කොරෝනා මතින් කරළියට පැමිණි E-Learning ක‍්‍රමය හෙවත් දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේදය

0
552

කොරෝනා ලොවට දායාද කළ තිලිණයන් අතර ලෝක ධනවාදී කඳවුර බිඳ හෙළීම, ස්වයංපෝෂිත ආර්ථික රටාවකට පදනම දැමීම මෙන්ම ලෝක අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ කළ නව්‍ය ප‍්‍රතිව්‍යුහගත කිරීමට හිමිවනුයේ අග‍්‍රගන්‍ය ස්ථානයකි. එය නව්‍ය අත්දැකීමක් බවට පත් වූයේ මෙය ලෝකයේ විවිධ ප‍්‍රදේශවල පෙර සිටම පැවතිය ද පරිධිය ආශ‍්‍රිතව පිහිටා තිබෙන ශ‍්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවලට මෙම අතථ්‍ය සන්නිවේදනය (Virtual Communication) ආගන්තුකවන බැවිනි. කොරෝනා ව්‍යසනයත් සම`ග මෙම ක‍්‍රමවේදය යළි පණ ගැන්වීමට සිදු වූ අතර ලොව පුරා බොහෝ පාසල් මෙන්ම විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපන කටයුතු මේ ආකාරයෙන් ප‍්‍රතිව්‍යුහගත කෙරිණි. එම යෝජනාවන්ට අනුව මේ ගෙවෙනා මොහොත තුළත් .”Zoom” ,”Learn” ආදී මෘදුකාංග යොදා ගනිමින් එකී අධ්‍යයනයන් සිදු කෙරෙනු දැකගත හැකිය.

එහෙත් නොසිතූ ලෙස නව්‍ය ක‍්‍රමවේදය හරහා සිදු කරනු ලැබුවේ වසර දස දහස් ගණනක් මුළුල්ලේ නඩත්තු කරමින් පැමිණි එම සජීවී අධ්‍යාපනය නම් විවෘත සන්දර්භය තිබූ මට්ටමටත් වඩා කඩා වැටීමය.

එහි දී ප‍්‍රථමයෙන් සිතා බැලිය යුතුම මානය වන්නේ මෙලෙස එකවර එවැනි හැරවුමකට පෙර ප‍්‍රමුඛතාව දිය යුතු සහ පරිපූර්ණ කළ යුතු අංශ ගණනාවක් ඇති බවයි. විශේෂයෙන් ලෝකයේ දියුණුතම රටවල් වන ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව, ස්විට්සර්ලන්තය ආදී රටවල්වලට නම් ආර්ථිකමය අතින් බලන කල මෙය බාධාවක් නොවී ඇත. එහෙත් සාපේක්‍ෂ වශයෙන් බලන කල ලොව විෂම සම්පත්වලින් ගහණ වූ මැදි ආදායම් රටවල් සහ දිළිඳු රාජ්‍යයන්ගේ නිසි ලෙස ව්‍යාප්ත කිරීමේ දැවැන්තම බාධකය වී ඇත්තේ ද ආර්ථිකමය පසුබිමයි.

එනම් ධබකසබැ ක‍්‍රමවේදය හරහා මේ හා සම්බන්ධවීමට විශාල මුදලක් දැරීමට සිදු වී ඇත. අනෙක් අතට මෙහි ප‍්‍රධානතම මාධ්‍යය වී ඇත්තේ ඬේටා අවශ්‍යතාවය නිසාවෙන්ම ඒවා මිල දී ගැනීම වෙනුවෙන් හුදෙක් ම එම වුවමනාවන් සම්පූර්ණ කර ගැනීම උදෙසා විශාල මුදලක් නියත වශයෙන්ම වැය වේ. ඉතා සුලූතරයකට ඬේටා පැකේජ් මිල දී ගනිමින් තම කටයුතු පිහිටුවා ගැනීමට හැකි වුවද බහුතරයක් භාවිත කරනුයේ ඬේටා කාඞ් සක‍්‍රීය කිරීම තුළිනි. මේ සඳහා ඉතා විශාල වියදමක් දැරීමට සිදුව තිබීම තුළ පාසල් ශිෂ්‍යයන්ටත් වඩා විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා තුළ කලකිරීමකට තුඩු දී ඇත.

පසුගිය කොරෝනා උත්සන්න වූ සමයේ මෙය එක්තරා ඛේදවාචකයකට බදුන් වූයේ පිරිසකට ඬේටා කාඞ්පතක් හෝ සක‍්‍රීය කර ගැනීමට මුදල් නොමැති වීමයි. නිරෝධායන නීතියට අනුකූලව සමස්ත රටම වැසී යෑම තුළ බොහෝ ආදායම් මාර්ග විගසම කඩා වැටීම ඒ සඳහා මූලිකවම හේතු විය. පිරිසකට එලෙස මුදල් තිබුණත් ඇදිරි නීති තත්ත්වයන් යටතේ එවැන්නක් මිල දී ගැනීමට ද නොහැකි විය. යම් පිරිසකට අඩුම තරමින් ස්මාර්ට් ජංගම දුරකථනයක්වත් නොමැති විය. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන මාගේ ස්වකීය අත්දැකීමට අනුව රජයේ සරසවියන් තුළට පැමිණෙන බොහෝ දෙනෙක්ට එදිනෙදා දෛනික දිවිපෙවතවත් සරිකර ගැනීමට අපහසු ය. මාගේ පීඨයේ සහ අධ්‍යයනාංශයෙහි ද බොහෝ දෙනා එවැනි අයවලූන් බව මා හොඳින්ම දනී.

එවැනි අසීරු අවධියක සිට දුරස්ථ අධ්‍යාපනය කෙරෙහි වැය කිරීමට කිසි ලෙසකින්වත් මූල්‍ය පැතිකඩක් කාහටත් ඇත්තේම නැති තරම්ය. අප කවුරුත් දන්නා පරිදි පසුගිය සමයේ අධ්‍යාපන කටයුතු බොහෝ විශ්වවිද්‍යාල මගින් පැවැත්වූවද සම්බන්ධ වීමේ තාක්‍ෂණික ගැටලූ සහ ඉහත පෙන්වා දී ඇති බොහෝමයක් බාධකයන් නිසා අධ්‍යයන කටයුතු සම`ග විධිමත්ව සම්බන්ධ වූයේ ඉතා අතළොස්සක් පමණි. එලෙස සහභාගී වූ අතළොස්සට ද සාර්ථක ගවේෂණයක් නියැලීමට හැකි වුණාද? යන්න ගැටලූවකි. ඒ සඳහා තවදුරටත් ඌනපූර්ණයක් සපයනු ලබන්නේ මෙම ක‍්‍රමවේදය විවිධ විෂයන් හා සාපේක්‍ෂ වන බැවිනි. විශේෂයෙන් කලා පරපුර ප‍්‍රමුඛ කරගත් සමාජීය විද්‍යාවන්ට (Social sciences) මෙය උචිත වුවද ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව ආදී ප‍්‍රායෝගික ස්වභාවික විද්‍යාවන්ගේ අධ්‍යයන කටයුතු සක‍්‍රීය ලෙස නඩත්තු කිරීමට මේ තුළින් හැකියාවක් නොමැති බව පෙනේ.

එය එලෙස වී ඇත්තේ බොහෝ විට සමාජීය විද්‍යාවන් හුදෙක්ම කියවීම සහ පරිශීලනය මතම පදනම් වුවද ස්වභාවික විද්‍යාවන් තුළ පවතින සම්පරීක්‍ෂණ, නිරීක්‍ෂණ ආදිය සිදු කිරීමට මෙම ක‍්‍රමවේදය තුළ කිසිදු අවකාශයක් නොමැති වීම නිසාවෙනි. මෙම සාධකය වඩා ප‍්‍රබල ලෙස ඉස්මතු වීමට ප‍්‍රධානතම හේතුව මෑතකදී වූ එක්තරා සමාජ මාධ්‍යය සංවාදයක දී ලංකාවේ ප‍්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු විසින් ඉදිරිපත් කරන ලදී. එම ආචාර්යවරයා බවට පත් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහයන්ය. නව්‍ය ලෙස ස්ථාපනය වූ මෙම දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේදයෙහි ඵලදායිතාවය පිළිබඳ සාකච්ඡුාවට බදුන් වූ මෙම සංවාදයේ දී ඔහු වැඩිදුරටත් දක්වා සිටියේ අධ්‍යාපනය හුදෙක් ම සජීවී ප‍්‍රපංචයක් විය යුතු බවයි.

මෙහි ඵලදායිතාවය කොතෙක් ද යන්න වැඩිදුරටත් විශ්ලේෂණය කරමින් ඔහු දක්වා සිටියේ මෙය කිසි ලෙසකින්වත් සජීවී අධ්‍යාපනයක් නොවන බවයි. එම සංවාදය හා සම්බන්ධ වූ ලාංකීය බොහෝ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ පොදු විවේචනය වූයේ ද එයමය. මෙහි දී සජීවී අධ්‍යාපනයක් ලෙස ප‍්‍රබල ආකාරයෙන් ඔවුන් සියල්ලක් අර්ථගැන්වූයේ සාම්ප‍්‍රදායික අධ්‍යයන දේශනයකට එහා ගිය ශිෂ්‍යයන්ගේ ගැටලූ සාකච්ඡුා කිරීමට හැකි සර්වකාලීන විදග්ධ වේදිකාවකි. ඒ අනුව එවැනි ප‍්‍රපංචයක් නඩත්තු කිරීමේ නොහැකියාව නිසාවෙන්ම අවසානයක් ලෙස දුරස්ථ අධ්‍යාපනය තුළ කිසි ලෙසකවත් සක‍්‍රීය ග‍්‍රාහක පිරිසක් Active Auduience නිර්මාණය නොවන බවට වන නිගමනය සනාථ විය.

මේත් සම`ගම අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ගේ පැතිකඩෙන් ද දැවැන්ත විවේචනයක් මේ වෙත එල්ල වෙමින් පවතී. එනම් මෙම Online ක‍්‍රමවේදය හරහා ගුරුවරයා නම් භූමිකාවට ගැළවීමට අවස්ථාවක් ලැබී ඇති බවයි. මෙම E – Learning ක‍්‍රමය තුළ බොහෝ විට PDF, Online Notes ආදිය යහමින් බෙදා හැරිය ද නිසි ලෙස අදාළ අන්තර්ගත කරුණු තේරුම් කරලීමට සමත් නොවීම මේ සඳහා ප‍්‍රධානතම හේතුව වී තිබේ. අධ්‍යාපන කටයුතු කිසියම් ආකාරයකින් නඩත්තු කෙරුව ද එහි ශිෂ්‍යන්ගේ පාර්ශ්වයෙන් වන සවිමත් දැනුවත් වීම නිසි ආකාරයෙන් වන බවක් නොපෙනේ. ඒ වෙනුවට හුදෙක්ම කාලය තෘප්තිමත් කිරීමක් ලෙස දිගහැරෙන මෙවැනි බොහෝ ඇදුරු ප‍්‍රපංචයන් මාධ්‍යය නිරූපණ මෙන් ආකර්ෂණය මත පමණක්ම පදනම් වී ඇත. එලෙසම අනෙක් අතට බොහෝ දෑ ශිෂ්‍යයන්ට පෙරළා ප‍්‍රශ්න කිරීමේ අවකාශයක් යම් තරමකින් ලබා දී තිබුණ ද එය වඩා ප‍්‍රායෝගික වී නම් නොමැත. ඒ අනුව බලන කල දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වී ගිය ද විකල්පයක් ලෙස එහි ඇති අවිධිමත් ස්වරූපය පැහැදිලි ය.

මෙලෙස සියලූ කරුණු කාරණාවන් ඔස්සේ බලන කල ලොව අන් සෑම දේ විලසින්ම වෙනස්වීම යන සාධකය අධ්‍යාපනයට ද අවශ්‍ය සහ නියත බවට විවාදයක් නොමැත. එහෙත් එම කුමන වෙනස් තත්ත්වයක් යටතේ වුවද සාධනීය බලපෑමක් පාලිත පාර්ශ්වය කෙරෙහි සිදු නොවේ නම් එවැන්නක් කුමකටද? යන ප‍්‍රශ්නය සමාජය හමුවේ තවමත් ඉතිරි වී ඇත. යම් හෙයකින් හෝ ඉදිරි අනාගතයේදී මෙම ක‍්‍රමවේදයම විකල්ප අධ්‍යාපනික ක්‍ෂේත‍්‍රය තුළ ප‍්‍රතිව්‍යුහගත කරන්නේ නම් ඉහත ලෙස පෙන්වා දී තිබෙන බාධක අවහිරතා සඳහා නියත වශයෙන්ම වහ වහා පිළිතුරු සෙවිය යුතුවම ඇත.

කෙසේ වෙතත් එම සියලූ තත්ත්වයන් පරිපූර්ණ කොට පමණක් සිදු කෙරෙන මෙම ක‍්‍රමවේදයක ප‍්‍රතිෂ්ඨාපනය ලෝක අධ්‍යාපනික ක්‍ෂේත‍්‍රය තුළ සැබෑම වෙනසකට ම`ග පාදනු ඇත.

සහන් තිරංජය ඇලෙක්සැන්ඩර්
ජනමාධ්‍ය අධ්‍යයනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය
ශ‍්‍රී පාලි මණ්ඩපය