වරදට යන්තම් තැලුම් කා අර්ජුන ගෙදර ගියේය

0
768

ශ්‍යාම් නුවන් ගනේවත්ත

පසුගිය කාලය තුළ රටේ වඩාත්ම කතාබහට ලක්‌ වූ ආයතනය වූයේ ශ්‍රී ලංකා බැංකුවයි. එසේම පසුගිය කාලයේ වඩාත්ම කතාබහට ලක්‌වූ චරිතය වූයේ හිටපු මහ බැංකු අධිපති ලක්‍ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතාය. වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු සිංගප්පූරුවෙන් ආනයනය කළ මේ මහ බැංකු අධිපතිවරයා පත්වී දින කිහිපයක්‌ යන්නට මත්තෙන් ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව සිදුවූ බවට මහ බැංකුවට චෝදනා එල්ල විය. එම බැඳුම්කර මගඩිය නිසා අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක්‌ පවා ඉදිරිපත් විය. එහෙත් හැමවිටම ඉහළම දේශපාලන රැකවරණය ඔහුට ලැබිණි. අවසානයේ ඔහු බේරා ගැනීsම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පවා සිදු විය. පසුව දෙවන වරටත් බැඳුම්කර වංචාවක්‌ සිදුවූ බවට මහ බැංකුවට චෝදනා එල්ලවීමත් සමග අළුයට පැවැති ගිනිපුපුරු මෙන් අර්ජුන මහේන්ද්‍රන්ට දසතින්ම විරෝධතා ගලා ආවේය. එහෙත් සුපුරුදු පරිදිම ඔහුව ආරක්‍ෂා කර ගැනීමට ඉහළම මට්‌ටමින් දේශපාලන රැකවරණය ලැබී තිබුණත්, අර්ජුන මහේන්ද්‍රන්ව යළිත් මහ බැංකු අධිපති ධුරයට පත් කර ගැනීමේ බලවත් දේශපාලන උත්සාහය සාර්ථක නොවීය. නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌aවාමි මහතා පත් වූයේ ඒ අනුවය. එහෙත් මෙය ඉතා පහසුවෙන් හෝ ඉබේම සිදුවූ ක්‍රියාවලියක්‌ නොවේ. මේ සඳහා මාධ්‍යවේදීන් වශයෙන් අපටද දහසකුත් එකක්‌ බලපෑම් හා බාධක මැද ඉතා දුෂ්කර සටනක්‌ සිදු කිරීමට සිදු විය. එහෙත් බැඳුම්කර මගඩියට එරෙහිව අප කළ සටන අද දිනයේ සුවිශේෂී ජයග්‍රහණයකින් කෙළවර වී තිබේ. ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති පදවිය අතහැරීමට සිදුව තිබේ. මේ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෘජු තීරණයක සිටීමද බෙහෙවින් අගය කළ යුතුය.

මේ බැඳුම්කර වංචාව මුල සිටම රටට හෙළිදරව් කොට ඒ ගැන දිගින් දිගටම මහජනතාවට කරුණු කියමින්, මහජනතාව දැනුම්වත් කරමින් අර්ජුන මහේන්ද්‍රන්ට තනතුර අතහැර යැමට සිදුවන තත්ත්වය දක්‌වාම අපට විශාල දුෂ්කර ව්‍යායාමයක නිරත වීමට සිදු විය. අර්ජුන මහේන්ද්‍රන්ගේ පාලනය යටතේ නොයෙකුත් ක්‍රමවේද හරහා මහ බැංකු නිලධාරීන්ගේ කට වසා තිබිණි. අපත් සමග වෙනදා කතාබහ කළ අප හොඳටම දන්නා හඳුනන ඇතැම් මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවා අපත් සමඟ කතා බහ කිරීමට බිය විය. ඔවුහු බොහෝ දෙනෙක්‌ අසීමිත භීතියකින්a නිහඬව සිටියහ. ඔවුන්ගේ දුරකථන ඇමතුම්වලට සවන් දෙන බවට ඔවුන් තුළ බලවත් සැකයක්‌ තිබිණි. යන එන දුරකථන ඇමතුම් පමණක්‌ නොව ඊමේල් පණිවුඩ, ෙµaස්‌ බුක්‌ ගිණුම් පවා මොනිටර් කරන බව ඔවුහු කියා සිටියහ. ඒ නිසා බියට පත් ඇතැමුන් කීවේ දුරකතන ඇමතුමක්‌ තබා අඩු තරමේ ඊමේල් පණිවුඩයක්‌ හෝ නොඑවන ලෙසයි. මේ ලියුම්කරුගේ ෙµaස්‌ බුක්‌ ගිණුම ද මොනිටර් කරන බව මහ බැංකුවේ අය මට කියා සිටි කරුණකි. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන්ගේ කාලයේදී මහ බැංකුවේ සාමාන්‍ය රාජකාරීවලට වඩා වැඩ වැඩි වී තිබුණි. මාධ්‍යවේදීන්ගේ ෙµaස්‌බුක්‌ ගිණුම් මොනිටර් කිරීම ඉන් එක කටයුත්තකි. මහ බැංකුව තුළ එවැනි පසුබිමක්‌ තිබියදී යහපාලන රජයේ අය තම රජයේ මාධ්‍ය නිදහස ගැන පම්පෝරි ගසමින් සිටියහ. කවරක්‌ නමුත් මේ අහිතකර පරිසරය හමුවේ වුවත් මහ බැංකුවේ කිහිපදෙනෙක්‌ නිර්භයව, විශාල අවදානමක්‌ ගනිමින් අපත් සමඟ දිගටම සන්නිවේදනයේ නිරත වී සිටියේය. බැඳුම්කර මගඬිය නිසා මහජනතාවට සිදුවන හානියට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෞරවය හා කීර්තිනාමය ද බලවත් ලෙස කෙළෙසමින් තිබිණි. ඒ නිසා මේ අපරාධයට එරෙහි රටට සහ මහ බැංකුවට ආදරේ කරන කිහිපදෙනෙක්‌ අපත් සමග දිගින් දිගටම සාමාන්‍ය දුරකථන මාර්ගවලින් බැහැරව විශේෂ උපක්‍රම මගින් සම්බන්ධ වෙමින් සිදුවෙමින් පැවැති බොහෝ දේ හෙළි කර සිටියහ. ඒ අයට මහජනතාව වෙනුවෙන් අපගේ අසීමිත ගෞරවය හා ප්‍රණාමය ද පුද කළ යුතුව තිබේ. වෙනත් පුවත්පත් හා මාධ්‍ය ආයතන බැඳුම්කර ප්‍රශ්නය ගැන කතා නොකර නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරන විට “දිවයින” ට මේ ගැන දිගින් දිගටම මහජනතාවට කරුණු කීමට හැකි වූයේ ඒ නිසාය. මහ බැංකුවේ එම නිලධාරීන් කිහිපදෙනා හැරෙන්නට මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් රැසක්‌ ද සිදුවෙමින් පැවති බොහෝ දේ ගැන දිගින් දිගටම අපව දැනුම්වත් කළ බවද සිහිපත් කළ යුතුය.

ගිය වසරේ (2015) පෙබරවාරි මස 27 දින මුලින්ම බැඳුම්කර වංචාවක්‌ සිදුවූ බවට චෝදනා එල්ලවී රට තුළ ඉමහත් ආන්දොaලනයක්‌ සිදු වීමෙන් පසු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ප්‍රධාන ජාතික පුවත්පත් ගණනාවක්‌ වෙනුවෙන් සම්මුඛ සාකච්ඡා මාලාවක්‌ සූදානම් කර තිබූ අතර ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා සමඟ මේ ලියුම්කරු ද සම්මුඛ සාකච්ඡාවක්‌ කළේය. එම සම්මුඛ සාකච්ඡා සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නොවේ. ඒවා සම්බන්ධීකරණය කළේ දේශපාලන සම්බන්ධතා සහිත බාහිර පාර්ශ්වයක්‌ විසිනි. එම සම්මුඛ සාකච්ඡාව කිරීමෙන් පසුව අර්ජුන මහේන්ද්‍රන්ගේ නියෝජිතයෙක්‌ ලෙස පෙනී සිටි අයෙක්‌a මට මෙසේ කීවේය.

“දැන් ඔය බැඳුම්කර ප්‍රශ්න ගැන ලියන්න ඕන නැහැ. මේ ආණ්‌ඩුව වෙනස්‌ වෙන්නෙ නෑ. මහ බැංකු අධිපතිතුමා වෙනස්‌ වෙන්නෙත් නෑ. ඒ නිසා මේ අධිපතිතුමත් එක්‌ක අපි වැඩ කරමු. නිකං ප්‍රශ්න ඇති කරගන්න ඕන නෑනෙ”.

එහෙත් මේ ගැන එම අයට මම මෙසේ කියා සිsටියෙමි.

“මහ බැංකු අධිපතිතුමාගේ පැත්තෙන් කියන්න තියෙන හැම දෙයක්‌ම අපට කියන්න. ඒවත් අපි ලියනවා. ඒත් අනිත් පැත්තත් අපට ලියන්න වෙනවා.”

මාගේ පිළිතුර ඇතැම් විට එම අය නොසතුටට පත් කළා වන්නට පුළුවන. මේ නිසාම ඊට පසු එක්‌ අවස්‌ථාවක අපගේ ප්‍රධාන කර්තෘවරයකුට පවසා තිබුණේ බැඳුම්කර ප්‍රශ්නය ගැන දිගටම ලියනවා නම් මේ ලියුම්කරුට මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ඉදිරියේදී මහ බැංකුවට යැමට ඉඩ නොලැබෙනු ඇති බවයි. ඒ සම්බන්ධයෙන් මහ බැංකුවෙන් ලිත දැනුම්දීමක්‌ කෙරෙනු ඇති බවටද පවසා තිබිණි. එහෙත් අර්ජුන මහේන්ද්‍රන් ට මහ බැංකු පුටුව අතහැර යන්නට සිදුවන මොහොත දක්‌වාම මහ බැංකුවෙන් එවැනි දැනුම්දීමක්‌ අප වෙත නොලැබිණි.

මේ සියලු බලපෑම් තුළින් අපේක්‍ෂා කළේ අන් කිසිවක්‌ නොව මේ බැඳුම්කර වංචාව පිළිබඳව ‘දිවයින’ පුවත්පතේ ලිපි සහ පුවත් පළ වීම වළක්‌වා ගැනීමටය. එහෙත් දහසකුත් එකක්‌ බාධක සහ බලපෑම් මධ්‍යයේ බැඳුම්කර මගඩිය ගැන දිගින් දිගටම ජනතාවට තොරතුරු හෙළි කිරීමට මේ ලියුම්කරුට අවස්‌ථාව ලැබිණි. ඒ පිළිබඳ ග්‍රන්ථයක්‌ ද සම්පාදනය කරනු ලැබිණි. එම මාධ්‍ය මෙහෙවරේ තවත් තිරය පිටපුස කතා බොහොමයක්‌ ද තිබේ.

අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ආසන්නයේද මේ ලියුම්කරු බැඳුම්කර ප්‍රශ්නය ගැන ලිපි කිහිපයක්‌ම ලියනු ලැබිණි. මේ ගැන අර්ජුන මහේන්ද්‍රන්ගේ ඒජන්තයෙක්‌ ලෙස පෙනී සිටි අයෙක්‌ මේ ලියුම්කරුට මෙසේ කියා සිටියේය.

“ඔයා ලිපි ලිව්වම අර්ජුන මහේන්ද්‍රන් අයින් කරයි කියල හිතුවද? ආයිත්a මහ බැංකු අධිපති වෙන්නෙ අර්ජුන මහේන්ද්‍රන්මයි”.

එයට මා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“ඒක ජනාධිපතිතුමාගේ වැඩක්‌. අපි කරන්නේ අපේ රාජකාරිය”.

කෙසේ හෝ මේ බැඳුම්කර වංචා චෝදනා නිසාම දැන් අර්ජුන මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති පුටුව අතහැර යන්නට සිදුව තිබේ. එහෙත් බැඳුම්කර ගනුදෙනුවට වගකිවයුතු තවත් අය මහ බැංකුවේ සිටී. අර්ජුන මහේන්ද්‍රන් දැන් මහ බැංකුවේ නැතත් තවදුරටත් ඔහුව ආරක්‍ෂා කරමින් බැඳුම්කර වංචා පිළිබඳ කෝප් පරීක්‍ෂණවලට නිසි තොරතුරු හා සහාය ලබා නොදී සිටීමට ඒ අයට පුළුවන. එසේ කරමින් අර්ජුන මහේන්ද්‍රන් වරදකරුවකු නොවන තැනට පත් කිරීමට ඇතැම් විට ඔවුන් කටයුතු කිරීමට විශාල ඉඩකඩක්‌ තිබේ. එසේ වුවහොත් කෝප් එකට වන්නේ හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමටය. ඒ නිසා නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතාට අප කියා සිටින්නේ බැඳුම්කර වංචා පිළිබඳ චෝදනා එල්ල වූ අවස්‌ථාවේ රාජ්‍ය ණය විෂය භාරව වගකීම් ඉසිලූ ප්‍රධාන අය ඒ තැන්වලම සිsටින්නේ නම්, එය අදාළ කෝප් පරීක්‍ෂණවලට බාධාවක්‌ විය හැකි බවයි. එනම් මේ තත්ත්වය හමුවේ කෝප් පරීක්‍ෂණ හරිහැටි ඉටු වේද යන්න ගැන සාධාරණ සැකයක්‌ මතුවීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. කවරක්‌ නමුත් බැඳුම්කර වංචාවේ කෝප් පරීක්‍ෂණවලට සහාය දෙන බව නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි දැනටමත් පවසා තිබේ. එය සතුටට කරුණකි. එහෙත් එය හරිහැටි ඉටු වීමට නම් මහ බැංකුවෙන් ඉටු විය යුතු තවත් දේවල් ද තිබේ. ඒවා ද ඉටු කිරිම වැදගත්ය. ආචාර්ය කුමාරස්‌වාමි පත්ව සිටින්නේ අර්ජුන මහේන්ද්‍රන්ව ආරක්‍ෂා කිරීමට නොවන බවට වන විශ්වාසය ජන සමාජයට ඇතිවනු ඇත්තේ එවිටය. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහ බැංකු අධිපති පදවියට පත් වන්නේ බැඳුම්කර මගඩියට එරෙහිව කළ සටනේ ප්‍රතිඵලයක්‌ ලෙසය. එය මුලින් සඳහන් කළ පරිදිම ඉබේම හෝ පහසුවෙන් සිදුවූ දෙයක්‌ නොවේ. ආචාර්ය කුමාරස්‌වාමි ඒ ගැන ද සිතිය යුතුය. ඔහු ඉකුත් ජුලි 04 දින නව මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු මහ බැංකු සේවකයන් අමතමින් කියා සිටියේ තමන් ප්‍රතිපත්ති නොරකින බව සිතනවා නම්, කරුණාකර 15 වැනි මහළේ තම කාර්යාලය වෙත එම පණිවුඩය ලැබීමට සලස්‌වන ලෙසයි. ඒ නිසා ආචාර්ය කුමාරස්‌වාමි තම කතාවට අනුව ම කටයුතු කරමින් ඔහු කියන පරිදිම මහ බැංකුවේ (දැනට බිඳවැටී ඇති) කීර්ති නාමය සහ විශ්වාසනීයත්වය ආරක්‍ෂා කරනු ඇතැයි අප සිතමු.

මේ අතර පසුගිය බ්‍රහස්‌පතින්දා මහ බැංකු නිලධාරීන් පිරිසක්‌ යළිත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවට කැඳවා තිබිණි. එම ආරංචි මාර්ග අනුව එහිදී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ඇතැම් මහ බැංකු නිලධාරීන් පවසා ඇත්තේ අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතු පිළිබඳ ගනුදෙනු සම්බන්ධයෙන් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදු කළ බලවත් අනතුරු ඇඟවීම් නොතකමින් හිටපු මහ බැංකු අධිපතිවරයා ක්‍රියා කළ බවයි. එය සත්‍යයක්‌ විය හැකි නමුත් මේ බැඳුම්කර ගනුදෙනුවලින් රජයට සිදුව ඇති පාඩුවලට හිටපු මහ බැංකු අධිපතිවරයාම පමණක්‌ නොව මහ බැංකුවේ එම බැඳුම්කර වෙන්දේසි කටයුතුවලට සම්බන්ධ අනෙකුත් නිලධාරීන්ටද, වගකීමට සිදුවනු ඇතැයි කෝප් ආරංචි මාර්ගවලින් තවදුරටත් දැනගන්නට තිබේ.

– Divaina