සුපිරි ජීවිතයක් ගත කළ ධනවත් ශ්‍රී ලාංකිකයෙකු වූ ආචාර්ය එම්. එච්. එස්. මොහොමඩ් හැම සම්පතක්‌ම තිබූ කෙනෙකි. යහපත් පවුල් ජීවිතයක් ගත කළ හෙතෙම උපකාරයක් අවශ්‍ය හැම කෙනකුටම නොපැකිල උදව් කළ, ආගමානුකූලව ජීවත් වූ ඉස්‌ලාම් භක්‌තිකයෙකි.
මෙයට අවුරුදු දෙකහමාරකට පෙර දෛවය විසින් ඔහුගේ ජීවිතයට හදිසි පහරක් දෙන ලදී. ඒ ඔහුගේ පසළොස් හැවිරිදි එකම පුතා අස්‌ථි පිළිකා රෝගියකු බවට පත් වීමෙනි. ආචාර්ය මොහොමඩ්, දියණියන් හත්දෙනකුට සිටින එකම පුතා වූ මේ දරුවා බේරා ගැනීමට හැකි හැම දෙයක් ම කිරීමට තීරණය කළේය. පිටරට සහ මෙරට පෞද්ගලික රෝහල්වල හොඳම වෛද්‍යවරුන්ගෙන් ලබා ගත් උපදෙස් අනුව ඔහු සිය පුත්‍රයා ද රැගෙන වැඩිදුර උපදෙස් පතා දිනක් මහරගම පිළිකා රොහලට ගියේය.
“ඔබේ පුතාගේ අස්‌ථිවල පිළිකාව සිරුරේ හරියටම තිබෙන තැනත්, එය පැතිරී තිබෙන ආකාරයත්, එහි දැනට පවතින ස්‌වභාවයත්, හරියටම දැන ගන්නට නම් PET ස්‌කෑනරයකින් පරීක්‍ෂාවක් කරවා ගන්න ඕනෑ. ඒත් අපි ළඟ PET ස්‌කෑනරයක් නැහැ. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා. පෞද්ගලික රෝහලකට ගිහින් PET පරීක්‍ෂණයක් කර ගන්න…”
දෙවරක් නොසිතූ ඔහු පුතා සමඟ කොළඹ පෞද්ගලික රෝහලකට ගොස් රුපියල් ලක්‍ෂ එකහමාරක් ගෙවා PET ස්‌කෑන් වාර්තාවක් ලබා ගත්තේය. ආපසු ගෙදර එන අතර ඔහු කල්පනා කරමින් ආවේ මේ රටේ දුප්පත් නැති බැරි මිනිහකුට පිළිකාවක් හැදුන විට මෙවැනි වාර්තාවක් ලබා ගන්නේ කෙසේද යන්නය.
එදා රෑ එළිවෙනතුරුම ඔහු කල්පනා කළේ මේ ප්‍රශ්නය ගැන ය. සිය පුතා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ එකහමාරවල් ඕනෑ තරම් වියදම් කිරීමට තමාට හැකි නමුදු ඒ හයිය මේ රටේ වෙසෙන සහෝදර ජනතාවට නැති වීම ගැන ඔහු බලවත් සේ කනගාටු විය. එළි වූ විට මුහුණ සෝදා හැඳ පැළඳ ගත් ඔහු කෙළින්ම ගියේ මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරුන් හමුවනු පිණිසය.
”PET ස්‌කෑනරයක් කීයද?” ඔහු පිළිකා රෝහලේ වෛද්‍යවරුන් හමුවී ඇසුවේය.
රුපියල් කෝටි 20 ක් විතර වෙනවා……” දොස්‌තරවරු කීය. එහෙත් මේ දිනවල ඩොලරය ඉහළ නගිමින් පවතින ආකාරය අනුව දවසින් දවස PET ස්‌කෑනරයේ මිල ඉහළ යන බව ඔහු දන්නේය. ඒ සමගම කෙසේ හෝ මහරගම පිළිකා රෝහලට PET ස්‌කෑනරයක් මිලට ගෙන පරිත්‍යාග කරමි යයි ඔහු තීන්දු කළේය.
ආචාර්ය මොහොමඩ් ‘කදිජා’ යන සමාජ සේවා පදනමේ සභාපතිවරයා. කදිජා යනු මහම්මත්තුමාගේ බිරියගේ නමයි. එතුමියගේ සම්පූර්ණ නම කදිජා බින්ට් කුවෙලිඩ් ය. එසේම ඉස්‌ලාම් ලෝකයේ ජනප්‍රියතම කාන්තා නම් කිහිපයෙන් එකක් වන්නේ ද කදිජා ය. PET ස්‌කෑනරයක් මිලට ගැනීම සඳහා කදිජා පදනම යොදා ගැනීමට තීන්දු කළ ආචාර්ය මොහොමඩ් තම අත තිබූ ධනයෙන් විශාල කොටසක් අරමුදල සඳහා පරිත්‍යාග කර 2015 සැප්තැම්බරයේදී වැඩ පටන් ගත්තේය. හය මාසයක් ගිය තැන අරමුදලට ලක්‍ෂ 60 ක් එකතු විය. ජනමාධ්‍යවල ආධාරය නැතිව මේ කාර්යය සාර්ථක කර ගැනීම දුෂ්කර බව තේරුම් ගත් ඔහු 2016 මාර්තු 18 වැනිදා දෙරණ නාලිකාව වෙත ගොස් තම සද්කාර්යයට ප්‍රචාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. දෙරණ තම මනුසත් දෙරණ ප්‍රජා සත්කාරක අංශය හරහා එදින සිටම රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය කරමින් PET ස්‌කෑනරයක් ලබා ගැනීමට ආධාර ඉල්ලන්නට පටන් ගත්තේය. මේ අනුව ඉකුත් සඳුදා වන විට එනම් ප්‍රචාරක කටයුතු අරඹා සති 11 ක කාලයක් තුළ රුපියල් කෝටි 23 ක් කදිජා පදනමට එකතු කර දෙන්නට දෙරණට හැකි විය. මේ අනුව සති 11 කට ඇති දින 77 ක කාලය තුළ සාමාන්‍යක් වශයෙන් දිනකට රුපියල් ලක්‍ෂ 25 ක් බැගින් එකතු වී තිබිණි. මේ පරිත්‍යාගශීලීන් අතර රුපියල් 100 ක් පරිත්‍යාග කළ දුප්පත්තු මෙන්ම එකවර රුපියල් කෝටි 3 ක් පරිත්‍යාග කළ පොහොසත්තු ද වූහ.
උතුම් පොසොන් සමයේ සුවදායක පවන් රැල් රට දැය පිස දමමින් හමා යන මේ පින්බර මොහොතේ දී මේ තරම් මිල අධික PET ස්‌කෑන් යන්ත්‍රය කුමක් ද යන්න දයාබර පාඨකයන්ට පැහැදිලි කර දීමට අපි අදහස් කළෙමු. ඒ කතාව මෙසේය.
PET යනු Positron emmission Tomography යන්නෙහි මුල් අකුරු තුනය. X කිරණ සහ පරිගණකයක් එකතු කරගෙන රෝග නිශ්චය කරන ස්‌කෑනරයකට එකතු කරන ලද වඩාත් සංකීර්ණ උපකරණයක් ලෙස PET ස්‌කෑනරය හැඳින්විය හැකිය. CT යනු Computed Tomography යන්නෙහි මුල් අකුරු වලින් සැදූ කෙටි නමක් බව ද මෙහිලා සටහන් කරමු. මෙහිදී PET ස්‌කෑන් යන්ත්‍රයක් ගැන වැඩි දෙනා විසින් අසනු ලැබිය හැකි ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට පිළිතුරු සඳහන් කරමු.
PET ස්‌කෑන් යන්ත්‍රයක් වැඩ කරන්නේ කොහොමද?
Positron (පොසිට්‍රොaන) යනු පරමාණුවක් තුළ ඇති කුඩා විකිරණශීලී අංශු විශේෂයකි. emmission යනු එම අංශු නිකුත් වීමේ ක්‍රියාවලියයි. Tomography ලෙස හැඳින්වෙන්නේ ශරීරය ස්‌ථරවලට බෙදා ඒ සෑම ස්‌ථරයක්‌ම ඡායාරූපයකට නැගීමේ හෝ රූපවාහිනි තිරයක් මතින් නරඹා අධ්‍යයනය කිරීමට හෝ ඉඩ සලස්‌වන ක්‍රියාවලියයි. අභ්‍යන්තර ඉJද්‍රීන්වල ඡායාරූප ගැනීමට ඇති හොඳම කැමරාව PET ස්‌කෑනරය ය.
PET ස්‌කෑනරයක් මගින් කරන ඉහත සඳහන් කටයුත්ත මගින් පිළිකාව හරියටම තිබෙන තැන සහ එහි ස්‌වභාවය හඳුනා ගැනීම මෙන්ම එයට කළ යුතු ප්‍රතිකාර සැලසුම් කර ගැනීම ද කළ හැකිය. පිළිකාවට අමතරව ස්‌නායු රෝග. හෘද රෝග. ආසාධනය වන රෝග, භෛශජ්‍ය ශක්‍යතාව හෙවත් බෙහෙත්වල ගුණ දොස් පරීක්‍ෂා කිරීම, චලනය වන සතුන් ගේ ශාරීරික ස්‌ථර අධ්‍යයන කිරීම, චලනය වන මාංශ පේෂීන් ස්‌ථිර වශයෙන් අධ්‍යයන කිරිම යනාදිය සිදුÊකර 100% ක් නිවැරැදි වාර්තා ලබා ගැනීමට ද PET ස්‌කෑනරයට හැකිය. ස්‌වකීය කාර්ය භාරය සඳහා PET ස්‌කෑනරය යොදා ගන්නේ විකිරණ ක්‍රියාවලියන් සහ න්‍යෂ්ටික අණු අඩංගු ඖෂධ වර්ගය. පිළිකාවක හෝ තම කැමරාවට ඉලක්‌ක වන ද්‍රව්‍යවල ත්‍රිමාණ පින්තූර ගැනීමට ද මේ යන්ත්‍රයට හැකිය. මුලින්ම ස්‌කෑන් කිරීමට ලක් කරන රෝගියාට කෙටි කාලීන (පැයක පමණ) විකිරණයක් තිබෙන ඖෂධයක් පානය කිරීමට දෙනු ලැබේ. නැතහොත් එම ඖෂධය එන්නත් කරනු ලැබේ. පැය භාගයක් පමණ කාලයකට පසු එය සිරුර පුරා පැතිර යයි. එවිට ස්‌කෑනරය තුළට ඇතුළු කරන පුද්ගලයා ගේ සිරුරට ඞ එක්‌ස් කිරණ එල්ල කරන අතර රෝගියාගේ සිරුර තුළ දැනටමත් ඇති විකිරණශීලී ඖෂධ අංශු සමඟ එම කිරණ සම්බන්ධ වී දීප්තිමත් ඡායාරූපාවලියක් ලබා ගැනීමට හැකි වෙයි. මේ ඡායාරූප පිරික්‌සා පිළිකාව හරියටම තිබෙන තැන, පිළිකාවේ කැබැල්ලක්, සාම්පලයක් ලෙස ලබා ගැනීමට ශල්‍ය උපකරණයක් ඇතුළු කළ යුතු සිරුරේ තැන්, සහ පිළිකාවේ ස්‌වභාවය යනාදිය හඳුනාගැනීමට වෛද්‍යවරයා සමත් වෙයි. පරීක්‍ෂණය සිදු කෙරෙන මුළු කාලය තුළ රෝගියා නිසලව තබා ගත යුතු අතර, ඒ සඳහා ඔහුට හෝ ඇයට නිද්‍රdජනක ඖෂධයක් දෙනු ලැබේ. පරීක්‍ෂණයෙන් පසු දියර වර්ග විශාල වශයෙන් පානය කර ශරිරය තුළ ඇති විකිරණ ඉවත් කර ගන්නා ලෙසට රෝගියාට උපදෙස් ලැබේ. පරීක්‍ෂණයෙන් පැය 4 ක් තුළ විකිරණශීලී ද්‍රව්‍යවලින් සම්පූර්ණයෙන් ම නිදහස් වීමට රෝගියාට පුළුවන.
PET ස්‌කෑන් අහිතකර කොයි අයට ද?
ගැබිනි කාන්තාවන් සහ කිරි දෙන මවුවරුන්ට PET ස්‌කෑන් කරනු නොලැබේ. එය කුස තුළ සිටින දරුවාට හානියකි. එසේම PET ස්‌කෑන් එකක් කරගත් අය ගැබිනි මවුවරුන්ගෙන් ළදරුවන්ගෙන් සහ ළමුන්ගෙන් ඉවත්ව පැය කිහිපයක් සිටිය යුතුය. PET ස්‌කෑන් එකක් මගින් ඉතා ස්‌වල්ප වශයෙන් වුවද විකිරණයන්ට නිරාවරණයවීමට එම පරීක්‍ෂණයට භාජන වන තැනැත්තාට සිදුවෙයි. එහෙත් මෙම ස්‌කෑන් පරීක්‍ෂණය මගින් සොයා ගන්නා දත්ත මනුෂ්‍යයාගේ ජීවිතයේ පැවැත්මට මහෝපකාරී වන බැවින් විකිරණ අනතුර ගණන් ගනු නොලැබේ.
සංඛනාද වෙදගෙවත්ත