කතා මැද කතා

0
746
freedom

ඇස්‌ පියසේනගේ සිකුරු දැක්‌ම

දිනෙන් දින ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන යන ක්‍ෂේත්‍රයන් හි සිදුවන වෙනස්‌කම් හා ඒ වෙනස්‌කම් පිළිබඳ බලවතුන් කරන ප්‍රකාශ මේ රටේ බුද්ධිමතුන්ගේ අවධානය යොමුව ඇතැයි සිතමි.

මේ රට නිදහස ලබාගෙන වසර 68 ක්‌ ගත වුවද අපට පසුව නිදහස ලබා ගත් රටවල් ලබා ඇති දියුණුවවත් අපට උදාකර ගැනීමට නොහැකි වී ඇත. පක්‍ෂ දේශපාලනය නිසා විටින් විට බලයට පත්වන පුද්ගලයන් ඔවුන්ට ඕනෑ ඕනෑ විදියට රාජ්‍ය ප්‍රතිපත්ති හා සංවර්ධන ක්‍රියාදාමයන් වෙනස්‌ කරමින් අපේ රට ලෝකයේ දියුණුම රට ලෙස දියුණු කරන බවට පුරසාරම් දොඩවන නමුත් ඔවුනොවුන් ගේ පාලන කාලයන් අවසන් වන විටත් අපි ඉන්නේ හිටපු තැනම නැතහොත් ඊටත් පහළින් ය.

දේශපාලකයන්ගේ තකතීරු තීරණ හා ක්‍රියාවන් නිසා දිනෙන් දින ලෝකය ඉදිරියේ කඩාවැටෙන අපට අවශ්‍ය වන්නේ ඒ කඩා වැටීම වළක්‌වා ගත හැකි අපිටම විශේෂ වූ ස්‌ථිර ජාතික ප්‍රතිපත්තියකි. එය සකස්‌ කර ගැනීමට ප්‍රමුඛතාව ලබාදීමට යහපාලනය කටයුතු කරන්නේ නම් අප සැබැවින් ම ජයග්‍රහණය කරන්නේ ඒ ජාතික ප්‍රතිපත්තිය සකස්‌ කළ දිනටය.

මේ වැදගත් කරුණු අමතක කර තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරන හා ප්‍රකාශ කරන ඇතැම් මැති ඇමැතිවරුන් ගැන ජනතාව තුළ ඇත්තේ අප්‍රසාදයකි.

ඉකුත් දිනක අමාත්‍ය පාඨලී රණවක මහතා කළ ප්‍රකාශයක්‌ ද මෙහිදී අපේ මතකයට නැඟේ.

“අපේ මේ ශ්‍රී ලංකාවට වඩා දියුණුව අතින් පසුපසින් සිටි තායිලන්තය හා මැලේසියාව අද අපේ රට අභිබවා මහත් දියුණුවක්‌ ලබා තිබේ. ඊට හේතුව සොයා බලා ප්‍රතිකාර කිරීම සඳහා බස්‌නාහිර පළාත සශ්‍රීක නගරයක්‌ බවට පත් කිරීම අපේ අරමුණයි.”

2010 හෝ එකොළහේ හෝ එක්‌ බ්‍රහස්‌පතින්දා දිනයක ජාතික පුවත්පතක විග්‍රහයක සඳහන් වූ වැකියක්‌ මගේ මතකයට නැඟේ. ඒ සැකැවින් මෙසේය.

“මීළඟ මැතිවරණය එන විට ප්‍රභාකරන් කියා එකෙක්‌ හිටියා ද කියන එකත් අපේ අයියලාට මතක නැති වනු ඇත.”

දශක තුනක පමණ දේශපාලනයේ යෙදී සිටි පක්‍ෂයකට අයත් ඇමැතිවරයකුටත් මෑත අතීතය අමතක වේ නම් “අපේ අයියලාට” කෙසේ මතක සිටින්නේද?

මැලේසියාවේ සිවිල් යුද්ධයක්‌ තිබුණේ මීට අවුරුදු 50 කටත් පෙරය. ඒ රටේ ජනගහනය ලංකාවට වඩා අඩුවන්නේ ස්‌වල්පයකි. එහෙත් මැලේසියානු නිත්‍ය යුද හමුදාවේ උපරිමවත් 20,000 ක්‌ වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතිත්වයක්‌ යටතේ පාලනය වන ඒ රටේ ආර්ථික ප්‍රගතියට විශේෂයෙන් හේතු වී ඇත්තේ වාර්ගික භේද ඇතත් වාර්ගික ගැටුම් ඇති නොකර ගැනීමය. භාෂා මැලේසියා හැරුණු විට චීන, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා ද ඒ රටේ පිළිගත් ජාතික භාෂාවන් ය.

ලෝකයේ විශාලම බෞද්ධ රාජධානිය වූ තායිලන්තයේ ජනගහනය ශ්‍රී ලංකාවේ මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. එරට කවරදාවත් සිවිල් යුද්ධයක්‌ ඇති වූයේ නැත. වරින්වර ප්‍රජාතන්ත්‍රවාදය හා හමුදා පාලනය ‘තට්‌ටු මාරු ක්‍රමයට’ බලයට පත් විය.අද බලය හිමිව ඇත්තේ හමුදා පාලකයන්ටය. එහෙත් එරටේ නිත්‍ය හමුදාව එක්‌ලක්‍ෂ හැත්තෑදහසක්‌ බව සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ගේ තකතීරු තීරණ නිසා 1983 කළු ජූලියත් සමඟ ඇරැඹුණු ත්‍රස්‌තවාදී සිවිල් යුද්ධය අවසන් වූයේ වසර 25 කුත් මාස 10 කට පසුවය. ඒ 2009 මැයි මාසයේ ය. එහෙත් අදත් මේ රටේ යුද හමුදාව පමණක්‌ දෙලක්‍ෂයකට අධිකය. මියගිය හා ආබාධිත සෙබළුනට විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික දීමනා ලබාදීම සඳහා අදත් කෝටි ගණනක්‌ ධනය වැය වේ. නාවුක හා ගුවන් හමුදාව ඊට අමතරවය. මෙබඳු ඉරණමක්‌ ඇති රටවල් දකින්නට ලැබෙන්නේ මැදපෙරදිග පමණි.

මේ අනුව මැලේසියාව සහ තායිලන්තය ශ්‍රී ලංකාවට සම කිරීම විහිළුවකි.

ඒ සමගම ආන්දොaලනාත්මකව රැව් දෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයයි. ශ්‍රීලනිපයේ භේදය කොතරම් උග්‍රව ඇතිදැයි කිවහොත් පක්‍ෂයේ ගම් මට්‌ටමේ අතිබහුතරය අලුත් පක්‍ෂයක්‌ ගැන උද්ඝෝෂණ කිරීමට පටන් ගෙන ඇත.

අලුත් පක්‍ෂය ගැන කතා කරන්නවුන් ශ්‍රීලනිපයෙන් පන්නා දැමීමට සූදානමක්‌ තිබෙන බව ද වාර්තා වෙයි. එහෙත් ප්‍රාදේශීය සභා පළාත් සභාවල පක්‍ෂයේ දේශපාලනඥයන් පවසන්නේ අලුත් පක්‍ෂයක්‌ ගොඩනැගෙන්නේ මේතාක්‌ රටේ සිදුවූවාක්‌ මෙන් ඉහළ සිට පහළට නොව පහළ සිට ඉහළට බව ය.

විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා පවසන්නේ ශ්‍රීලනිපය දෙකඩ වුවහොත් එහි වාසිය එජාපයට හිමිවන බව ය. ඒ නිසා මෛත්‍රීපාල කණ්‌ඩායම, රාජපක්‍ෂ කණ්‌ඩායම ආදී වශයෙන් පිල්වලට බෙදී තරග කිරීම වෙනුවට ශ්‍රීලනිපයේ සියලු දෙනා එක්‌ වී එජාපය පරාජය කිරීමට ක්‍රියා කළ යුතු බවය.

එහෙත් මේ ලියුම්කරු සමඟ සාකච්ඡා කළ සියනෑ කෝරලයේ ප්‍රබල පළාත් සභා මන්ත්‍රීවරයකු දරන්නේ මීට හාත්පසින්ම වෙනස්‌ මතයකි. ඔහු මේ ගැන මෙසේ ප්‍රකාශ කළේය.

“දැන් බලන්න බණ්‌ඩාරනායක යුගයේ සිට අත්තනගල්ල සහ දොම්පෙ ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගම්බද සියලු ඡන්ද කොට්‌ඨාස (ජයේදීත් පරාජයේදීත්) අති බහුතරයකින් ජය ගත්තේ ශ්‍රීලනිපයයි. (මෙය වෙනස්‌ වූයේ 1982 ජනමත විචාරණ මංකොල්ලයේදී පමණි) එහෙත් පසුගිය වසරේ ජනවාරි හා අගෝස්‌තු යන මාසවල සිදුවූයේ කුමක්‌ද?

බණ්‌ඩාරනායක ‘ප්‍රවේණි’ නායිකාව වූ චJද්‍රිකා කුමාරතුංග මැතිනිය හා එජාපය එක පෙරමුණකට වී තරග කළ ද අත්තනගල්ල, දොම්පෙ, ගම්පහ, මහර, මීරිගම, මිනුවන්ගොඩ, දිවුලපිටිය හා බියගම යන ඡන්ද කොට්‌ඨාස 8 ම ජය ගත්තේ ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිසයයි. මේ වන විට ඒ තත්ත්වය තවත් අපට වාසිදායක මිසක්‌ අවාසි තත්ත්වයක්‌ ඇති වී නැත.”

ඔහු තම තර්කය තවදුරටත් ඉදිරියට ගෙන ගියේය.

“දැන් බලන්න අගෝස්‌තු මැතිවරණයේදී ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිස මන්ත්‍රී ධුර 83 ක්‌ ජය ගත්තේ මැතිවරණ කොට්‌ඨාස 78 ක වැඩි ඡන්දවලිනි. ඒ අසූතුනදෙනාගෙන් 21 දෙනෙක්‌ම ඇමැති හා උප ඇමැතිකම් ලබා ආණ්‌ඩුවට එක්‌ වි සිටිනවා. 50 කට අධික සංඛ්‍යාවක්‌ තවමත් සිටින්නේ එජනිස සමගය. එහෙත් නිල විපක්‍ෂ නායකකම හිමිව ඇත්තේ මන්ත්‍රීවරුන් 16 දෙනකු සිටින දෙමළ ජාතික සන්ධානයටය. කතාව ප්‍රජාතන්ත්‍රවාදී දොaලාවෙනි. ගමන ඒකාධිපති බයිසිකලයෙනි.”

පළාත් සභා මන්ත්‍රීවරයාගේ මේ කියමනේදී මට සිහිපත් වූයේ 1983 කළු ජූලියෙන් පසු උද්ගත වූ තත්ත්වයයි. අනවශ්‍ය 6 වන සංශෝධනයත් සමඟÊදෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 17 දෙනා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්‌වීමට තීරණය කළහ. එවිට විපක්‍ෂ නායක පදවියට පත් කරන ලද්දේ ආසන 10 ක්‌ පමණක්‌ ලබාගෙන සිටි ශ්‍රීලනිපයේ කනිටු මන්ත්‍රීවරයෙකු වූ අනුර බණ්‌ඩාරනායක මහතාවය. ඒ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා වූ මෛත්‍රීපාල සේනානායක මහතා හා ඇස්‌. ඩී. බණ්‌ඩාරනායක වැනි ප්‍රවීණයන්ගේ ඉහට උඩින් මෙම පත්වීම කෙරිණි.

ශ්‍රී ලංකාවේ මේ සිද්ධීන් පිළිබඳව 1984 වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුදු දිනයේ මදුරාසියේ දී චාවකච්ෙච්රි හිටපු මන්ත්‍රී වී. එම්. නවරත්නම් මහතා ගුවන් විදුලි සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක්‌ මට මතකය. එහි පළ වූ සමහර අදහස්‌ සැකැවින් මෙසේය.

“අපි ඉල්ලා අස්‌වන්නට තීරණය කළායින් පසු ජනාධිපති ජයවර්ධන මහතා අප කිහිපදෙනකුට මන්ත්‍රී ධුරවලින් අස්‌ නොවී ඇමැතිකම් හා නියෝජ්‍ය ඇමැතිකම් පිළිගන්නා ලෙස ඇරියුම් කළේ වරප්‍රසාද රාශියක්‌ සමගයි. එහෙත් උතුරු පළාතේ 14 දෙනාගෙන් එක්‌ කෙනෙකුවත් එයට එකඟ වූයේ නැහැ. නැඟෙනහිර පළාතේ තුන්දෙනාගෙන් ද ඇමැති පදවියක්‌ බාරගත්තේ මඩකලපුවේ රාජදුරෙයි මහතා පමණයි.”

දිස්‌ත්‍රික්‌ අමාත්‍ය ධුර 4 ක්‌ ද, කැබිනට්‌ අමාත්‍ය ධුර 03 ක්‌ හා නියෝජ්‍ය අමාත්‍ය 03 ක්‌ ද මෙම දෙමළ මන්ත්‍රීවරුන්ට ලබා දීමට සූදානම් වුවද ඔවුන් එම තනතුරු පිළි නොගැනීම නිසා දඹදෙණිය මන්ත්‍රී යූ. බී. විඡේකෝන් මහතා යාපනය දිසා අමාත්‍යවරයා ලෙස ද, කැකිරාව මන්ත්‍රී මහින්දසෝම මහතා වන්නි දිසා අමාත්‍යවරයා ලෙස ද ත්‍රිකුණාමලයේ දිසා අමාත්‍යවරයා ලෙස පොලොන්නරුව මන්ත්‍රී නෙල්සන් මහතා ද පත් කිරීමට රජයට සිදුවිය.

එම සාකච්ඡාවට සහභාගි වූ තවත් උතුරු පළාතේ දෙමළ මන්ත්‍රීවරයකු (මට මතක හැටියට ධර්මලිංගම් මහතා විය යුතුය) මෙසේ කීවේය.

“දැන් බලන්න· ශ්‍රී ලංකාවේ තියෙන්නේ ඒකාධිපති පාලනයක්‌. 1980 දී කලවානේ මන්ත්‍රීවරයාට ඡන්ද පෙත්සමක්‌ නිසා ආසනය අහිමි වුණා. ඔහුගේ මන්ත්‍රී ධුරය රැක ගැනීමට මන්ත්‍රී ධුර සංඛ්‍යාව 168 සිට 169 දක්‌වා වැඩි කිරීමට පාර්ලිමේන්තු යෝජනාවක්‌ සම්මත කර ගත්තා. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ එබඳු සංශෝධනයක්‌ ගෙන ඒමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක්‌ ද පැවැත්විය යුතු බවයි. එවිට ඔවුන් සංශෝධනය හකුලා ගත්තා. එක ආසනයක්‌ වැඩි කිරීමට ජනමත විචාරණයක්‌ පැවැත්විය යුතු යෑයි තීරණය කළා. දැන් අද පාර්ලිමේන්තුවේ විපක්‍ෂ මන්ත්‍රීවරුන් 16 දෙනකු නැතිව ගෙන යන රජය නීත්‍යනුකූලද?

යාපනයේ පැවැති ජාතික තෛපොංගල් උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය රජයේ ජී. එල්. පීරිස්‌ මහතාගේ ‘ජුන්ටාවක්‌’ ගැන සඳහන් කළේ බ්‍රිතාන්‍ය විදේශ ඇමැති සහ සිය ගණනක්‌ බටහිර වාර්තාකරුවන් ද ඉදිරියේ ය. විදේශීය වාර්තාකරුවන්ට මේ ප්‍රකාශය ‘මසුරං’ විය.

පසුවදාම ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව හා එංගලන්තය වැනි රටවල පළවූ වාර්තා බොහොමයක සිරස්‌තලය වුයේ ‘ලංකාවේ පැවැති ජුන්ටා රාජ්‍යය ගැනයි.

පසුගිය සතියේ සිකුරාදා පළමු සිකුරු දැක්‌මෙන් රටට විපත්ති රාශියක්‌ ගෙන ආ අර්ධ ඒකාධිපති, විධායක ජනාධිපති ක්‍රමය හා අමනෝඥ මනාප මැතිවරණ ක්‍රමය වහාම සංශෝධනය කළ යුතු බව පෙන්වා දෙනු ලැබිණි. අද එය තහවුරු කිරීම සඳහා කියන කතා ගැන අතුරු කතාය.

– Divaina