දිගු කලක සිට මාර්ග නීති පොතේ තිබුණද මංතීරු නීතිය සමාජයේ කතාබහට ලක්වනුයේ අද ඊයේ සිටය. ඊට හේතුව මෙතුවක් පොත් පිටු අතර තිබූ එම නීතිය අද වන විට මහමගදී සක්‍රියව ක්‍රියාවට නැගීමයි. තදබදය අවමකර මාර්ග විනය නගාසිටුවීමේ අරමුණින් ක්‍රියාවට නගන එම මංතීරු නීතිය නිසා තදබදය ඉහළ යන බව ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කරයි. මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටලු පිළිබඳ රථවාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා හා කළ සාකච්ඡාවකි මේ.
සති කිහිපයක සිට කොළඹ නගරය ආශ්‍රිතව මං තීරු නීතිය ක්‍රියාත්මක කෙරෙනවා. සැබවින්ම මංතීරු නීතිය යනු කුමක්ද?
මං තීරු නීතිය අලුතින් හඳුන්වා දෙන නීතියක් නෙවෙයි. එය පැවැති නීතියක්. දැන් සිදුවන්නේ එය ක්‍රියාත්මක කිරීමයි. එය සරලව මෙසේ පැහැදිලිි කළ හැකියි. එක දිසාවට තීරු දෙකක් සහිත මාර්ගවල වාහන ගමන් කළ යුත්තේ වම්පස මංතීරුවෙන්. දකුණුපස තීරුව හිස්ව තැබිය යුතුයි. එයට වාහනයක් ඇතුළු කළ යුත්තේ ඉස්සර කිරීමේදී සහ දකුණට හැරවීමේදී පමණයි. තවත් වාහනයක් පසු කර යෑමට දකුණු මංතීරුවට ඇතුළු කරනා වාහන එය පසුකළ පසු යළිත් වම් පස මං තීරුවට ඇතුළු කළ යුතුයි. වම්පස මංතීරුවේ රිය පදවන කළ හැකිතාක් මංතීරු දෙක වෙන් කරන රේඛාවෙන් ඈත්ව වමට බරව රිය පැදවිය යුතුයි.
එවිට මංතීරු තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇති විට තත්ත්වය කුමක්ද?
එවිට වම්පසට ඇති පළවෙනි සහ දවෛනි මංතීරුවල රිය පැදවිය හැකියි. තුන්වෙනි මංතීරුව දකුණට හැරවීමට සහ පසුකර යෑමට භාවිත කළ යුතුයි. ඒ වගේම තමයි මංතීරු දෙකේ රිය ධාවනය කිරීමේදී පළවෙනි සහ දවෛනි මංතීරු වෙන් කරනා කැඩි ඉර මැදිකර වාහන ධාවනය කිරීම තහනම්. එකක් පසුපසින් එකක් වාහන ගමන් කළ යුතුයි. උදාහරණයක් ලෙස ලොරියක් පසුපසින් ත්‍රිරෝද රථ දෙකක් හෝ යතුරු පැදි කිහිපයක් සමාන්තරව ධාවනය කිරීම නොකළ යුතුයි. ඒ සියල්ල එක පසුපස එකක් ලෙස ගමන් කළ යුතුයි. ඊට අමතරව මංතීරු අවහිර වන පරිදි රිය නතර කිරීම, මංතීරුව අවහිර වන පරිදි රිය පැදවීම තහනම්. විශේෂයෙන්ම මතක තබා ගන්න වමෙන් ඉස්සර කිරීම තහනම්, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි කරුවන් මෙම වරද නිතර කරනවා.
මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් නාගරික වාහන තදබදය අඩුවී තිබෙනවාද?
ඇත්තටම දැන් මාර්ගයේ ගමන් කිරීම පහසුවී තිබෙනවා. ඒ වගේම තමයි රථ වාහන තදබදය සැලකිය යුතු ලෙස අඩුවී තිබෙනවා. අනතුරු ප්‍රමාණයද අඩුවී තිබෙනවා. මේ සියලු කරුණු නිසා ආතතියෙන් තොරව ගමන් කිරීමේ සහ රිය පැදවීමේ හැකියාව ඇතිවී තිබෙනවා.
මංතීරු නීතිය ප්‍රභූ වාහනවලට අදාළ නොවන්නේ ඇයි?
ප්‍රභූ වාහන මංතීරු නීතියට යටත්. එහෙත් ජනාධිපති, අගමැති ගමන් කරන වාහනවලට මංතීරු නීතිය අදාළ වන්නේ නෑ. ඊට අමතරව රෝගීන් රැගෙන යන ගිලන් රථ, ගිනි නිවීමේ රථ වලටද මෙම නීතිය බලපාන්නේ නෑ. ප්‍රායෝගික තත්ත්වයන් සලකා රෝගීින් රැගෙන යන වාහන, මාර්ග අනතුරුවලට ලක්වූවන්ට සහය දීමට යන වාහන වැනි දේද මෙම නීතියෙන් නිදහස් කර තිබෙනවා. ඒ හැර සියලු මැති ඇමැතිවරුන් සහ ආරක්ෂක ප්‍රධානීන් ගමන් කරන ප්‍රභූ වාහන මෙම නීතියට යටත්. පොලිස්පතිතුමාවත් කිසිම දිනක මෙම නීතිය නොසලකා ගමන් කරන්නේ නෑ. රථවාහන පොලීසියේ ප්‍රධානියා වුවත් මමත් මේ නීතියට යටත්වයි ගමන් කරන්නේ.
කලින් කලට විවිධ රථ වාහන සැලසුම් පොලීසිය විසින් ගෙන එනවා. ඒත් ඒ ක්‍රියා මාර්ගවලින් සිදුවනුයේ තැනක ඇති තදබදය තවත් තැනකට ගෙන යෑම පමණක් බව ප්‍රාමාණිකයන් පවසනවා.
මේ සියලු සැලසුම් කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ විශේෂඥ දැනුම ඇති විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය වැනි පාර්ශ්ව විසින්. පොලීසියට කරන්නේ ඒවාට සහය දීමයි. ඊට අමතරව නීති කඩන අයට දඩ නියම කිරීම අධිකරණයට පැමිණ වීම වැනි දේ සිදු කිරීමට පොලීසියට බලය තිබෙනවා. මාර්ගයේ ආරක්ෂාව භාරව අපේ් නිලධාරීන් කටයුතු කරන නිසා ජනතාව සිතනවා මාර්ග සම්බන්ධ සියලු දේ පොලීසිය මගින් සිදු කරන ඒවා බව. ඒත් අප කරන්නේ මාර්ග නීති ආරක්ෂා කිරීමට උදව් කිරීමයි.
පොදුවේ ගත් කල වාහන තදබදය අඩු කිරීමට ගන්නා ලද ක්‍රියා මාර්ගවලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබි ඇති බවයි ජනතාව පවසන්නේ. ඔබ එය පිළිගන්නවාද?
ශ්‍රී ලංකාවේ වාහන ඉහළ යන ප්‍රතිශතය දරා ගැනීමට නම් මාර්ග ප්‍රමාණය දස වසරකට වරක්වත් දෙගුණ කළ යුතු බව මේ පිළිබඳ කළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. සැලසුම් අසාර්ථක වන්නේ මාර්ගවලට දරා ගන්නට බැරි වාහන සංඛ්‍යාවක් ෙදෙනිකව එක්වීම නිසායි. කොළඹ නගරය ආශ්‍රිත තදබදය අඩු කරන්න නම් නගරයට ඇතුළු වන පුද්ගලික වාහන ප්‍රමාණය අඩු කළ යුතු බවත් ඊට සාපේක්ෂව පොදු ප්‍රවාහන සේවා ශක්තිමත් කළ යුතු බවත් මේ පිළිබඳව උනන්දු වන සියලු දෙනාගේ මතයයි.
බස් රථ වමෙන් ගමන් කිරීමට නියම කිරීම නිසා විශාල තදබදයක් නිර්මාණය වෙනවා. ඉන් දුර ගමන් යන මගීින්ට විශාල අසාධාරණයක් සිදුවෙනවා නේද?
කිසිවිටකත් බස් රථ වලට දකුණුපස මංතීරුවට ඇතුළු වී අනෙක් වාහන පසු කර යෑම තහනම් කර නෑ. ගැටලුව උදා වන්නේ නැවතුම් පොළවල බස් රථ වරු ගණන් රඳවා තබා ගැනීමෙන්.
එසේ රඳවාගෙන සිටින බස් රථ තවත් බස් රියක් දුටු සැනින් කිසිදු වග විභාගයක් නැතිව මාර්ගයට ගෙන ධාවනය අරඹනවා. එනිසා මගීින්ට පීඩා ඇති වීම, වාහන තදබදය ඇති වීම, අනතුරු ඇතිවීම යන ත්‍රිවිධාකාර මාර්ග ගැටලු නිර්මාණය වෙනවා. මගීින් නංවා ගත් සැනින් බස් රථ පිටත් වෙනවා නම් වමෙන් ධාවනය කිරීම නිසා තදබදයක් පමාවක් හෝ ඇති වන්නේ නෑ.
මංතීරු නීති කඩනා රියැදුන්ට දඩ කොළ නොදී ඔවුන් අධිකරණයට පමුණුවන්නේ ඇයි?
මංතීරු නීතිය කඩනා අයට දඩ කොළ නිකුත් කරනවා.
මංතීරු නීතිය පනවා ඇත්තේ දඩ එකතු කරගැනීමට පමණක් බවට ජනතාව චෝදනා කරනවා
ඒක අසත්‍යයක්. මෙම නීතිය ක්‍රියාත්මක කිරීම මගින් මගීන්ට සහනයක් ලැබි තිබෙනවා. ටික කලකින් රියැදුරන් මීට හුරු වූ පසු වඩාත් හොඳ මාර්ග විනයක් ඇති වේවි.
දඩ කොළ ලිවීමේදී රියැදුරු බලපත්‍රය පොලීසිය ලබා ගන්නවා. ඒ අනුව කොළඹ මගියෙකුට යාපනයේදී දඩ කොළයක් ලියුවොත් බලපත්‍රය ගන්න ඔහුට යාපනයට යෑමට සිදු වෙනවා. මේක විශාල පීඩාවක් බවයි පෙනෙන්නේ.
කිසිසේත් එසේ යෑමට අවශ්‍ය නෑ. දින 14ක් ඇතුළත දඩය ගෙවා එහි ලදුපත අදාළ පොලීසියට තැපැල් කළහොත් ඔබගේ රියැදුරු බලපත්‍රය ලියාපදිංචි තැපෑලෙන් ආපසු ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. නීතිය එහෙම වුණත් රියැදුරු බලපත්‍රය නැතිවේය යන බිය නිසා ජනතාව ආපසු ගොස් බලපත්‍රය අතේම රැගෙන එනවා.
මෙතරම් දියුණු තාක්ෂණික උපක්‍රම පවතින යුගයක දඩ ගෙවීම මීට වඩා පහසු කළ හැකියි නේද?
ඔබේ ජංගම දුරකථනය යොදාගෙන දඩ මුදල් ගෙවීමේ නවීන තාක්ෂණ යෙදවුමක් පොලීසියට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. එමගින් ඔබේ දඩ මුදල් ඉතා පහසුවෙන් ගෙවන්නට හැකි වෙනවා. එපමණක් නොවෙයි. දැනට දඩ කොළ නිකුත් කරනා වැරදි සංඛ්‍යාව 23 වුවත් අනාගතයේදී එය තවත් වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම, ආසන පටි නොපැළඳීම, වැනි දැනට අධිකරණයට ඉදිරිපත් කරනා වැරදි සඳහාත් දඩ කොළ නිකුත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
– Lakbima