ගස්‌ලබු කොළේ ලෙඩ සුවකරන බලේ ලෝකයට අරන් ගිය දොස්‌තර මහත්තයා – Dengue fever new treatment from Sri Lanka

0
1251

නව බටහිර ඖෂධයක්‌ සොයාගෙන
ඊට ‘පේටන්ට්‌’ බලපත්‍රය ලබාගත්
මුල්ම ලාංකික වෛද්‍යවරයා ඔහුයි…

 

යුරෝපයේ ඩෙංගු නැත. ඩෙංගු වලින් මැරෙන්නේ ඝර්ම කලාපික රටවල මිනිසුන්ය. තමන්ගේ ප්‍රජාව නොපෙලන ඖෂධ වෙනුවෙන් සිය ධනය, දැනුම හා සැලසුම් නාස්‌ති කරන්නට බොහෝ බටහිර පර්යේෂකයන් සූදානම් නැත. එවැනි අවස්‌ථාවලදී අප පෙළන අපේ රෝගවලට පිළියම් සෙවීමේ වගකීම ඇත්තේ අපේ ඇත්තන්ටය.

ගස්‌ලබු කොළ ඇසුරින් මාරාන්තික ඩෙංගු උණ වෛරසය සුවකිරීමට, හැකි ඖෂධයක්‌ තමන් විසින් සොයාගත් බවට මහරගම පැත්තේ බටහිර වෛද්‍යවරයෙක්‌ කීවේ මේ අතරය. ඔහු තමන් විසින් සොයාගත් පැපොල් යුෂ ඖෂධයට, අනුමැතිය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසරය ඉල්ලා සිටියේ ය. ඩෙංගු මර්දනය සම්බන්ධ වෛද්‍ය මණ්‌ඩලය එම අවසර ලබාදීම සම්බන්ධව සංවාද කරමින් සිටිනා අතර ඔහු තම ඖෂධය වෙනුවෙන් පේට්‌න්ට්‌ බලපත්‍රය ඉල්ලා සිටියේය.

ඔහු විසින් ගස්‌ලබු කොළ ඉස්‌ම උපයෝගී කරගෙන නිෂ්පාදනය කළ ඩෙංගු උණේදීත්, රුධිර සංඝටක ප්‍රමාණය අඩු වූ අවස්‌ථාවල දී මෙන් ම, පිළිකා සම්බන්ධ ප්‍රතිකාරවලදීත් පාව්ච්චියට ගන්නාPurep Papaya Leaf Extract Capusules, Table & Syrup සඳහා පේටන් බලපත්‍රය ලැබිණි.

දැන් ලංකාවේ මතු නොව ලෝකයේම අවධානයට ඔහු ලක්‌වී ඇත්තේය. වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නව ඖෂධයක්‌ සොයා ගැනීමෙන්, හොඳම වෛද්‍යවරයාට පිරිනැමෙන ජනාධිපති සම්මානය මෙම වර්ෂයේ පිරිනැමුණේද ඔහුට ය. පවුල් වෛද්‍ය සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා වන මෙම විද්වත් වෛද්‍යවරයා, සනත් හෙට්‌ටිගේ ය. අපි ඔහුව සොයාගෙන මහරගම, වත්තේගෙදර පාරේ අංක 92 දරන තැන පිහිටි ඔහුගේ සායනය වෙත ගියෙමු. මේ කීර්තිමත් වෛද්‍ය පර්යේක්‌ෂකයා අප සමඟ කතා බහට එක්‌වන්නේ මෙලෙසිනි.

“ඩෙංගු රෝගයට ප්‍රතිකාරය සඳහා මවිසින් 2008 වර්ෂයේ සිදු කළ පර්යේෂණයෙන් සොයාගත්, පැපොල් කොළ යුෂ අඩංගු කැප්සියුල්, ටැබ්ලට්‌ සහ සිරප් නිෂ්aපාදන සඳහා 2013 වර්ෂයේ දී මම පේටන් බලපත්‍රය ලබාගත්තා, ඒ අනුව, නව ඖෂධයක්‌ සොයාගෙන ඒ සඳහා පේටන් බලපත්‍රය ලබාගත් වෛද්‍යවරයෙකුට, වෛද්‍ය විද්‍යාල ක්‍ෂේත්‍රයේ පිරිනැමෙන, හොඳම වෛද්‍යවරයාට හිමි ජනාධිපති සම්මානය පසුගියදා ජනාධිපතිවරයාගේ අතින් මට ලැබුණා. මම හිතන්නේ, නව ඖෂධයක්‌ සොයා ගැනීම සම්බන්ධව, ලංකාවේ බටහිර වෛද්‍යවරයෙකුට ලැබුණු පළමු සම්මානය තමයි මේක. වර්ෂ 2010 වර්ෂයේ වෛද්‍ය ශාන්ත ජයපාල ලෙනෝරාට මේ ජනාධිපති සම්මානය හිමිවුණා. ඒ වෛද්‍ය උපකරණයක්‌ සොයා ගැනීම නිමිත්තෙන්.

පැපොල් කොළයේ යුෂ, ඩෙංගු රෝගීන්ට ලබාදීම සොයා ගත් වෛද්‍යවරයා බවට ඔබ පත් වුණේ කොහොම ද?, අප ඔහුගෙන් විමසුවා. ඔහු කල්පනාකාරීව පිළිතුරු දුන්නා.

පසුගිය වසර පහකට හයකට පෙර ඩෙංගු උණෙන් මිය ගිය රෝගීන් සංඛ්‍යාත්මකව ඉහළ ගියා. මෙම තත්ත්වය පාලනය කර ගැනීමට ඖෂධයක ඇති අවශ්‍යතාව මතු වෙමින් තිබුණා. විශේෂයෙන් ශාක වර්ගයක යුෂ මෙම රෝගයට ඉතා හොඳ ප්‍රතිකාරයක්‌ බව මට කල්පනා වුණා. එහි දී, පැපොල් කොළ ඒ සඳහා යොදා ගැනීමට මා පෙළඹුණා. කොළ මිරිකා පෙරාගත් යුෂ, ඩෙංගු උණ රෝගීන් ට බීමට දීමෙන් රෝගී තත්ත්වය පාලනය කර ගත හැකි බව, 2007 වර්ෂයේ දී පළමුව සොයා ගත් බටහිර වෛද්‍යවරයා මම යි.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව, යම් ඖෂධයක්‌ සොයා ගැනීම සම්බන්ධව එයට අනුමැතිය ලබා දීමේදී අනුගමනය කරන විද්‍යාත්මක පරීක්‍ෂණ ක්‍රමවේද තුනක්‌ තියෙනවා. සොයාගත් ඖෂධය පළමුව සත්තුන්ට, විශේෂයෙන් මීයන්ට දීමෙන් සිදුකරන පරීක්‍ෂණය. දෙවනුව රෝගීන් දහ පහළොස්‌ දෙනෙකුට දීම. තෙවනුව රෝගීන් කොටසකට දීමෙන් සහ තවත් රෝගී කොටසකට නොදීමෙන් සිදු කරන පරීක්‍ෂණය. මෙම පරීක්‍ෂණයේ දී රෝගීන් කොට්‌ඨාශ දෙකේ ප්‍රතිඵල සංසන්දනය කර ඖෂධයට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ස්‌ථිර නිගමනයට එළෙඔනවා. රැන්ඩමයිස්‌ඩ් කන්ට්‍රොaල් කෙමිකල් ට්‍රයල්ස්‌ (Randamized Contral Chemical Trials) කියන්නේ මෙම තුන්වැනි පරීක්‍ෂණයට. මම සිදු කළේ මෙහි අවසන් පරීක්‍ෂණය යි. ඒ 2013 වර්ෂයේ දීs කළුබෝවිල මහ රෝහලේදී. මෙහි පළමු පර්යේෂණය මම සිදු කළේ නැහැ. මීයන්ට නොදී 2008 වර්ෂයේ දී මම කෙලින්ම රෝගීන්ට මෙම ඖෂධය දීමෙන් මෙහි දෙවැනි පර්යේෂණය සිදු කළා. ඒ වන විට, මට දැඩි විශ්වාසයක්‌ තිබුණා පැපොල් කොළ යුෂ, ඩෙංගු උණ සහ රුධිර සංඝටක ප්‍රමාණය අඩු වූ විට පාවිච්චි කිරීමට ඉතා හොඳ ඖෂධයක්‌ බව. වෛද්‍යවරයා එසේ කියන විට අප ඔහුගෙන් මෙසේ අසා සිටියා.

” මිනිස්‌ ජීවිත හා සම්බන්ධව සිදුකරන විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදයේ දී බටහිර වෛද්‍යවරයෙක්‌ විදියට ඔබතුමා තමන්ගෙ වෘත්තියේ ආචාර ධර්ම හා නියමයන් අනුගමන කරලා නැහැ නේ… ඇයි එහෙම වුණේa?”

“පැපොල් ශාකය කෙරෙහි මා තුළ දැඩි විශ්වාසයක්‌ තිබුණා. රෝගීන් කිහිප දෙනෙකු යොදා ගෙන සෘජුව ම කිහිප අවස්‌ථාවක දී මා මෙහි දෙවන පර්යේෂණය සිදු කළා. මේ සම්බන්ධ තොරතුරු අන්තර් ජාලය ඔස්‌සේ දැනගත්, විදේශීය වෛද්‍යවරු, මීයන් සම්බන්ධ කරගෙන පළමු පර්යේෂණය සිදුකර තිබුණා. 2013 වර්ෂය වන විට විදේශීය රටවල වෛද්‍යවරුන් මීයන් යොදාගෙන සිදු කළ පරීක්‍ෂණවල වාර්තා, අන්තර් ජාලය ඔස්‌සේ නිකුත් වෙලා තිබුණා. ඒ නිසා මෙම පර්යේෂණවල දත්ත හා තොරතුරු තෙවැනි පර්යේෂණය පැවැත්වීමට අනුමැතිය ලබා ගැනීමේදී මට දැවැන්ත උත්තේජනයක්‌ වුණා.”

“මෙහි තෙවැනි පර්යේෂණය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීම ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවෙයි. ඒ වෙනුවෙන් මට බොහෝ දුෂ්කර ක්‍රියා කරන්න සිදු වුණා. මේ සඳහා අනුමැතිය මම මුලින් ම ලිතව ඉල්ලා සිටියේ 2009 වර්ෂයේ දී. අනතුරුව කිහිප වතාවක ම, මම අනුමැතිය ඉල්ලා සිටියා. අවසානයේ දී ශ්‍රී ජයවර්ධනපුර සරසවියට සම්බන්ධ වී මෙම පර්යේෂණය සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය මට ලැබුණා. ඒ 2013 වර්ෂයේ දී. මෙම ඖෂධය සම්බන්ධව ඉන්ටර් නැෂනල් කෙමිකල් ට්‍රයල්ස්‌ (International Chemical Trials) ආයතනයේ අනුමැතියත් ලබා ගත යුතුයි. ”

මෙම පර්යේෂණයේ අධීක්‍ෂණය භාරව කටයුතු කළ, එතික්‌ස්‌ රිවිවු කොමිටිය, (Ethies Revivie Committee) තෙවැනි පර්යේෂණය සිදු කිරීමට පෙර මගෙන් ඉල්ලා හිටියා, පැපොල් කොළය ඖෂධයක්‌ බවට ආයුර්වේද ග්‍රන්ථවල තහවුරු කරන වාර්තාවක්‌ හෝ නිර්දේශයක්‌ ඉදිරිපත් කරන්න කියා. එසේ ඉල්ලා සිටීම නිවැරදියි. බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර සඳහා යම් ඖෂධයක්‌ සොයා ගැනීමේ දී ඊට අදාළ වූ ක්‍රම පද්ධතිය අනුගමනය කරන්න අවශ්‍යයි. මන්ද අදාළ ඖෂධය යොදා ගෙන රෝගියකුට ප්‍රතිකාර සිදු කිරිමේ දී, යම් හෙයකින් රෝගියා මිය ගියොත්, එම පර්යේෂණය භාරව කටයුතු කරන, එතික්‌ස්‌ රිවිවු කොමිටියට, (Ethies Revivie Committee) එයට වග කියන්න සිදු වෙනවා. කෙසේ වුවත්, පැපොල් යුෂ ඖෂධයක්‌ බවට තහවුරු කරන වාර්තාවක්‌ ආයුර්වේද ග්‍රන්ථවල නොතිබූණු බැවින් එය මට ඉදිරිපත් කරන්නට හැකි වුණේ නැහැ. මේ අනුව, තුන්වැනි පරීක්‍ෂණය සිදුකිරීම කල් ගතවෙමින් තිබුණා.

“2008 වර්ෂයේ මම සිදු කළ පර්යේෂණවල දී අනාවරණය කරගත් තොරතුරු, අන්තර්ජාලය ඔස්‌සේ, සහ ලෝකයේ බොහෝ රටවල වෛද්‍යවරුන් දැන ගත්තා. 2008 වර්ෂයේ අග භාගයේ සිට ම ඔවුන් මේ සම්බන්ධ අත්හදා බැලීම් හා පර්යේෂණ සිදු කළා. ඒ අනුව අවම, විස්‌සක පමණ පර්යේෂණ සංඛ්‍යාවක්‌ පිටරටවල සිදු කර තිබුණා. එම පර්යේෂණ අනුව ඔවුන්ට සනාථ වුණා, පැපොල් කොළ යුෂ. ඩෙංගු රෝගීන්ට දීමෙන් එම රෝගීන් සුවපත් වන බව. P.M.J. වෛද්‍ය සඟරාවේ පවා මෙම පර්යේෂණවල විස්‌තර පළවුණා. මේවා අන්තර් ජාලය ඔස්‌සේත් පළවුණා. ඒ අතරේ 2013 වර්ෂයේ කළුබෝවිල මහ රෝහලේ මම සිදුකළ ප්‍රතිකාර අනුව වෛද්‍යවරුන්ටත් තහවුරු වුණා, ඩෙංගු රෝගය සුවකිරීමට පැපොල් කොළ යුෂ වඩාත් යෝග්‍ය ඖෂධයක්‌ බව. සමහර රටවල වෛද්‍ය සභාවල අනුමැතියෙන් මෙය ඖෂධයක්‌ වශයෙන් ඒ රටවල ඩෙංගු රෝගීsන්ට ලබා දෙනවා.”

“මෙයට ඉහත දී අපේම රටේ කොතල හිඹුටුවලට සිදු වූ අත්දැකීම මා දන්නා නිසා 2013 වර්ෂයේ පැපොල් කොළ යුෂ, ඖෂධයක්‌ ලෙස නිෂ්aපාදනය කරන Capusules, Table & Syrup සඳහා අවශ්‍ය පේටන් බලපත්‍රය මම ලබාගත්තා. ලංකාවේ සිදුකිරීමට නියමිත, රැන්ඩමයිස්‌ඩ් කන්ට්‍රොaල් කෙමිකල් ට්‍රයල්ස්‌ (Randamized Contral Chemical Trials) යන තුන්වැනි පරීක්‍ෂණය සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන්, මේ සියල්ලක්‌ ම හේතුකාරක වුණා.”

“ඒ වගේම, මෙම ඖෂධය ලබාදීමෙන්a, ඩෙංගු රෝගීන් සුවපත් කළ බොම්බායේ වෛද්‍යවරයෙකු සමඟ 2010 වර්ෂයේ අගභාගයේ පිටරට රූපවාහිනි මාධ්‍යයක සම්මුඛ සාකච්ඡාවක්‌ පැවැත්වුණා. ඒ සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදිනිය, මගේ නම පවා සඳහන් කර, ප්‍රකාශ කර සිටියා, මෙම ඖෂධය සොයා ගත්තේ, ශ්‍රී ලාංකාවේ වෛද්‍යවරයෙක්‌ බව. ඒ අනුව බීබීසී වාර්තාකරුවන්, මේ සම්බන්ධයෙන් මා හමුවී මගෙන් තොරතුරු පවා ලබා ගත්තා. රූපවාහිනි සහ පුවත්පත්වල මේ ගැන තොරතුරු පළ වෙන්න පටන් ගත්තා. 2013 වර්ෂය වන විට ඉන්දියාව, පකිස්‌තානය සහ මැලේසියාවේ වෛද්‍යවරුන් සිදුකළ පර්යේෂණ මගින් ඔවුන් අනාවරණය කරගෙන තිබුණා, පැපොල් යුෂ ඖෂධයේ ගුණාත්මක භාවය සහ මෙය ඩෙංගු රෝගීන්ගේ උණ සහ රුධිර සංඝටක පාලනය සඳහා හොඳ ඖෂධයක්‌ බව.”

නිසි අනුමැතිය නොලැබුණත් වර්ෂ 2013 වනවිට රජයේ රෝහල්වල පවා වෛද්‍යවරුන්ගේ අනුමැතියකින් තොරව, රෝගීන්ගේ භාරකරුවන් විසින් රහසිගතව මෙම පැපොල් යුෂ ඖෂධය රෝහල්වල දී ඩෙංගු උණ වැළඳීමෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට, ලබා දුන්නු අවස්‌ථා බොහොමයක්‌ තිබුණා. එසේ ලබාගත් බොහෝ රෝගීන් සුවපත් වුණා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඩෙංගු වැළඳී ප්‍රතිකාර ලබාගත් බටහිර වෛද්‍යවරයෙකු පවා ඔහුගේ කැමැත්ත අනුව, පැපොල් කොළ යුෂ ලබා ගත්තා. ඔහු සුවය ලැබූ බව මාධ්‍යයෙන් පවා වාර්තා වුණා, ඒ බව මටත් දැනගන්න ලැබුණා. වෛද්‍යවරයාගෙන් මම ඉල්ලා හිටියා, ඇයි මේ වග ඔබ ලෝකෙට හෙළි නොකරන්නේ කියා. ඔහු හිනාවෙලා නිහඬ වුණා.”

“ඖෂධයට අනුමැතිය ලබා ගැනීමේ දී අනේකවිධ දුෂ්කරක්‍රියා විඳින්න මට සිදු වුණත්, මම එක්‌ කරුණක්‌ කියන්න කැමැතියි. යම් ඖෂධයක්‌ ප්‍රතිකාර සඳහා නිකුත් කිරීමට අනුමැතිය ලබාදීමේ දී, අපේ රටේ අදාළ වෛද්‍ය මණ්‌ඩලය අවසන් පරීක්‍ෂණය සිදුකර එහි නිරවද්‍යතාව සියයට සියයක්‌ ම තහවුරු කරගෙන මිසක්‌, කිසිම අවස්‌ථාවක අනුමැතිය ලබා දෙන්නේ නැහැ. අපි හිතමු පැරසෙටමෝල්වලට වුණත් අනුමැතිය දෙන්නේ, එහි නිරවද්‍යතාව සියයට සියයක්‌ ම තහවුරු කර ගත්තායින් පසුව යි. ඒ වුණාට වෙනත්a බොහෝ විදේශීය රටවල, විශේෂයෙන් ඉන්දියාව, පකිස්‌තානය වැනි රටවල, අපේ රටේ සිදුකරන ආකාරයේ නිරවද්‍ය ක්‍රියා මාර්ගයක්‌ ඒ රටවල අදාළ අමාත්‍යංශය විසින් අනුගමනය කරන්නේ නැහැ. මම හිතන්නේ බෙහෙතක්‌ නිර්දේශ කිරීමේ දී අනුගමනය කරන පිළිවෙළ හා ඒ සම්බන්ධව දක්‌වන දැඩි අවධානය, ලංකාවේ වැසියන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන්, අපේ සෞඛ්‍යය අමාත්‍යංශය විසින් ගනු ලබන්නා වූ යහපත් වැඩපිළිවෙළක්‌ බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ව අනුමැතියක්‌ සහිතව තෙවැනි පර්යේෂණය සිදුකරන්න අවස්‌ථාව ලැබුණා. පිටරටවල සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණවල වාර්තා, වෛද්‍යවරුන්ගේ සම්මුඛ සාකච්ඡා අන්තර් ජාලය ඔස්‌සේ පළවීමත්, කළුබෝවිල රෝහලේ ඩෙංගු රෝගීන්ට මෙම ඖෂධය ලබාදීමෙන් ඔවුන් සුවපත් වූ තොරතුරුත් නිසා, ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව මේ සම්බන්ධව දැඩි සේ උනන්දු වුණා. මෙම ඖෂධය රෝගීන්ට ලබාදීම සම්බන්ධව වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදෙන්න ඔවුන් උනන්දුවෙන් සිටියා. මෙම පරීක්‌ෂණය සිදුකළේ 2013 වර්ෂයේ කළුබෝවිල රෝහලේ දී. එම රෝහලේ රෝගීන් කොටස්‌ දෙකකට බෙදාගෙන එයින් එක්‌ කොටසකට යුෂ නොදීමෙන් සහ අනෙක්‌ කොටසකට යුෂ දීමෙන් ඒ දෙක සංසන්දනය කර නිගමනය කිරීමෙනුයි Randamized Contral Chemical Trials යන මෙහි තෙවැනි පර්යේෂණය සිදු කළේ.

“මේ වන විට පර්යේෂණයක්‌ වශයෙන් මෙම ඖෂධයට අනුමැතිය ලබාදීම ගැන වෛද්‍ය සභාවේ දැඩි අවධානය යොමු වී තියෙනවා. ඒ කෙසේ වුවත් රෝහල්වල ඇතැම් වෛද්‍යවරු මෙම යුෂ රෝගීන්ට ලබා දෙනවා. ඇතැම් වෛද්‍යවරු එසේ නිර්දේශ කරන්නේ නැහැ. ඒ වුණත්, රෝගියාගේ භාරකරුවන්ගේ තීරණය අනුව, මෙම යුෂ රෝගීන්ට ලබා දෙනවා. කෙසේ වුවත් දැනට ඩෙංගුවලින් මියයන සංඛ්‍යාව 00.03 % සංඛ්‍යාවට බැහැලා. හැබැයි මම විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි, ඩෙංගු හැදුණා ම නිවසේ සිට ප්‍රතිකාර සිදු නොකර, ළඟම තිබෙන රජයේ රෝහලට වහාම ඇතුළු වී, වෛද්‍යවරු නියම කරන ඖෂධ ගැනීමත්, පැපොල් යුෂ ප්‍රතිකාරයත් ලබා ගන්න කියා.”

උදේනි චන්ද්‍රසිරි

– Divaina