාය. ඇය කියා සිටියේ සිය සැමියා නාඳුනන පුද්ගලයන් සමඟ නිවසට පැමිණ ඔවුන් සමඟ කායිකව එක්‌වන ලෙස ඇයට තර්ජනය කර ඒ දෙස බලා සිටින බවය. එයට එරෙහිවන විට තමා මැරීමට සැමියා සූදානම් වන බවද තම මරණයෙන් පසු අනාථභාවයට පත්වන නව හැවිරිදි පුතා සහ පස් හැවිරිදි දියණිය ගැන කල්පනා කර ඔහුගේ තර්ජනයට අවනත වන බවද ඇය පොලිසියට කීවාය. පොලිසියට ගෙනෙනු ලැබූ සැමියා හෙළි කළේ තමා අසභ්‍ය චිත්‍රපට බැලීමට ඉතා තදින් ඇබ්බැහිව සිටින බවය. බිරිය තමා සම්බන්ධයෙන් කරන චෝදනාව සත්‍ය බවද ඔහු පොලිසියට දුන් කට උත්තරයෙහි සඳහන් කර තිබිණි.
* * * * * * * *
ශ්‍රී ලාංකිකයා ලිංගික කටයුතු කෙරෙහි තමන් තුළ තිබෙන අත්‍යන්ත “ඇම්ම” අන්තර්ජාලය ඉදිරිපිටදී ඉතාම නිදහසේ මුදාහරින බව 2012 දෙසැම්බර් 27 වැනිදා හෙළි විය. එම වසරේ අප්‍රේල් 15 – 21 අතර ගූගල් ජාලය ඔස්‌සේ Sex යන වචනය වැඩියෙන්ම ටයිප් කර ඊට අදාළ තොරතුරු සෙවීම සහ අසභ්‍ය විත්‍රපට බැලීම වැඩියෙන්ම කළ ජනයා සිටින රට ලංකාව බව ගූගල් ජාලය එදින හෙළි කළේය. මේ කටයුත්තේදී ඔවුහු ගූගල් ජාලය හරහා වෙබ් අඩවි ලක්‍ෂ සංඛ්‍යාවකට පිවිසුන බව හෙළි විය. මෙම ක්‍රියාවේදී දෙවැනි තැන ලැබී තිබුණේ ඉන්දියාවටය. එය අප මෙන් තිස් හතළිස් ගුණයක් විශාල රටකි. මෙකී අසභ්‍ය ධාවන තරගයේ සෙසු ජයග්‍රාහක රටවල් මෙසේය. 3. පැපුවානිව්ගිනියා, 4. ඉතියෝපියාව, 5. පකිස්‌තානය, 6. බංගලාදේශය, 7. වියට්‌නාමය, 8. නේපාලය, 9. සෝමාලියාව, 10. කාම්බෝජය.
* * * * * * * *
ඔහුගේ නම “අදීන”. අපි ඔහුගේ වාසගම හෝ පෙළපත් නාමය නොකියමු. අදීන තම නමට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ලෙස හැසිරෙන දීන තරුණයෙකි. ඔහු මුදල් උදෙසා ඕනෑම දීන වැඩක් කරයි. කාගේ හෝ දියණියක් වේවා, මවක් වේවා, යෙහෙළියක් වේවා රවටාගෙන තම විකෘති ලිංගික අවශ්‍යතා සපුරා ගනු පිණිස ඔහු ඕනෑම දීන වැඩක් කරයි. ඔහු දීන නොවන්නේ පරිගණකය ඉදිරිපිටදී පමණි. පරිගණකයේ ප්‍රොaග්‍රෑම් හෝ සොෆ්ට්‌වෙයාර් ඕනෑ අතකට තබා එයින් උපරිම ප්‍රයෝජන ගැනීම ඔහු සතුය.
අදීන කිසි දිනෙකත් විධිමත් ලෙස පරිගණකය ගැන ඉගෙන ගෙන නැත. ඔහු මේ ඉලෙක්‌ට්‍රොනික උපකරණයට මුලින්ම පෙම් බඳින්නේ ඉන්ටර්නෙට් කැෆේ එකකදීය. බ්ලූ ෆිල්ම් බලන්නට හොඳම තැන ඉන්ටර්නෙට් කැෆේ එක බව ඔහුගේ මිතුරෙක් ඔහුට කීය. අනතුරුව එවැනි තැනකට ගිය ඔහු පැයකට රුපියල් 50 බැගින් ගෙවා පරිගණකය වැඩ කරවන විදිය හදාරා අන්තර්ජාලයෙහි සැරිසරන්නට පුරුදු විය. මේ ඉන්ටර්නෙට් කැෆේ එක අයිතිකාරයා බ්ලූ ෆිල්ම් විරෝධියෙකි. පරිගණකයකින් බ්ලූ ෆිල්ම් බලන විට ඒ බව ආණ්‌ඩුවේ තැනක රෙජිස්‌ටර් වන බවත් විද්යුත් ලිපිනය (E-Mail) හරහා ඒ බව සොයා ගන්නා පොලිසිය නොහිතන දවසක කඩාපැන ඉන්ටර්නෙට් කැෆේ අයිතිකරු කුදලාගෙන යන බවත් කවුදොa ඔහුට කියා තිබිණි. ඒ බැවින් ඔහු තම කැෆේ එකට එන නව යෞවනයන් හැම කෙනකුටම මුලින්ම කීවේ බ්ලූ ෆිල්ම් බලා හසු වුවහොත් කනට ගසා පොලිසියට භාරදෙන බවය. එතැන් සිට අදීන කියන කතාව ඔහුගෙන්ම අසා දැන ගනිමු.
“දවසක් බ්ලූ ෆිල්ම් බලද්දී මෑන්ට මාව අහුවුණා. කියපු විදියටම ඌ මගේ බෙල්ලෙන් අල්ලාගෙන කැෆේ එකේ දොර ළඟට ගෙනත් පාරට තල්ලු කළා. මම ගෙදර ගිහිල්ල අම්මාගේ මාලේ උස්‌සල සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් එකකුයි ඉන්ටර්නෙට් කනෙක්‌ෂන් එකකුයි ගත්තා. තව ටික දවසක් බ්ලූ ෆිල්ම් බලද්දී මටත් හිතුණා එකක් හදන්න. ඒ ගමන මම නංගිගෙ මාලේ උස්‌සලා කැමරා ෆෝන් එකක් ගත්තා. මේ වෙනකොට මම කළේ O/L මැට්‌ස් ටියුෂන් දෙන එක. මාලවලට වූනේ මොකක්‌ද කියල අම්මයි නංගියි කලබල කළත් ඒගොල්ලො හිතුවෙ මම කම්පියුටර්, කැමරා ෆෝන් ගත්තේ ටියුෂන් ෆිස්‌වලින් කියලා. ඊට පස්‌සෙ මම ට්‍රයි කළා ගණිකාවක් එක්‌ක ඉඳලා කැමරා ෆෝන් එකෙන් බ්ලූ ෆිල්ම් එකක් හදන්න. ඒත් හෝටල් කාමරයට ගිහිල්ලා කැමරා ෆෝන් එක ෆෝකස් කරනකොටම ගෑනිට වැඩේ තේරුණා. එයාට රුපියල් 25000 ක් ඉල්ලුවා. ඊට සතියකට පස්‌සෙ මම අම්මගෙ වළලු හතරෙන් එකක් හොරකම් කරලා රුපියල් 25000 ක් සොයා ගත්තා….”
ඒ ආකාරයෙන් තමා විසින් සාදන ලද බ්ලූ ෆිල්ම් එක අද අන්තර්ජාලයේ තිබෙන බව අදීන කියයි. එය විනාඩි 10 ක් දිගය. ඉතාම කනගාටුදායක කාරණය වන්නේ අදීන මේ සියලු අසභ්‍ය වැඩ කරන විට ඔහුගේ වයස අවුරුදු 17 ක් වීමය. “මම මේවා කළේ 2009 දී. අද මම බ්ලූ ෆිල්ම්වලට වගේම කුඩුවලටත් ඇබ්බැහි වෙලා ඉන්නෙ. කුඩු ගහන්න සල්ලි සොයාගන්නේ හොරකම් කරලා…”
රටක් හා ජාතියක් වශයෙන් අප යන්නේ කොතැනකටද?
සෙක්‌ස්‌ටස් රබන්කිකිඳ
– Divaina