බිරිඳට හොරෙන් යළි කසාද බැඳ මධුසමයේදී අතටම අසුවූ කපටි සැමියා – Second marriage cunning husband

0
921

ඔහු මැදිවිය කරා යමින් සිටි තරුණයෙකි. වයස අවුරුදු 37 කි. අගනා සිනහවක්‌, ගැහැනුන් රවටන තියුණු ඇස්‌ දෙකක්‌ සහ පිරිපුන් සිරුරක්‌ හිමි ඔහු මේ රටේ ඇතැම් තරුණියන් ප්‍රිය කරන තාලේ පරමාදර්ශී තරුණ පෙනුමක්‌ ඇත්තෙකි.

විවාහකයකු වන ඔහු පදිංචිව සිටියේ කෝට්‌ටේ ප්‍රදේශයේ දෙමහල් නිවසකය. ඔහුගේ බිරිඳ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ගණකාධිකාරිනියක්‌ වූ අතර ඔහුට අගනා ත්‍යාග දෙකක්‌ බිහිකර දී තිබිණි. ඒ දියණියක හා පුතෙකි. දියණියගේ වයස අවුරුදු 10 කි. ඇය කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක ඉගෙන ගත්තාය. පුතාට වයස අවුරුදු 4 කි. ඔහු ධනවත් දූ දරුවන් යන ළදරු පාසලක ඉගෙනුම ලැබීය. නැව් සමාගමක විධායක නිලධාරියකු වූ ඔහුට යහමින් සල්ලි තිබිණි.

මෙතැන් පටන් අපි තවදුරටත් ඔහුට ‘ඔහු’ යෑයි නොකියමු. ඔහුට ‘දුනේෂ්’ යෑයි අමතමු. ඔහුගේ බිරිඳට සුභාෂිනී යෑයි කියමු. ප්‍රේම සම්බන්ධයකින් විවාහ වී සිටි මේ යුවළ ගත වූ අවුරුදු 12 ක්‌ ම කිසිදු ආරවුලක්‌ නැතිව ඉතා සතුටින් ජීවත් වූහ. සියලු කරුණු පටන් ගන්නේ මෙයට වසරකට පෙර දවසකය.

එදා උදේ කාර්යාලයට ගිය ඔහුට වෙනත් සමාගමකට දුරකථන ඇමතුමක්‌ ගන්නට සිදුවිය. දුරකථනයේ එහා කොනින් ගලා ආවේ සුමියුරු ගැහැනු කටහඬකි. “ගුඩ් මෝනිං…. මම….. ටේ්‍රඩිං කම්පැනියෙ ඩිරෙක්‌ටර් අෂාන්ති. මොනවද කෙරෙන්න ඕනෑ…..?” ඒ කටහඬ බටහිර තාලයේ එකකි.

“ගුඩ් මෝනිං…. මම දුනේෂ්. ……. ෂිපිං කම්පැනියේ ෂිපිං එක්‌සකටිව්. අපට ඕන වෙලා තියෙනවා ඔයගොල්ලන්ගෙ ප්‍රොඩක්‌ට්‌ස්‌ වගයක්‌ ඔස්‌ටේ්‍රලියාවට යවන්න. ක්‌ලයන්ට්‌ (ගැනුම්කරු) අහනවා ප්‍රයිසස්‌ මොනවද කියලා……”

“හරි…….” අෂාන්ති කීවාය. “මට µයිව් මිනිට්‌ස්‌ දෙන්න. මම කොටේෂන් එකක්‌ µeක්‌ස්‌ කරන්නම්………”

විනාඩි පහකට පසු දුනේෂ්ට අෂාන්තිගෙන් ඇමතුමක්‌ ලැබිණ. “මිස්‌ටර් දුනේෂ්….. µeක්‌ස්‌ එක ආවද?”

“නැහැ…..” දුනේෂ් කීවේය. “මම මේ µeක්‌ස්‌ මෙෂින් එක ළඟට වෙලා බලාගෙන ඉන්නවා. ක්‌ලයන්ට්‌ හදිසියි කියනවා.”

ඒ කියද්දීම අෂාන්ති එවූ µeක්‌ස්‌ කොළය දුනේෂ්ගේ µeක්‌ස්‌ යන්ත්‍රයෙන් පිට විය. දුරකථනය කනේ ගසාගෙනම එය කියවා බැලූ දුනේෂ් “අයියෝ මැඩම්….. ගණන් වැඩියි. පොඩි පොඩි අඩු කිරීම් ටිකක්‌ කරන්න……..”

“අනේ මිස්‌ටර් දුනේෂ්… මට මැඩම් කියන්න එපා. අෂාන්ති කීවාම හොඳටම ඇති…..” අෂාන්ති සිනාසෙමින් කීවාය.

“එහෙනම් ඔයත් මට මිස්‌ටර් කියන්න එපා. දුනේෂ් කීවාම හොඳටම ඇති.” දුනේෂ් ද සිනාසුණේය.

එදා දහවල්ද, සවසද දුනේෂ් අෂාන්තිට දුරකථනයෙන් කතා කළේය. පසු දින ඔහු ඇයට දුරකථන ඇමතුම් පහක්‌ දුන්නේය. ඊළඟ දවසේ ඇගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගත් ඔහු සිය ජංගම දුරකථනයෙන් ඇයට කතා කළේය.

ඊළඟ සතිය පුරාම දුනේෂ් සහ අෂාන්ති තම ජංගම දුරකථනවල එල්ලී සිටිනු ඔවුන්ගේ කාර්යාලවල සේවය කළ අය දුටුqවාහ. තමා අධ්‍යක්‍ෂවරියක ලෙස සේවය කරන ආයතනය තම පියාගේ බව අෂාන්ති කීවාය. වැල්ලම්පිටියේ පදිංචි තමා තවමත් විවාහ වී නැති බවත් නැගණිය සහ ඇගේ දරුවන් දෙදෙනා සමඟ නුගේගොඩ පදිංචිව සිටින බවත් නැඟණියගේ සැමියා එංගලන්තයේ රැකියාවක්‌ කරන බවත් දුනේෂ් කීවේය.

“ඉතින් ඇයි ඔයා බඳින්නේ නැත්තේ..?” දිනක්‌ අෂාන්ති ඇසුවාය.

“හරි ප්‍රශ්න අනේ…..” දුනේෂ් කීවේය. අපේ ප්‍රොපටීස්‌ තවම බෙදලා නැහැ. මගේ මාමලා බාප්පලා දේපළවලට මරා ගන්නවා. ඒ අස්‌සේ තාත්තා ප්‍රපෝසල් එකක්‌ ගෙනල්ලා බල කරනවා ඒක කරන්න කියලා. මම කැමැති නැහැ අනේ ඒකට. හෙන කෝටිපතියෙක්‌ගෙ දුවෙක්‌. ඒත් අදහස්‌ මැච් වෙන්නෙම නැහැ.”

දින සති මාස ගෙවී ගිය අතර දුනේෂ් සහ අෂාන්ති මහත් සේ කුළුපඟ වූහ. අන්තිමේදී එය ප්‍රේමයක්‌ විය. ඇත්තම කතාව වන්නේ අෂාන්තිගේ කටහඬ ඇසු පළමු දින දෙක තුළදීම දුනේෂ්ට ඇය කෙරෙහි ප්‍රේමයක්‌ උපන් බවය. එහෙත් අෂාන්තිට දුනේෂ් කෙරෙහි ප්‍රේමයක්‌ උපන්නේ ඔවුන්ගේ ප්‍රථම කතාබහෙන් දෙසතියකට පසු ඇති වූ පළමු හමුවීමෙන් ද මාස හයකට පසුව වීමය.

“මොකක්‌ද මේ සම්බන්ධෙ තේරුම? මොකක්‌ද මේක කෙළවර….?” සම්බන්ධයක්‌ පටන් ගනිමු දැයි දුනේෂ් ඇසූ මුල් දිනයේදී ම අෂාන්ති ඔහුගෙන් පෙරළා ප්‍රශ්න කළේය.

“කෙළවරක්‌ නැහැ.” දුනේෂ් කීවේය.” මේ සම්බන්ධෙ මඟක්‌ දුර යනකොට අපි මැරි කරනවා. ඊට පස්‌සෙ අපි මැරෙන තුරුම මේ ප්‍රේම සම්බන්ධය ආදරයක්‌ විදියට හැමදාමත් අලුත් වෙවී තියෙනවා……”

මේ රොමෑන්ටික්‌ ප්‍රකාශය අෂාන්තිගේ හද පත්ලටම ගිලා බැස්‌සේය. තමා ලෝකයේ සිටින වඩාත්ම වාසනාවන්ත තරුණිය බවට පත්වීමට යන සෙයක්‌ ඇයට දැනින. නිවස බලා ගිය ඇය ……. ෂිපිං ලයින් එකේ සිටින විධායක නිලධාරි දුනේෂ් තමාට විවාහ යෝජනා වක්‌ ගෙනා බවත්, ගෙදර අය කැමැති නම් තමන් ද එයට කැමැති බවත් කීවාය. ඒ වැඩිහිටියෝ කාරුණික වූද, අහිංසක වූද ව්‍යාපාරික පවුලකි. ඔවුහු සිය දියණියගේ කැමැත්ත තමන්ගේද කැමැත්ත ලෙස සලකා විවාහ යෝජනාවට කැමැති වූහ.

පළමු කතා බහෙන් අවුරුද්දකට පසු ඔවුන්ගේ විවාහ දිනය එළැඹිණ. ඒ පසුගිය 6 වැනිදාය. විවාහ උත්සවය පැවැත්වුණේ කොළඹ තරු පහේ හෝටලයකය. තම විවාහය රහසේ සිදුවිය යුතු බවත්, දේපළට කෑදර ඥාතීන් එයට සහභාගි කර නොගන්නා බවත්, පියා ගෙනා විවාහ යෝජනාවට අකමැති වූ නිසා ඔහු තමන් සමඟ අමනාපව සිටින බැවින් සිය මව පමණක්‌ විවාහ උත්සවයට සහභාගි වන බවත්, දුනේෂ් කල්තබාම අෂාන්තිට කියා තිබිණි. ඒ බැවින් අෂාන්තිගේ නෑයන්ටත්, මිතුරු මිතුරියන්ටත් පමණක්‌ උත්සවයට ආරාධනා කරන ලදී. දුනේෂ්ගේ ‘මව’ උත්සවයට සහභාගි වූවාය.

එදින දහවල් 12.06 ට ඔවුන් විවාහ වන සුභ මොහොත යෙදී තිබිණි. කොළඹ දිස්‌ත්‍රික්‌ රෙජිස්‌ට්‍රාර් තැන හෝටලයට පැමිණ විවාහය ලියාපදිංචි කළේය.

මේ අතර දුනේෂ් දෙස විපරම් දැසින් බලා සිටින කාන්තාවක්‌ මේ උත්සව ශාලාවේ සිටියාය. ඇය අෂාන්තිගේ මිතුරියකි. එසේම දුනේෂ්ගේ බිරිය වූ සුභාෂිනිගේ ද මිතුරියකි. ලංකාව පුංචි රටකි. කොළඹ සිටින අප යාපනයට ගිය ද නුවර ගිය ද දන්නා හඳුනන කෙනෙක්‌ කවර මුල්ලකින් හෝ මතුව එයි. සිය බිරියට හා දරුවන්ට හොරෙන් අෂාන්ති සමඟ විවාහ වීමට ගිය දුනේෂ්ට මෙතැනදී වැරදින. සුභාෂිනිගේ මිතුරිය මංගල උත්සව ශාලාවේ සිටම සුභාෂිනීට ඇමතුමක්‌ ගත් නමුත් දුරකථනය ක්‍රියා විරහිතව තිබිණි. මිතුරිය කල්පනා කළේ සුභාෂිනී හා විවාහය කඩාකප්පල් වූ බැවින් දුනේෂ් දෙවැනි විවාහයක්‌ කර ගන්නට ඇති බවය.

සවස ගෙදර ගිය සැනින් මිතුරිය සුභාෂිනී ඇමතුවාය. “හලෝ….. සුභාෂිනී.. මම ප්‍රියානි…. කොහොමද ජීවිතේ? කොහොමද හස්‌බන්ඩ්, බබාලා එහෙම?”

“වරදක්‌ නැහැ ප්‍රියානි… සුභාෂිනී කීවාය. “දැන් බබාලා දෙන්නයි මායි විතර ගෙදර. හස්‌බන්ඩ් නුවරඑළියෙ වෙඩින් එකකට ගියා. දවස්‌ දෙකකින් විතර ඒවි.”

තම මිතුරිය වූ සුභාෂිනී විශාල අවුලකට මැදි වීමට යන බව වටහා ගත් ප්‍රියානි තමන් දහවලෙහි සහභාගි වූ විවාහ මංගල්‍යය ගැන කීවාය. “වෙන්න බැහැ ප්‍රියානි. මට දුනේෂ්ව විශ්වාසයි. ඔයාට වැරදිලාවත්ද…..?”

“හොඳයි මම දැන් කෝට්‌ටේ ඕගොල්ලන්ගේ ගෙදර එනවා වෙඩින් එකේදී අපට දුන්න කපල් එකේ පින්තුරේ (තැන්කියු කාඩ්) අරගෙන. ඒක බලලා අපි තීරණයක්‌ ගනිමු….” ඒ ප්‍රියානිගේ අදහසය.

නව යුවලගේ පින්තූරය දුටු සුභාෂිනීගේ දැස්‌ කඳුළින් පිරුණි. මෙයට වසර 13 කට පෙර තම තරුණ සිරුර සහ ආදරය මහත් ලෝභයකින් අත්පත් කරගත් දුනේෂ් වෙනත් තරුණියකගේ දැතෙහි බැඳි සිටිනු ඇයට බලා සිටිය හැකිද? දස වසරකට පෙර තමා අත්පත් කරගත් ලෙසට අද රැයෙහිදී ඔහු ඇය ද අත්පත් කර ගන්නවා ඇත.

සුභාෂනී සහ ප්‍රියානි වහා කුලී රියක්‌ ගෙන්වා ගෙන දුනේෂ්ගේ මංගල උත්සවය පැවැත්වුණ කොළඹ හෝටලයට ගියහ. එතැනදී ඔවුන් දැන ගන්නේ නව යුවළ මධු සමය සඳහා ගල්කිස්‌සේ හෝටලයකට නික්‌ම ගිය බවය. එම හෝටලයේ නම සොයාගත් ඔවුහු ගල්කිස්‌ස බලා ගියහ.

මේ අතර මධු සමය ගත කරන හෝටලයෙන් රාත්‍රි ආහාර නොගෙන, ගල්කිස්‌සේම මුහුද අයිනේ තිබූ වෙනත් කුඩා හෝටලයකට ගොස්‌ ආහාර ගැනීමට දුනේෂ් තීරණය කළේය. “මේ හෝටලයේ සී µqඩ් හරි රසයි. අෂාන්ති ඔයා ගොඩක්‌ කැමැති වේවි…..” දුනේෂ් කීවේය.

ආහාර ඇනවුම් කිරීම, ආහාර ගැනීම යන කටයුතු වෙනුවෙන් නව යුවළ පැය එකහමාරක්‌ පමණ ඒ හෝටලයේ ගත කළේය. ඉන් පසු ඉන් නික්‌මුන ඔවුහු රියට නැග එය ප්‍රධාන පාරට දමනවාත් සමඟම තවත් රියක්‌ විත් පාර හරස්‌ කළේය. එයින් බැස්‌සේ දුනේෂ්ගේ බිරිය වූ සුභාෂිනී සහ ඇගේ මිතුරිය වූ ප්‍රියානිය. එවිටම දුනේෂ් සහ අෂාන්ති ද වාහනයෙන් පිටතට බැස්‌සාහ. සුභාෂිනී වහා දිවගොස්‌ තම සැමියාගේ අතින් අල්ලා ගත්තාය.

“ඔයා මොකද මගේ මහත්තයාගේ අතින් අල්ලන්නේ.” එවිට කෝපයට පත් අෂාන්ති මෙයට පැය කිහිපයකට පෙර තමා සමඟ විවාහ වූ දුනේෂ් වෙත යමින් කෑ ගැසුවාය.

“ඔයා මෙයාව බැන්දේ අද උදේනේ. මං මෙයාව කසාද බැන්දේ මීට අවුරුදු 13 කට ඉස්‌සර…..” සුභාෂිනී හඬා වැළපෙන්නට වූවාය.

“ඇත්තද දුනේෂ් මෙයා කියන්නේ…..” අෂාන්ති ද හඬන්නට පටන් ගත්තාය.

“ඔය ඇඬිලිවලින් මට වැඩක්‌ නැහැ. ඔයා මට හරිම කැත විදියට ෙද්‍රdaහි වුණා දුනේෂ්. මම යනවා පොලිසියට. ඔයා අලුත් නෝනත් එක්‌ක ඕනෑ මඟුලක්‌ කරගන්න.” හඬමින්ම කියූ සුභාෂිනී ප්‍රියානිත් සමඟÊගොස්‌ කාරයට නැංගාය.

පසු දින උදැසනම සුභාෂිනී වැල්ලම්පිටිය පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ කළාය. වැල්ලම්පිටිය පොලිසිය නුගේගොඩ මිරිහානේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට සිද්ධිය භාර දුන්නේය.

ඊට පසු දිනම බහු විවාහ චෝදනා මත දුනේෂ් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු විසින් විවාහ මංගල්‍යය දින සහ ඊට පෙර අවස්‌ථා කිහිපයකදී ‘අම්මා’ ලෙස අෂාන්තිගේ පවුලට හඳුන්වා දුන් කාන්තාව කුලියට ගත් අයකු බව ද හෙළිවිය.

අද දුනේෂ් කූඩුවේය. අශාන්ති මධු සමයම කඩාකප්පල් වීම නිසා යාන්තම් තම පිවිතුරු බව රැක ගත්තාය. සුභාෂිනී සහ දරුවන් හැඬූ කඳුළිනි.

(මේ ලිපියට අදාළ ඇතැම් කරුණු ලබා දීම ගැන පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර, පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පොලිස්‌ පරීක්‍ෂක මහකුමාර යන මහත්වරුන්ට විශේෂ ස්‌තුතිය පළ කරමු.)

සෙක්‌ස්‌ටස්‌ රබන්කිකිඳ
– Divaina