ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුව සැප්තැම්බර් 1 සහ 2 යන දිනවල කොළඹදී පැවැත්වේ. මෙම සමුළුවට රටවල් 50 ක පමණ ආරක්‍ෂක නියෝජිතයෝ සහභාගී වෙති. ගත වූ වර්ෂ කීපය තුළදී ආරක්‍ෂක සමුළුව පැවැති අතර එහිදී මුල්තැන හිමි වූයේ කොටි සංවිධානය පරාජය කළ නොහැකි බව පැවසූ සිංගප්පූරුවේ සිටින ඊනියා යුද මහා චාර්යවරයකුටය මේ යුද මහාචාර්යවරයා මුළු රාජ්‍ය හා හමුදා යාන්ත්‍රණයට රැවටුවේය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉහළ බලධාරින්ටද සමීප විය.
වරක් ඔහු පැවසූවේ මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමට ප්‍රභාකරන් කොළඹට පැමිණි බවයි. අපි මොහුගේ අතීතය හෙලි කළ විට ඒ ගැන කතා කිරීමට පවා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු බිය වූහ. වරක් මේ ඊනියා යුද මහාචාර්යවරයා කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්‌ථාවේ ඔහුගේ සූට්‌කේසය රැගෙන ඔහු පසුපසින් ඒමට හමුදා භටයකු ද යොදවා තිබුණි.
පසුගිය රාජ්‍ය යාන්ත්‍රණයට ඔහු අපූරු කේවට්‌ට උපදෙසක්‌ද දුන්නේය. ඒ යුද අපරාධ සඳහා වූ විශ්ව සම්මුතියට අත්සන් කළ යුතු බවයි. ඇමරිකාව සහ ඉන්දියාව පවා එකී සම්මුතියට අත්සන් කර නැති විටෙක මොහු ශ්‍රී ලංකා රජයට කීවේ එකී සම්මුතියට එකඟ විය යුතු බවයි. මොහුගේ කීම අසා එම සම්මුතියට එකඟ වුයේ නම් යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ට කිසිම බටහිර රටකට යැමට නොහැකි වේ.
ආරක්‍ෂක බලධාරීන් මෙහෙයවූ ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුවට වරක් මොහු ලන්ඩන් නුවර සිට ටැමිල් සී. එන්. එන්. වෙබ් අඩවියේ ප්‍රධානී කන්නන් හෙවත් සෙල්වන්ද ගෙන්වූයේය.
සමුළුවට තුළදී ඔහුට ආරාධිත අසුනක් හිමිවිය. එදා එකී ඊනියා යුද මහාචාර්යවරයාට තිබූ බලය ඉන් සනාථ විය.
අපි මේ ක්‍රියාදාමයට පෙන්නුම්කලවීට හමුදා බලධාරීහු නිහඩ වූහ.
කොටින්ට එරෙහි යුද්ධය ජයගැනීමට නොහැකි වූ බව පැවසූ තැනැත්තා ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුවකට ගෙන්වීම හාස්‍යයට කරුණක් යෑයි අපි එදා හමුදා බලධාරීන්ට පෙන්නුම් ඔවුන්ට කට උත්තර නැතිවිය.
එහෙත් මෙවර ආරක්‍ෂක සමුළුව පිටස්‌තරයන්ගෙන් හා ඊනියා යුද විශේෂඥයන්ගෙන් තොර වීම ගෞරවයට ලක් විය යුතුය.
එය යහපත් ප්‍රවනතාවයකි. මිනිසුන් රැවටිය හැක්‌කේ එක් වතාවත් පමණක් යෑයි හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වරක් පැවසීය.
එහෙත් මේ අපූරු යුද මහාචාර්යවරයා ත්‍රස්‌ත මර්දන විශේෂඥයකු යෑයි හඳුන්වා ගනිමින් එදා ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුවට පැමිණි සියලු ආරක්‍ෂක නියෝජිතයින් රැවටුවේය.
එදා අපි මේ සියලු තක්‌කඩි ක්‍රියාදාමයන් අනාවරණය කළෙමු. ටැමිල් සී එන්එන් කොටි වෙබ් අඩවියේ ප්‍රධානියා ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුවට සහභාගී වූයේ ඔහු ආරක්‍ෂාව ගැන දන්නා අයකු යෑයි සිතා ගෙනද? කෙසේ වෙතත් ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති අවස්‌ථාවක මෙම සමුළුවට සහභාගී වන ප්‍රධාන අමුත්තා ඇප්ගනිස්‌තානයේ ජනාධිපති අහමද් කරාසි වීම විශේෂත්වයකි.
ඔහු තාලිබාන් ත්‍රස්‌තවාදීන්ගේ බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා ගැන හොඳින් දනී. තාලිබාන් සහ අයිසිස් ත්‍රස්‌තයන්ට මුහුණ පා සිටින කරාසි ත්‍රස්‌තවාදය වැනසූ රටක ආරක්‍ෂක සමුළුවකට සහභාගී වීම ෙඓතිහාසික සිද්ධියකි.
මේ අතර යුද අපරාධ චෝදනාවල සත්‍යභාවය ලොවටම පැවසීමට ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුව යොදා නොගන්නේ මන්ද?
මේ ගැන ආරක්‍ෂක බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතුය. රටවල් 50 නියෝජිතයන් එකී සමුළුවට සහභාගී වන අවස්‌ථාවේ යුද අපරාධ චෝදනාවල සාවද්‍ය බව ඔවුන් හමුවේ පැවසීමට ක්‍රියා කළ යුතුවේ.
මේ ස්‌වර්ණමය අවස්‌ථාව පැහැර නොහැරිය යුතුයි.
කීර්ති වර්ණකුලසූරිය
Source : Divaina