මේදිනවල තුන්වන පරපුරේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති පිළිබ`දව මෙන්ම ජනතාවට තිත්ත බෙහෙත් පෙවීම පිළිබඳව සමාජ සංවාදයක් මතුවී ඇත. තුන්වන පරපුරේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති යනුවෙන් හඳුන්වනු ලබන යළි යටත්විජිතකරණ ක්‍රියාවලියේ උච්චතම අවස්‌ථාවක් වන වර්තමාන දේශපාලන පෙළ ගැස්‌ම තුළ සැබවින්ම සිදුවන්නේ කුමක්‌ද? එදා අධිරාජ්‍යවාදී රටවල් තම යටත් විජිතවලට නාමික නිදහස ලබා දෙන ක්‍රියාවලිය තුළම සෘජු සන්නද්ධ මැදිහත් වීමක් නොමැතිව යටත් කිරීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බීජ රෝපණය කළේය. ඊනියා නිදහස ලබා දීමෙන් පසුව එම බීජවලට ජලය සහ පොහොර දමා වර්ධනය කිරීමේ ක්‍රියාවලියද ඒ සමගම පටන් ගැනුණි. එසේ සූක්‌ෂම ලෙස සැඟවූ ක්‍රියා දාමයන් හරහා නැවත යටත් කිරීමේ ක්‍රියාවලිය හැඳින්විය හැක්‌කේ නව යටත් විජිතකරණ ක්‍රියාවලිය ලෙසය. ඒ තුළ ඉතා ප්‍රබල ලෙස රාජ්‍යතාන්ත්‍රික සහ මූල්‍ය උපාංග භාවිත විය. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය, මූල්‍ය අරමුදල, ලෝක බැංකු වැනි ආයතන බිහි විය. එම ක්‍රියාවලිය තුළ මහජනයාගේ පිටට තුවක්‌කුව තියාගෙන ඉඩම් සහ සම්පත් කොල්ල කන විදේශිකයා වෙනුවට ඔවුන්ගේ දේශීය නියෝජිතයන් ජාලයක් බිහි විය. ඔවුන්ගෙන් බහුතරය මොළ සේදීමට ලක් කළ කලු සුද්දන් වූ අතර ආයුධ වලට වඩා තියුණු සහ භයානක උපදෙස් ලබා දෙන සුදු හම සහිත සුළු පිරිසක්‌ද ඊට අයත් විය. ඔවුන් බිහි කිරීම සහ පවත්වාගෙන යාම සඳහා යටත් විජිත අධ්‍යාපනය, විශේෂයෙන්ම ආගමික, අධ්‍යාපන ආයතන, බරපතල මෙහෙයක් ඉටු කළේය.
එම උපදෙස් හරහා අධිරාජ්‍යවාදී සමාගම් විසින් පහසුවෙන් ආක්‍රමණය කළ හැකි ආකාරයට භාණ්‌ඩ හා මූල්‍ය වෙළෙඳපළ විවෘත කෙරුණු අතර විවිධ වෙළෝද, ආර්ථික සහ ආරක්‌ෂක ගිවිසුම්වලට පරිධියේ රටවල් පෙළඹවීය. බොහෝ රටවල හමුදා කඳවුරු ප්‍රමාණයක් දිගටම පවත්වාගෙන යාම සඳහාද ආරක්‌ෂක ගිවිසුම් අත්සන් කෙරිණි. එහෙත්a ශීS්‍ර ලංකාවේදී එම උත්සාහයන් ඒ ආකාරයටම සාර්ථක නොවීය. නමුත් ශ්‍රී ලංකාවේදී කෘෂිකර්මාන්තය විනාශකොට බීජ සහ ආහාර සඳහා විදේශීය සමාගම් මත යෑපෙන තත්ත්වයක් ඇති කිරීමට සහ බෙදුම්වාදී මතවාද පෝෂණය කොට අවසානයේදී රට බෙදා දුර්වල කිරීම මුල්කරගත් ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය කිරීමටද ඔවුන් සමත් විය.
මේ වන විට ඒ නව යටත් විජිත ක්‍රියාවලියට යාහැකි උපරිම දුර ගමන් කොට අවසාන බවට ලෝකයේ ප්‍රබල මතයක් ගොඩනැගී ඇත. එක්‌තරා ආකාරයට මෘදු උපාංග මගින් පවත්වාගෙන ගිය ඒ ඒ නව යටත්විජිත ක්‍රියාවලිය වර්තමාන ගෝලීය අධිරාජ්‍යයක් ගොඩනැගීමේ අභිලාශයට සෑහෙන්නේ නැත. ඒ අනුව පසුගිය දශකයකට අධික කාලය තුළ අප අත්විඳින්නේ යළි යටත්විජිතකරණ ක්‍රියාවලියක් බව පිළිගැනීමට සිදුවේ. එය එදා සන්නද්ධ ආක්‍රමණය හරහා සිදු කළ මැදිහත්වීමට බොහෝ දුරට සමාන ක්‍රියාවලියකි. ඒ සඳහා පැරණි උපාංග මෙන්ම වඩා දියුණු නව උපාංගද භාවිතාවේ.
ඒ නව උපාංගවල හැඩතල 2002 වසරේ zzයළි” පුqබුදමු ශ්‍රී ලංකා වැඩ සටහන තුළින් යම් පමණකට හෙළිදරව් විය. වර්තමාන යහපාලන ප්‍රතිපත්ති තුළ ඒවායේ දිගුවක් මෙන්ම තවත් ප්‍රබල නව උපාංගද හඳුනා ගත හැක. එවැනි යළි යටත්විජිතකරණ දේශපාලන සහ ආර්ථික උපාය මාර්ගික උපාංගද ප්‍රධාන වශයෙන් 10ක් පමණ හඳුනා ගත හැකිය. ඉන් පළමු උපාංගය වන්නේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යුද අපරාධ සඳහා වගවීම ආදී සටන්පාඨ හරහා ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකට ඉඩ සලසා ගැනීමය. ඒ මගින් දිර්ඝ කාලීනව රටේ අභ්‍යන්තර කටයුතු වලට අත දමා ගැනීමට අධිරාජ්‍යවාදී බලවේගවලට ඉඩ සැලසේ. ජිනීවා යෝජනා හරහා ආරම්භ වන දීර්ඝ කාලීන ක්‍රියාවලිය සහ ඒ තුළින් මතුවන සත්‍ය සෙවීමේ කොමිසම සහ මානව හිමිකම් කොමසාරිස්‌ගේ ශාඛා කාර්යාලයක් පිහිටුවීම ආදිය ඊට හොඳම උදාහරණ සපයයි. දෙවැන්න එම ක්‍රියාවලිය හරහාම ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා පෙළඹවීම මගින් මධ්‍යම රාජ්‍ය දුර්වල කොට පරිධිය ශක්‌තිමත් කිරීමයි. ඒ මගින් බෙදුම්වාදය සහ ඒ ආශ්‍රිත ගැටුම වර්ධනය කිරීම මගින් එක් පැත්තකින් රාජ්‍යය තව දුරටත් දුර්වල කරන අතර මැදිහත්වීමටද වැඩි ඉඩක් සලසා ගැනේ. එහිදී රජයේ වගකීම් රාජ්‍ය නොවන සංවිධාන වලට සහ මහජනයාට සෘජවූ වග නොකියන ද්වීතික ආයතනවලට පැවරීමද සිදුවේ. ඒ ම`ගින් රාජ්‍ය තවදුරටත් දුර්වල කෙරේ.
තුන්වන උපාංගය වන්නේ රජයේ වාණිජ ව්‍යාපාර සහ රාජ්‍ය සේවා පෞද්ගලීකරණය කිරීම මගින් බහුජාතික සමාගම්වලට අත් පත් කරගත හැකි ප්‍රාග්ධන සහ සේවා වෙළෝදපළක් බිහි කිරීමයි . පසු ගිය අය වැය මගින් යෝජිත ඊනියා zzතමාසෙක්ZZ මොඩලය සහ කොටස් වෙළෙඳපළ හරහා උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් රාජ්‍ය ආයතන පවා පෞද්ගලීකරණය කිරීමට යෝජනා වී ඇත. ඒ මගින් එක වෙඩි උණ්‌ඩයක් හෝ පත්තු නොකර සමස්‌ත රාජ්‍යයම වුවද අත්කර ගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය වේ. හතර වැනි උපාංගය වන්නේ මූල්‍ය වෙළෙඳපළ සම්පූර්ණයෙන්ම නිදහස් කර ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්කාරයින්ට එය අත්පත්කර ගත හැකි තත්ත්වය නිර්මාණය කිරීමය. පසුගිය අයවැය මගින් එය ඉතා සාර්ථකව ඉටු කර ඇත. ඒ මගින් මූල්‍ය ධනපතීන්ට රටේ නිෂ්පාදන පද්ධතිය අත්පත්කර ගැනීමට මෙන්ම මූල්‍ය වෙළෝදපළ ඕනෑම අවස්‌ථාවක අනතුරට ලක් කළ හැකි දුර්වල තත්ත්වයකට පත්කිරීමටද හැකිවේ.
පස්‌වැනි උපාංගය එදා යටත්විජිත සමයේ සිදු කළ ආකාරයට භූමියේ අයිතිය භෞතිකව අත්පත් කර ගැනිමය. පසුගිය අයවැය මගින් ඊට බොහෝ පහසුකම් සලසා ඇත. එමගින් එක් පැත්තකින් රජයේ ඉඩම් දීර්ඝකාලීන බදු පදනම යටතේ හෙක්‌ටයාර් 5000 දක්‌වා බහුජාතික සමාගම්වලට ලබා දීමට යෝජනා කෙරෙන අතර අනෙක් පැත්තෙන් පෞද්ගලික ඉඩම් මිලදී ගැනීම් සඳහා පනවා තිබූ 100්‍ර බද්ධ ඉවත් කිරීමද සිදුකොට ඇත. ඒ මගින් දැනට පාඩු සහිතව පවත්වාගෙන යන තේ සහ රබර් වතු නැවත zzලිප්ටන්ලාZZ අතට පත්වීමද සිදුවිය හැක. ඒ අතර ගොවියාට ඉඩම් අයිතිය දීමේ මුවාවෙන් කෘෂි ඉඩම් වෙළෝදපළක් බිහි කිරීම සහ කුඩා ඉඩම්වලින් මහා ඉඩම් නිර්මාණය කිරීමටද තත්ත්වයන් සකස් කෙරී ඇත. ඒ මගින් අවසානයේදී ගොවියා තම ඉඩම් විකුණා දමන තත්ත්වය සහ සමාගම් විසින් මිලදී ගන්නා කුඩා ඉඩම්වලින් මහා ඉඩම් නිර්මාණය කිරීමේ තත්ත්වය උදාවේ. අද පාන්පිටි සමාගම් වලට සහන දෙමින් වී මිල පහත වැටීමට සලස්‌වා ඇත්තේ ගොවියාට ගොවිතැන එපා කරවීම ස`දහා බව පැහැදිලිව පෙනේ.
හය වැනි උපාංගය රටේ ආහාර සුරක්‌ෂිතතාවය සහ බීජ සුරක්‌ෂිතතාවය අනතුරේ හෙළමින් ආහාර සඳහා බහුජාතික සමාගම් මත යෑපෙන තත්ත්වයක් ඇති කිරීමය. ඒ සඳහා බීජ ගොවිපළවල් පවා සමාගම්වලට පවරා දිය යුතුය. මෙවර අය වැය යෝජනා වලට පැකිලීමකින් තොරව ඒ සඳහා ප්‍රතිපාදන ඇතුළත් කර ඇත. ඊට අමතරව කෘෂි සහනාධාර කපා දමා ඉහත සඳහාන් කළ ආකාරයට ගොවියාට කෘෂිකර්මාන්තය එපා කර ඔවුන් මහා සමාගම් වල කෘෂි කම්කරුවන් බවට පත් කිරීමද ඊට අයත්වේ. එවිට සියලු පුරවැසියන් බ්‍රොයිලර් කුකුළන් මෙන් වෙළෙඳපළෙන් ආහාර ලබා ගැනීම සඳහා ජීවත්වන වැටුප් ශ්‍රමිකයන් පිරිසක් බවට පත්වේ. බහුජාතිකක සමාගම්වල කුලී කරුවන් පිරිස වැඩි වන ප්‍රමාණයට ඒ ජනතාව යටත්කිරීමේ හැකියාවද ඉහළ යන බව පැහැදිලි කරුණකි. අප රටේ වගාබිම් වල සුද්දන්ට අවශ්‍ය දේ වගා කර පිටරට පටවන අතර අපට අවශ්‍ය ආහාර එනතාක් මුහුද දෙස බලා සිටින ජාතියක් යටත් කිරීම කෙතරම් පහසුද?
අටවැනි සහ දුෂ්ටතම උපාංගය වන්නේ විදේශීය ඔත්තුසේවා හරහා ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය කොට ඒවා භාවිතා කරමින් සන්නද්ධ මැදිහත්වීමකට පවා පාර කපා ගැනීමයි. ඉරාකයේ, සිරියාවේ, ලිබියාවේ හෝ ඇµaගනිස්‌තානයේ මෙන් එකිනෙකා මරා ගන්නා අවාසනාවන්තයින්ගේ දේශයක් දේශපාලන වශයෙන් යටත් කිරීම ඉතා පහසුවේ. ඒ නිසා එදා 83දී සිංහල – දෙමළ ගැටුම් නිර්මාණය කළ ආකාරයට අධිරාජ්‍යවාදී ඔත්තු සේවා මගින් සිංහල – මුස්‌ලිම් ගැටුම් නිර්මාණය කිරීමේ බරපතල ඉඩක් ඇත. ඒ මගින් අරමුණු 3 ක් ඉටුවේ. එක් පැත්තකින් මධ්‍යස්‌ථ මුස්‌ලිම් ජනතාව අන්තවාදී සහ බෙදුම්වාදීන්ගේ තුරුලට තල්ලු කිරීම සිදු වන අතර අනෙක් පැත්තෙන් මරා ගැනීම් වැලැක්‌වීමේ මුවාවෙන් මැදිහත්වීමට ඉඩ සැලසේ. ඊට අමතරව රාජ්‍ය සහ ජාතිකවාදී බලවේග දුර්වල කිරීමේ අරමුණද ඒ තුළින් ම ඉටුවේ. බොහෝ දුරට එමගින් ජාතිකවාදී බලවේග මර්දනය කිරීම සඳහාද ඉඩ සලසා ගැනීම සිදුවිය හැක. දැන් විවිධ කණ්‌ඩායම් මගින් රට පුරා පෙට්‌ට්‍රල් හලමින් යන ආකාරය දෙස බලන විට ඔත්තු සේවා වලට ඇත්තේ අවශ්‍ය අවස්‌ථාවේ ගිනිකූර ගැසීම පමණි. එවැනි ජාතිවාදී මරා ගැනීමක් මගින් ඇතිවන අවුල මගින් ආණ්‌ඩුවේ බොහෝ ප්‍රශ්න යටපත් කිරීමද කළ හැකිවනු ඇත. ඒ නිසා බටහිර විවිධ ඔත්තුසේවාවල උවමනාවන් ආණ්‌ඩුව විසින් කැමැත්තෙන් ඉටු කරන තත්ත්වයක්‌ද නිර්මාණය විය හැක.
නව වැනි යළි යටත් විජිතකරණ උපාංගය වන්නේ ආර්ථික ගිවිසුම් හරහා ප්‍රාග්ධනය ගලා යාම පමණක් නොව වහල් ශ්‍රමය ගලා යාමටද පහසුකම් සලසන ගිවිසුම් බලහත්කාරයෙන් පැටවීමය. ඉන්දු ලංකා zzඑක්‌ටාZZ හෙවත් zzසීපාZZ ගිවිසුම ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඉන්දියානු සහ බටහිර අධිරාජ්‍යවාදී රටවල්වල ප්‍රාග්ධනය ගොදුරු කරන ගිවිසුමකි. ඉන්දියානු ශ්‍රමිකයන්ගේ ලාභ ශ්‍රමය පසුපස ශ්‍රී ලංකාවට ප්‍රාග්ධනය ගලා එනු ඇතැයි එම ගිවිසුමෙන් අපේක්‌ෂා කෙරේ.
දස වැනි උපාංගය සන්නිවේදන තාක්‌ෂණය හරහා සිදු කෙරෙන ආක්‍රමණයයි. එම ක්‍රියාවලිය අද සමාජයක් ලෙස අපි අත්විඳිමින් සිටිමු. අද අන්තර්ජාලය හරහා නොමිලයේ ලැබෙන්නේ සංස්‌කෘතික ආක්‍රමණය හැර අන් කිසිවක් නොවේ. සන්නිවේදන ක්‍ෂේත්‍රය විසින් ලෝකයේ කුඩා ගම්මානයක් බවට පත් කෙරෙන බව කියන්නේ තොරතුරු බෙදා හැරීමේ කාර්යක්‍ෂමතාවයට වඩා සංස්‌කෘතික වශයෙන් කුඩාවීම හැඳින්වීමටය. බටහිරට සංස්‌කෘතික වශයෙන් කිට්‌ටුවන මිනිසා ඔවුන්ගේ සැබෑ ආක්‍රමණය ඉවසා සිටිනු ඇත.
වෛද්‍ය වසන්ත බණ්‌ඩාර
– Divaina