මතයි ගෑනුයි හරි හරියට; බැංකුවේ ජොබ් එකෙනුත් අගුවට වැටුණු දිමියාගේ කතාව

0
989

මිතුරු, මිතුරෝ පවුලට එකතු වී සිටින මේ තරුණයා කඳාන ප්‍රදේශයේ ධනවත් පවුලක දරුවෙකි. මරදානේ ජනප්‍රිය පාසලකින් අධ්‍යාපනය හැදැරූ ඔහු වාණිජ අංශයෙන් උසස්‌ පෙළ ‘උසස්‌’ ලෙස සමත් වී සිටින බුද්ධිමත් තරුණයෙකි. එහෙත් නරක ඇසුරට යොමු වීමත් සමඟ ඔහු මත්ලෝලියෙක්‌ විය. පවුලේ හොරෙක්‌ විය. සමාජයට පිළිලයක්‌ විය. අවසානයේ ඔහු විසින්ම තීරණය කර මතින් මිදෙන්නට මේ ආයතනයට පැමිණියේය. දැන් ඔහු අප ඉදිරියේ සිටින්නේ මතට ඇබ්බැහි වූ හැටි පාපොච්චාරණය කිරීමටය. ඔහුගේ සැබෑ නම මනඃකල්පිත කරමින් අපි ඔහුට දිමියා ලෙස නම් තබමු. මේ දිමියා කියන කතාවය.

”අපේ පවුලේ බඩ පිස්‌සා මමයි. අයියයි, අක්‌කයි දෙන්නම ජීවත් වෙන්නේ එංගලන්තයේ. මම පුංචි කාලේම අපේ තාත්තා නැති වෙලා. දැන් මහගෙදර ජීවත් වෙන්නේ මමයි, අම්මයි විතරයි. අපේ තාත්තා හිටපු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්‌. තාත්තා හම්බ කරපු සල්ලි ඇති වෙන්න තිබුණා. අයියගෙයි, අක්‌කගෙයි උදව් නැති වුණාට අපිට හොඳට ජීවත් වෙන්න වත්කම් තිබුණා. ඒත් අයියයි, අක්‌කයි දෙන්නම සෑම මාසයකම අපිට සල්ලි එව්වා. ඒ සල්ලි සේරම පරිහරණය කළේ මමයි. පුංචි කාලේ ඉඳලා මට සල්ලිවල අගයක්‌ දැනුණේ නෑ. මම ඉල්ලන හැම දේම අම්මා අරගෙන දුන්නා. ඒ වගේම මම පුංචි කාලේ ඉඳලා වෙනස්‌ විදිහට හිතන ළමයෙක්‌ වුණා. හැම වෙලාවෙම කල්පනා කළේ අලුත් යමක්‌ අත්හදා බලන්න. ඉස්‌කෝලේදී පොත, පතේ වැඩවලටත් මම හරිම දක්‍ෂයි. එකේ පන්තියේ ඉඳලා නවය වසරට වෙනකම් මම තමයි පන්තියේ පළවෙනියා. ඒත් නවය පන්තිය තමයි මගේ ජීවිතයට නපුරු වසර වුණේ. අධ්‍යාපනය දෙවැනි කොට මිතුරන් ඇසුරු කරන්න පටන් ගත්තා. මට ඇසුරු කරන්න ලැබුණු ගොඩක්‌ම යාළුවෝ වැරැදි වැඩවලට යොමු වෙලා හිටිය අය. සමහර යාළුවො සිගරට්‌ බිව්වා. මත් ටොµs කෑවා. ඒ යාළුවො සිගරට්‌ බොනකොට අත්හදා බැලීමටත් එක්‌ක මමත් සිගරට්‌ කොට ඉල්ලගෙන බිව්වා. මත් ටොෆීයක්‌ කෑවා. යාළුවොත් එක්‌ක අරක්‌කු බිව්වා. පැණි බිව්වා. ගංජා බිව්වා. ඒ සේරම පාවිච්චි කළේ අත්හදා බැලීමට. මතට ලොල් වුණේ නෑ. ඒ කිසිම දෙයක්‌ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්‌ කරගත්තෙත් නෑ. අධ්‍යාපනයට වගේම විෂය බාහිර ක්‍රියාකාරකම්වල අති දස්‌කම් පෑවා. හැම ක්‍රීඩාවක්‌ම හොඳින් කළා. දුවන තරගවලින් පළාත් මට්‌ටමේ ජයග්‍රහණ තියෙනවා. ඒ නිසා ඉස්‌කෝලේ ගුරුවරු මට ගොඩක්‌ ආදරය කළා. ඒත් මම උසස්‌ පෙළ විභාගයට පෙනී සිටියේ එක වතාවයි. ඊට පස්‌සේ මම ග්‍ර්‍ර්‍ර්‍රeµsක්‌ ඩිසයින් කෝස්‌ එකක්‌ කළා. ඒ පාඨමාලාව ඉවර කරනවත් එක්‌කම ජනප්‍රිය පෞද්ගලික බැංකුවක ජොබ් එකක්‌ ලැබුණා…”

”මගේ ජොබ් එක වුණේ ගිණුම් ලිපිකරු තනතුරක්‌. හොඳ පඩියකුත් ලැබුණා. ඒ නිසා මගේ අතේ ඉස්‌සෙල්ලටත් වඩා මුදල් රැඳුණා. නිවාඩු දවස්‌වලදී යාළුවොත් එක්‌ක උපරිම ආතල් ගත්තා. දවල්ට බීච් එකේ. රෑට නයිට්‌ ක්‌ලබ්වල. කෙල්ලන්ට කොටු වුණාට පස්‌සේ ආතල් පිට දන්නේම නැතිව පොකට්‌ එම්ටි වුණා. ගන්න පඩිය නිවාඩු දෙකට ඉවරයි. මාසේ අන්තිමට ඔµsස්‌ ගියේ අම්මගෙන් සල්ලි ඉල්ලගෙන. මා ළඟ සල්ලි, කාර් තිබුණු නිසා කෙල්ලො බලහත්කාරයෙන් ඇවිත් ඇඟේ එල්ලුණා. යාළුවොත් එමට හිටියා. ඒ අතර විවිධ යාළුවො හිටියා. වත්තල යාළුවෙක්‌ හිටියා එයා ඉස්‌කෝලේ යන කාලේ ඉඳලා කුඩුවලට ඇබ්බැහි වෙලා ඉඳලා තියෙනවා. ඒත් මුලදි ඒ බවක්‌ මම දැනගෙන හිටියේ නෑ. පස්‌සේ දවසක්‌ අපි සෙට්‌ වෙලා අරක්‌කු, ගංජා බිබී ඉන්නකොට වත්තල යාළුවා අපිටත් පේන්නම කුඩු චුට්‌ටක්‌ ගත්තා. එදා මටත් හොඳටම වැඩි වෙලා තිබුණේ. මමත් කුඩු චුට්‌ටක්‌ ඉල්ලගෙන නහයට ඇද්දා. කුඩුවල සැරටයි, අරක්‌කු මතටයි මට ඉස්‌පොල්ලේ ගියා. පපුව හිර වෙලා සිහිය නැති වුණා. සෙට්‌ වෙලා හිටිය යාළුවොත් හොඳටම බය වෙලා තිබුණා. ඒත් මූණට වතුර ටිකක්‌ ඉස්‌ස ගමන් මට සිහිය ආවා. එදා නම් කුඩුවලින් ලොකු ෆීලින් එකක්‌ දැනුණේ නෑ. ඇල්කොහොල් වෙරිය ප්‍රබල වුණා. ඊට පහුවෙනිදා මමයි, ඒ යාළුවයි කුඩුම විතරක්‌ පාවිච්චි කළා. එදා කුඩුවල ෆීලින් එක හොඳටම දැනුණා. කුඩු අරගෙන ටික වෙලාවක්‌ යනකොට ඇඟ රත් වෙලා හිත සුරංගනා ලෝකවල පාවෙනවා දැනුණා. මම එකතැන මනෝකාය දුර ඈත ඇවිද්දා. ඒත් මට කුඩු ෆීලින් එක හිතට කා වැදුණේ නෑ. යාළුවා කුඩු ගැන අතිශයෝක්‌තියෙන් කතා කරනකොට එක දිගට සතියක්‌ විතර අපි කුඩු ගත්තා. අවාසනාවට මගේ හිත කුඩු ළඟ නතර වුණා. ඊට පස්‌සේ කුඩු නැතිව බැරි වුණා. හැමදාම අපි කුඩු ගත්ත වේලාවට බඩු නැති වුණොත් ඇඟ වෙව්ලලා, සෙම දාල පිස්‌සු බල්ලෙක්‌ ගානට වැටුණා. කුඩු ගත්ත ගමන් ගස්‌, ගල් පෙරළන්න පුළුවන් ශක්‌තියක්‌ ඇඟට ආවා. අන්තිමේ කුඩු නැතිව හුස්‌ම වැටෙන්නේ නැති ගානට පත් වුණා. මම උදේ ඔµsස්‌ එකට ගියේ කුඩු චුට්‌ටක්‌ බීලා. තේවලට පෙර, කෑමට පෙර බෙහෙත් වගේ කුඩු ගත්තා. කුඩු ෆීලින් එකත් එක්‌ක යකා වගේ වැඩ කළා. අනිත් අය වැඩ කරන්නේ පැය අටයි නම් මම එකදිගට පැය දහසය වැඩ කළා. මගේ සේවය ගැන ඉහළ නිලධාරීන් උපරිමයෙන් අගය කළා. කිහිප සැරයක්‌ මගේ පඩි වැඩි කළා. මම වැඩ කරන්නේ කුඩු බීලා කියලා ඒ අය දැනගෙන හිටියේ නෑ. සිගරට්‌ බොනවා කියලා දන්නවා. මම උදේට ඔµsස්‌ එකට ගියේ සිගරට්‌ පෙට්‌ටියක්‌ සාක්‌කුවේ දාගෙන. මම හොඳට වැඩ කරන නිසා සිගරට්‌ බීම ඔµsස්‌ එකට ගැටලුවක්‌ වුණේ නෑ. අන්තිමේ මට උසස්‌වීමකුත් ලැබුණා…”

”ඒත් කුඩුවලට තදින් ඇබ්බැහිවීමත් එක්‌ක මගේ මනස සම්පූර්ණයෙන්ම විකෘති වුණා. මට සිත පාලනය කරගන්න බැරි විදිහට මුරණ්‌ඩු වුණා. සිත අයාලේ දිව්වා. මත් හිත නිතරම සෙක්‌ස්‌ ඉල්ලන්න පටන් ගත්තා. ඔµsස්‌ එකේ වැඩ කරන අතරේ ස්‌පාවලට ගිහින් ආපු දවස්‌ අනන්තයි. රෑ එළි වෙනකම් නයිට්‌ ක්‌ලබ්වල කුඩු, පෙති බීලා ගෑනු තුරුලු කරගෙන ඩාන්ස්‌ කළා. නිවාඩු දවස්‌වලට කුඩුයි, ගෑනුයි එක්‌ක තනි වුණා. රූපවාහිනියේ ප්‍රසිද්ධ වෙන නිළියො කීය දීලා හරි මමත් පාවිච්චි කළා. රස්‌සාව කරලා ගන්න පඩිය, අක්‌කා අයියා එවන සල්ලි සේරම වියදම් කළේ මත්ද්‍රව්‍යවලටයි. සූදුවටයි. සමහර දවස්‌වල රෑට කැසිනෝ ගියා. බූරු පොලවල්වලට ගියා. ඒ කිසිම තැනකින් අසාවකට රුපියල් සීයක්‌ දිනාගෙන ඇවිත් නෑ. ඒත් ඒ කිසිම දේකින්a සෑහීමකට පත් වුණෙත් නෑ. ඒ දේවල්වලට අතේ ලොතේ නැති වෙනකම් සල්ලි වියදම් කළා. වැඩියෙන්ම සෙක්‌ස්‌වලට ගියෙත් මත්ද්‍රව්‍ය ගන්න ගෑනුත් එක්‌ක. ගෑනු කුඩු බිව්වම තනිකරම පිස්‌සු. අපිත් උන් හිටි තැන් අමතක වෙන්න කුඩු බිව්වම එතැන පිස්‌සු ලෝකයක්‌. කුඩු මතේ කරන දේ දන්නේ නෑ. කුඩු ෆීලින් එකත් එක්‌ක කොච්චර සෙක්‌ස්‌ කළත් හිතට මදි. අන්තිමේ මම ලිංගික ඇසුරට තදින්ම ලොල් වුණා. දවසක්‌ මම කුඩු බීලා ඔµsස්‌ එකේ වැඩ කරපු කෙල්ලෙක්‌ එක්‌ක ස්‌ටෝර්ස්‌ කාමරයක ඉන්නකොට අපි දන්නේම නැතිව සීසීටීවී කැමරාවලට වැදිලා තිබුණා. එදාම අපි දෙන්නගේම වැඩ තහනම් කළා…”

”ඊට පස්‌සේ මම මෙරට ජනප්‍රිය කිරිපිටි ආයතනයක බෙදාහැරීම් කළමනාකරුවෙක්‌ විදිහට වැඩ කරන්න පටන් ගත්තා. ලංකාව වටේම වැඩ කළා. සතිය, දෙක ගෙදරින් පිට ඉඳලා තියෙනවා. කුඩු ග්‍රෑම් ගණන් අරගෙන නිදහසේ බිව්වා. කුඩුයි, අරක්‌කුයි දෙකම බීලා වෙරි මතින් සමහර දවස්‌වලට රෑට නතර වෙලා හිටිය හෝටල් කාමරවලට ගෑනු ගෙන්න ගත්තා. විවිධ ප්‍රශ්න ආවා. ඒත් මම ගොඩනඟාගෙන තිබුණු බලයත් එක්‌ක ඒ ප්‍රශ්න ක්‍ෂණයෙන් බැලන්ස්‌ කරගත්තා. ඒත් වෙරි වෙච්ච ගමන් මගේ විනෝදාංශය ගෑනු. එක, එක ගෑනුත් එක්‌ක පිස්‌සු නටලා ඉස්‌කෝලේ යන කාලේ ඉඳලා ආදරය කරපු මගේ කෙල්ලවත් මට එපා වුණා. මම කුඩුවලට තදින්ම ඇබ්බැහි වෙලා ඉන්න බවත් කෙල්ල දැනගෙන හිටියා. ඒත් එයා මාව දාලා ගියේ නෑ. මාව හොඳ මිනිහෙක්‌ කරන්න උපරිම උත්සාහ කළා. අපි දෙන්නා කොහේ හරි ගියත් මම හිටියේ කුඩු බීලා. කෙල්ලට තේරුණා. ඒත් කෙල්ල අමාරුවෙන් මගේ කුඩු මත ඉවසගෙන හිටියා. ඒ වෙනකොට මටත් මත්ද්‍රව්‍ය අප්පිරියා වෙලා තිබුණේ. පස්‌සේ මමයි, කෙල්ලයි කතා කරලා අපි දෙන්නා එක්‌කම ගිහිල්ලා කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක්‌ මුණගැහිලා කුඩු එපා වෙන්න බෙහෙත් ගත්තා. ඒ බෙහෙත් බොන්න පටන් ගත්තට පස්‌සේ සිහිකල්පනාව අඩු වෙන්න පටන් ගත්තා. සම්පූර්ණයෙන්ම මීටර් අවුට්‌ ගියා. ‘මේ කියන දේ, මේ අමතකයි…’ අන්තිමේ මට රස්‌සාව කරගන්න බැරිව ගියා. ඊට පස්‌සේ මම බෙහෙත් නතර කරලා නැවත කුඩු බිව්වා. සේරම ලෙඩ හොඳ වුණා. නැවත මම දිගටම කුඩු බොන්න පටන් ගත්තා. මම කුඩු බොනවා කියලා දැනගත්තට පස්‌සේ ඒ ජොබ් එකෙනුත් මාව අයින් කළා. මම නැවත පවුලේ යෑපෙන්නෙක්‌ බවට පත් වුණා. මා වටා හිටිය යාළුවො ඈත් වුණා. කුඩු තියා සිගරට්‌ එකක්‌ බොන්න අතේ පිච්චිය නැති වුණා. අම්මගේ සල්ලි හොරකම් කරන්න පටන් ගත්තා. වටිනා බඩු හොරකම් කරගෙන ගිහින් විකුණලා කුඩු බිව්වා. අම්මා මට නොසෑහෙන්න බැන්නා. මම නිසා අම්මා අඬපු වාර අනන්තයි. පුදුම විදිහට දුක්‌වින්දා. ඒ දේවල් මටත් දරාගන්න බැරිව ගියා. ජීවිතය මට එපා වුණා. මැරෙන්න හිතුණු වාර අනන්තයි. ඒත් හිත පාලනය කරගෙන මම අම්මට කිව්වා කුඩුවලින් මිදෙන්න මාව කොහේට හරි ගෙනියන්න කියලා. මමත් නිකං හිටියේ නෑ. පුනරුත්ථාපන මධ්‍යස්‌ථාන හෙව්වා. ඒත් හරි හැටි තැනක්‌ හොයාගන්න බැරිව ගියා. හිත කුඩුම ඉල්ලුවා. ඔය අතරේ මගේ මස්‌සිනා තමයි මේ පන්සල ගැන මට කිව්වේ. කුඩුවලට ඇබ්බැහි වෙලා හිටිය එයාගේ යාළුවෙක්‌ මේ පන්සලට ඇවිත් ප්‍රතිකාර අරගෙන ගෙදරට ගිහින් බොහෝම හොඳට ජීවත් වෙලා හිටියා. ඒ අයියා තමයි මාව මෙතැනට අරගෙන ආවේ. දැන් මම මෙතැනට ඇවිත් මාස නවයකට කිට්‌ටුයි…”

මම මේ පන්සලට එන්න ඉස්‌සර වෙලා අවුරුදු දොළහක්‌ විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. අන්තිම කාලේ එක දිගට අවුරුදු එකහමාරක්‌ විතර කුඩු බිව්වා. පන්සලට ඇවිත් සතියක්‌ විතර යනකම් කුඩු නැතිව මට ඉන්නම බැරිව ගියා. පැනලා යන්නත් හිතුණා. ඒත් මේ පන්සලෙන් පැනලා පාරට යන්න බෑ. මොන බලවේගයකින් හරි ගමන වළකිනවා. එහෙම පැනලා ගිය කිහිපදෙනෙක්‌ම නැවත ආවා. මේක අමුතු තැනක්‌. මෙතැන බෙහෙත් නෑ. අපි විසින්ම අපේ මොළය සෝදගන්න විදිහට තමයි වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. දවස ගානේ භාවනා වැඩසටහන් කෙරෙනවා. පිළී ජාති මොනවත් කැවෙන්නේ නෑ. මේ පන්සලේ අවුරුද්දක්‌ විතර ඉන්නවා කියන්නේ කුඩුවලින් විතරක්‌ නෙමෙයි ජීවිතයේ නරක සම්පූර්ණයෙන්ම ඈත් වෙනවා. දැන් නම් මට කුඩු අහුරක්‌ අතට දුන්නත් බොන්න හිතෙන්නේ නෑ. සම්පූර්ණයෙන්ම මත්ද්‍රව්‍යයෙන් මගේ හිත මිදිලා ඉවරයි. මත්ද්‍රව්‍යයෙන් ඇත්වීම විතරක්‌ නෙමෙයි, ඊට එහාට ගිය දෙයක්‌ මම මේ ආයතනයේදී ඉගෙනගත්තා. සහසුද්දයෙන්ම කියනවා නම් දැන් මම හොඳ මිනිහෙක්‌…”

”මම සම්පූර්ණයෙන්ම කුඩුවලට ඇබ්බැහි වුණේ යාළුවො නිසා. මගේ ජීවිතේ පළමු තැන හිටියේ දෙමවුපියො නෙමෙයි යාළුවො. අම්මා මට නිතරම බැන්නේ ‘උඹට අපිට වඩා ලොකු යාළුවො… අන්තිමේ උඹව විනාශ කළෙත් යාළුවො…’ කියලා. ඒක ඇත්ත. ඕනෑම කෙනෙකුට නරක යාළුවො ඇසුරට වැටුණොත් ගොඩඒමක්‌ නෑ. ඒ යාළුවො බලන්නේ වළට තල්ලු කරන්නමයි. මම මේ ආයතනයට එන්න ඉස්‌සරින්දා මගේ ගෑනු ළමයා මුණගැහුණු වෙලාවේ කිව්වේ ඔයා ජීවිතය හදාගෙන එන්න. අපි ජීවිතය අලුතින්ම පටන් ගමු කියලා. තවම මට අවුරුදු විසිඅටයි. අපි ජීවිතය අලුතින්ම පටන් ගන්නවා. නැවත වරදින්නේ නැති වෙන්න බුද්ධියෙන් වැඩ කරනවා…”

දිමියගේ අවසාන වචන කිහිපය අපේ දෙසවනට මීපැණි වක්‌කරන ගානය. කුඩ්ඩෙක්‌, හොරෙක්‌ ලෙස සමාජගත වූ තරුණයෙක්‌ අවසානයේ දැහැමි දිවිපෙවතක්‌ ගත කරන පුද්ගලයෙක්‌ ලෙස දැකීම සතුට ඉහ වහා යැමක්‌ බව සැබෑය. එවැනි පුද්ගලයන් හැදූ, වැඩූ අම්මා ඒ සතුට කෙසේ විඳ දරා ගනීද කියා සිතාගැනීමටත් නොහැකි තරම්ය. දිමියගේ අම්මට ඒ ප්‍රීතිමත් දිනය ළඟා වීමට තව වැඩි ඈතක්‌ නැත. එහෙත් ඒ අම්මාට සැමදා සතුට විඳින්නට නම් දිමියා යහපත් පුරවැසියෙක්‌ ලෙස සමාජයේ ජීවත් විය යුතුය.

-Divaina