ගාලුමුවදොර සිට ත්‍රීකුණාමලයට ගිය සුද්දන්ගේ කාලේ කාලතුවක්‌කුව – Artillery weapon from galleface to trinco

0
1181

සුගිය කාල වකවානුවේ අපේ සමාජය තුළ ආන්දෝලනයක්‌ ඇති කිරීමට අනපේක්‌ෂිතව හමුවූ අපුර්ව පුරා වස්‌තුවකට හැකියාව ලැබුණා. මේ අපූර්ව වූ පුරා වස්‌තුව කාලතුවක්‌කුවක්‌. මේක ලංකාවේ තියෙන විශාලතම යකඩ කාලතුවක්‌කුව ලෙස දැනට වාර්තා වෙලා තියෙනවා. මේ කාලතුවක්‌කුව බ්‍රිතාන්‍ය පාලන සමයේ යොදාගත් අවියක්‌ කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනුමාන කරනවා.

‘කාලතුවක්‌කුව’ ගැන කියන්නට පෙර මේ පසුබිම් තොරතුරු ගැන අවබෝධයක්‌ තිබීම වැදගත්.

කාලතුවක්‌කුව කියන නම එන්නට පෙර සිටම මිනිසාට අවශ්‍ය වුණා යුද්ධ කටයුතුවලදී දුර තිබෙන ඉලක්‌කයට බර ද්‍රව්‍යකින් ගසා දමන්නට. එහි ප්‍රාථමික අවධිය තමයි අතට ගලක්‌ ගෙන දමා ගැසීම. එය ආදී මානවයන් විසින් පවා කර තිබෙන බවට සාක්‌ෂි තියෙනවා. පසු කාලය වනවිට මිනිසා තම බුද්ධිය මෙහෙයවා මෙලෙස බර දෙයක්‌ දමා ගසන්නට හැකිss උපකරණ හදන්නට පටන් ගත්තා. එයින් එකක්‌ තමා කැටපෝලය. ඔබ දන්නවා ඇති කුඩා කාලයේ පාවිච්චි කළ කැටපෝලය. ඉතින් මේ කැටපෝලයත් ප්‍රාථමික කාලතුවක්‌කුවක්‌. ඒ වගේම ඔනේජර් අවිය ට්‍රෙබුෂේ අවිත් ප්‍රාථමික කාලතුවක්‌කු ලෙස පාවිච්චි කරලා තියෙනවා.

මෙවැනි උපකරණ පළමුවැනි ලෝක යුද සමයේ දී යුද අගල් වල සැ`ගවි සිටිමින් සතුරා වෙත අත්බෝම්බ යෑවීම ස`දහා පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම දහසය වැනි ශත වර්ෂයේ දී ද පැරණිතම කාලතුවක්‌කු ද හමුවෙනවා. එසේම ලෝකයේ සුප්‍රසිද්ධ ඓතිහාසික කාලතුවක්‌කුත් තියෙනවා. එයින් එකක්‌ තමා රුසියාවේ තිබෙන සාර්ගේ කාලතුවක්‌කුව.

ඒ කතාව ඉවරකරලා අපි යමු එක්‌දහස්‌ අටසිය ගණන්වල බ්‍රිතාන්‍ය සමයට. බ්‍රිතාන්‍ය සමයට නෑකම් කියන බවට අනුමාන කරන කොළොම්පුරයෙන් හමුවු අප කතා නිමිත්ත වන කාලතුවක්‌කුව ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළේ මෙවන් අදහසක්‌.

”මේ කාලතුවක්‌කුවේ සංරක්‌ෂණ කටයුතු ක්‍රමානුකූලව සිදු කළ යුතු දෙයක්‌ වෙනවා. මොකද මෙහි ඇති සිම්බල් එකක්‌ හෝ විනාශ වුවහොත් අපිට නිශ්චිත වශයෙන් තොරතුරු සොයාගන්න බැහැ. සංරක්‌ෂණ කටයුතු පටන් ගත්තට පස්‌සේ තමා තොරතුරු නිවැරදිවම කියන්න පුළුවන් වෙන්නේ. ඉංග්‍රීසින් මෙරටට කාලතුවක්‌කු පහක්‌ හෝ හතක්‌ ගෙනාවා කියලා අනුමානයක්‌ තියෙනවා. ඉන් තුනක්‌ මේ වන විට ත්‍රිකුණාමල නාවික ඉතිහාස කෞතුකාගාරයේ ස්‌ථානගත කරලා තියෙනවා. මේ කාල තුවක්‌කු ගෙනත් තියෙන්නේ නැව්වලට පහර දෙන්න.”

මේ කාලතුවක්‌කුවේ බර ටොන් 23.3 ක්‌. ඒ කියන්නෙ කිලෝ ග්‍රෑම් විසිතුන්න්දහස්‌ තුන්සියක්‌… මෙම අවිය මැනලා තියෙන්නේ කොබෙල්කෝ Rණ 250- 3 කියන මැෂින් එකෙන්.

මේ දැවැන්ත කාල තුවක්‌කු පළමුවැනි ලෝක යුද්ධයේ දී යම් බලපෑමක්‌ කරන්න ගෙනාවදෝ කියලත් සැකයකුත් තියෙනවා. යටත් විජිත ආධිපත්‍ය පතුරුවන්නත් ස්‌ථාවරව තබා ගන්නත් මෙවැනි අවි භාවිත කළ බවත් හිතන්න පුළුවන්. කාලතුවක්‌කුව කියන අවිය තාක්‌ෂණය සම`ග ක්‍රමිකව වැඩි දියුණු වෙලා තිsssයෙනවා. නිෂ්පාදනය වැඩි කර ගැනීමටත් වෙඩි බලය වැඩි කර ගැනීමටත් මේ තාක්‌ෂණය යොදා ගන්නවා. අද අපට හමුවන පුරාණ කාලතුවක්‌කුව මානව ශිෂ්ඨාචාරයේත්, තාක්‌ෂණියක වර්ධනයේත් එක්‌ කාල පරිච්ඡේ¨දයක්‌ නිරාවරණය කරනවා. දැන් මේ පුරාවස්‌තු සංරක්‌ෂණය කර පවත්වාගැනීම ස`දහා ජාතික මට්‌ටමේ ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. ඉන් පසුව සියලුම දෙනාට ප්‍රදර්ශනය කරන්න පුළුවන් ආකාරයට ස්‌ථානගත කරලා තබනවා. ඊට පස්‌සේ තොරතුරු සොයාගන්නවා.

මේ සොයාගැනීම පිළිබ`දව ජාත්‍යන්තර මට්‌ටමින් දැනුවත් වෙලා තියනව ද?. අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විමසුවා.

”දැනට අපෙන් කවුරුත් මේ ගැන ඇහුවේ නැහැ. අපි විශාල වශයෙන් උනන්දුවකින් පබ්ලිෂ් කරන්න ගියෙත් නැහැ. එහෙත් අද දියුණු මාධ්‍ය තාක්‌ෂණයක්‌ තියෙන නිසා ඕනෑ තරම් තොරතුරු දැනගැනීමේ අවස්‌ථා තියනවා.”

මේ වන විට ක්‍රමවත්ව ස්‌ථානගත කොට ඇති මේ පුරාණ කාලතුවක්‌කුවේ වෙඩි බලය, ප්‍රහාර එල්ල කරන් පුළුවන් දුර, එම වෙඩි ශක්‌තිය යොදා ගත් දේශපාලන අරමුණ, තත්කාලීන වටපිටාවේ අපේ රටට එල්ලවූ විදෙස්‌ ආක්‍රමණයන්හි ප්‍රමාණය පිළිබ`ද නුදුරු අනාගතයේ දී අප හැමට දැනගත හැකි වනු ඇති.

නිර්මලා උදයංගනී
– Divaina