ශ්‍රී ලංකාවට මල්ට් බැරල් සැපයීම ගැන චෙක් රාජ්‍යයට චෝදනා එල්ල වුවත් චෙක් රජය ශ්‍රී ලංකාවේ හමුදාවට එහි යුද අපරාධ චෝදනාවලට සහාය දැක්වීම මවිතයට කරුණක් නොවේ ද?
යුද හමුදාවට වසර 73 ක් සපිරෙන අවස්ථාවේ හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීමේ ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පියවර ගෙන ඇත.
මෙයට වසර කීපයකට පෙර නේපාල හමුදාවේ කර්නල් ලාමා බ්‍රිතාන්‍යයට පැමිණියේ සමුළුවකට සහභාගි වීමට ය.
ලන්ඩන් නුවර දී ඔහුව අත්අඩංගුවට ගැනුනේ ජාත්‍යන්තර නීතිය යටතේයි. ඒ ලන්ඩන් නුවර සිටින හිටපු මාඕවාදියකු ගොනු කළ පෙත්සමක් මතය.
ඊට සමානව චැගි ගාල්ලගේ ලන්ඩන් නුවර දී අත්අඩංගුවට ගැනීමට කොටි ඩයස්පෝරාව පෙත්සමක් ගොනු කළත් ගාල්ලගේට තානාපති වරප්‍රසාද තිබීම නිසා ඔහු බේරුණි.
ජගත් ඩයස් ද ජර්මනියේදී අත්අඩංගුවට පත්වීමට නියමිතව තිබිය දී විගස ඔහුව ශ්‍රී ලංකාවට කැඳවනු ලැබීය.
ජගත් ජයසූරිය අත්අඩංගුවට ගැනීමට ස්පාඤ්ඤ නීතිවේදියකු සූදානම් වූ අවස්ථාවේ ඔහු වහාම ඩුබායි හරහා ශ්‍රී ලංකාවට පැමිණියේය.
චැගි ගාල්ලගේට සහ කමල් ගුණරත්නට ද අද ඔස්ට්‍රේලියාව තහනම්ය. ශවේන්ද්‍ර සිල්වා, උදය පෙරේරාට ඇමරිකාව තහනම් වී තිබේ. කැනඩාව ද වන්නි මෙහෙයුමේ හමුදා නිලධාරීන් එරටට පැමිණෙන තුරු බලා සිටී.
හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස්ට ද කැනඩාව තහනම් වී ඇත. මේ පසුබිම මැද හමුදා නිලධාරීන් 58 කට අද විදේශගත වීම ඔවුන්ගේ ඉරණම තීරණය වීමකි. එහෙත් ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ එල්ල කරන්නේ කවුද? ඒ බිහිසුණු යුද අපරාධකරුවන් වූ ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය, මැසිඩෝනියාව, මොන්ටිනිග්රෝ සහ ජර්මනියයි. මේ යුද අපරාධ චෝදනා ගැන පාර්ලිමේන්තුවේදී කිසිදු හඬක් නැඟී නැත. නිරතුරුව ම ඇහෙන්නේ 22 වැනි සංශෝධනයයි.
රජය 7000 කට අධික සංඛ්‍යාවකට උසස්වීම් ප්‍රදානය කළත් යුද අපරාධ චෝදනා බොරුව සනාථ කිරීමට පියවර ගෙන ඇත.
එහි ප්‍රතිඵලය භයානකය.
තවත් ජිනීවා වාර්තා 4ක් මග එන බව හෙළි වී ඇත.
ඉන් තහවුරු වන්නේ යුද අපරාධ චෝදනා දිගට ම යන බවයි. මේ වනවිට ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනා 4 ක් ගොනු වී තිබේ. 2009 සිට ම එම යෝජනා ඉදිරිපත් විය. වන්නි මෙහෙයුමින් 7000 ක් මියගිය බව තහවුරු වී තිබියදී එය තුන්ලක්ෂයක් දක්වා වැඩිවන තුරු රජය බලා සිටියේය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිරීක්ෂණයකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාව සෑම වසරකම රුපියල් මිලියන ගණනක් වැය කර දූත මණ්ඩල ජිනීවා වෙත යවනු ලබයි. එහෙත් ප්‍රතිඵලයක් සිදු වී නැත.
2009 දී රටවල් 22 ක් ශ්‍රී ලංකාවට සහාය දැක්වූ අතර 2022 දීත් රටවල් 7කට පහත වැටුණි.
කොටි සංවිධානය සිදුකළ බිහිසුණු යුද අපරාධ ජාත්‍යන්තරයට සනාථ කිරීමට රජය අසමත් වීමේ ප්‍රතිඵලය රටවල්වල සහාය නො ලැබීමෙන් සනාථ විය.
හමුදාපති වූ ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න භාවිත කළ සී. ඩී. එම්. ඒ. දුරකථනවල විස්තර පවා සපයන ලෙස ශ්‍රී ලංකා රජයට දන්වන ලෙස එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා මානව හිමිකම් කවුන්සිලයට නිර්දේශ කර තිබේ.
එහෙත් රාජ්‍ය රහස් හෙළි කළ හැකිද?
ලොව කිසිදු රටක් තම හමුදාවේ රාජ්‍ය රහස් හෙළි නො කරයි. එසේ නම් ශ්‍රී ලංකාවට පමණක් රාජ්‍ය රහස් හෙළි කළ හැකිද?
ජිනීවා යෝජනාව සම්මත වීමත් සමගම ඊට එරෙහිව රජය ද පාර්ලිමේන්තුව හමුවේ කිසිදු ප්‍රකාශයක් කිරීමට ක්‍රියා කළේ නැත. රටවල් 20 ක් යෝජනාවට සහාය දැක්වීම ගැන රජයේ ඇමැතිවරයකු පැවසුවේ එය කොටි ඩයස්පෝරාවේ ක්‍රියාවක් බවයි. එහෙත් සත්‍යය තත්ත්වය නම් යුද අපරාධ චෝදනාවලට රජය අභියෝග කළේ නැත. යුරෝපයේ කොටි යුද අපරාධකරුවන් 200 ක් පමණ සිටියදී ඔවුන් ගැන එම රටවලට කරුණු දැක්වීමට ක්‍රියා කළේ නැත.
එසේම හමුදාවට එරෙහිව සාක්කිකරුවෝ එම කොටි යුද අපරාධකරුවන් වේ. මේ හැර සාක්කි 120000 ක් ඇති බව මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර ඇත. එම සාක්කිද හෙළිදරව් කර නැත.
මේ අතර 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් පසු අලුතින් සාක්කි එකතු කිරීම සඳහා ඩොලර් මිලියන 6 ක් අලුතින් වෙන් කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 2100 කි. අලුතින් සාක්කි එකතු කරන විට ශ්‍රී ලංකාවට මල්ටි බැරල් යුද රථ සැපයූ චෙක් රාජ්‍යය ද වරදකරු වේ. එහෙත් චෙක් රාජ්‍යය ජිනීවා යෝජනාවට එකඟ විය.
මල්ටි බැරල් යුද රථ හා ග්‍රාඩ් රොකට් ශ්‍රී ලංකාවට සැපයූ චෙක් රාජ්‍යය ශ්‍රී ලංකාවට යුද අපරාධ සිදු කළ බවට ඡන්දය පාවිච්චි කර තිබියදී එම රටවල් යුද අපරාධ සඳහා මුල්වී නැතයි කිව හැකිද?
එසේම ඉන්දීය සාම හමුදාව කොකුවිල්හිදී සිවිල් වැ
Divainaසියන් 50ක් ඝාතනය කිරීමේ සංවත්සරය සැමරීම මේ සතියේ දී සිදු විය.
එහෙත් ද්‍රවිඩ සන්ධානය සහ කොටි ඩයස්පෝරාව ඊට සහාය දැක්වූයේ නැත. යුද අපරාධ ගැන හඬ නඟන සුමන්තිරන් ද එම ඝාතන ගැන වචනයක්වත් පැවසුවේ නැත.
කීර්ති වර්ණකුලසූරිය
Divaina