අනගාරික ධර්මපාලතුමා සිදු කළ මෙහෙවර සදානුස්‌මරණීයයි

0
1116
anagarika-dharmapala

සමාජ භූමිකාව අවරට යන අවස්‌ථාවක එම භූමිකාව පෙරට ගෙන එන්නට යුගකාරක පුරුෂයන් ලක්‌ ඉතිහාසයේ බිහි වූ අයුරු අපට දක්‌නට ලැබේ. ලක්‌ ඉතිහාසයේ ඈත යටගියාව දක්‌වා එවන් යුග පුරුෂයන් බිහිවී සමාජය උත්තලයකට ප්‍රවේශ කරන්නට මහත් පරිශ්‍රමයක්‌, කැපවීමක්‌ කළ බව සත්‍යය කරුණකි. අනගාරික ධර්මපාලතුමා ද එබඳු අයෙකි.

1864 සැප්තැම්බර් 17 වැනිදා මෙලොව එළිය දුටු ධර්මපාලතුමා 1933 අප්‍රේල් 29 දා දිවියෙන් සමුගත්තේය. වසර 151 ක ජන්ම සමරුවත් වසර 82 ක ගුණ සමරුවත් එළඹ ඇති සමයක ධර්මපාල සමාජ චින්තනය එදාටත් වඩා අවශ්‍ය වන්නේ අධ්‍යතන අවදියට යයි මම සිතමි.

දොන් ඩේවිඩ් හේවා විතාරණ ලෙස මෙලොවට බිහි වූ අනගාරික ධර්මපාලතුමාගේ පියාණන් වූයේ දොන් කරෝලිස්‌ හේවාවිතාරණය. මව වූයේ මල්ලිකා ධර්ම ගුණවර්ධනයි. ප්‍රකට වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ අන්දිරිස්‌ පෙරේරා ධර්ම ගුණවර්ධනගේ දියණියයි ඇය.

පුංචි අවදියේ පටන් යහපත් මනසකින් නිර්මිත අනගාරිකතුමා මූලික අධ්‍යාපනය ලැබුවේ කෝට්‌ටේ ක්‍රිස්‌තියානි පාසලෙනි. ඉන් අනතුරුව කොටහේනේ ශාන්ත බෙනඩික්‌ විදුහලටත්, ගුරුතලාව ශාන්ත තෝමස්‌ විදුහලටත්, ඉන් අනතුරුව කොළඹ ඇකඩමියෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ඉංගී්‍රසි පාලන සමයේ රජයේ රැකියාවකට පිවිසුණේය.

යටත් විජිතවාදය

ලංකාවේ යටත්විජිත තත්ත්වය හේතුකොට ලාංකික ජනතාවගේ ගති ලක්‍ෂණ වෙන මගකට යොමු විය. ඉතාම සංකීර්ණ ආකල්පවලින් මනස පුරවා ගැනීම හේතුකොට ගෙන දේශීය ගති ලක්‍ෂණ ජන ජීවිතවලින් දුරස්‌ත වීම කෙරෙහි අනගාරික ධර්මපාලතුමාගේ දෘෂ්ටිය යොමු විය.

සමාජය දෙස ස්‌වකීය විඥනය යොමු කළ බවට ඔහුගේම වදන්වලින් පැවසුවොත් මෙසේය.

“මතක තියාගනිල්ලා කවදාහරි සුද්දොa මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගෙ දරුවො වගේ කළු සුද්දොa විසිතිස්‌ දාහක්‌ බෝ කළාට පස්‌සේයි. ඊට පස්‌සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දොa. උන් සිංහල භාෂාවට, සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගේ දරුවන්ට උගන්වාවි ජාති, ආගම්, භාෂා බේදයක්‌ එපා කියල. උන් ඉංගීS්‍රසියම රජ කරාවි. පන්සල් වටේ, පල්ලි, කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයෝ ඉපදෙනකන් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න. මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්‌සේ උඹලෑ කෙල්ලො කොල්ලන්ට ඇටි කෙසෙල් කාපු රිළව් වගේ නියෝ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි” 1931 දී අනගාරික ධර්මපාලතුමා යටත්විජිතවාදී සමාජ ව්‍යqහය දෙස බැලූ ආකාරයයි.

ලාංකික සමාජ ව්‍යqහය

1948 නිදහස ලබන්නට පෙරාතුව ලාංකික සමාජ ව්‍යqහය දෙස පුළුල් වූ විඥානයකින් යුක්‌තව සිටියේය. සුදු ජාතිකයන් ලංකාව හැර ගියත් කළු සුද්දන් සමුදායයක්‌ බිහි කළ බවට අනගාරික ධර්මපාලතුමා පළ කළ අදහස්‌ පරම සත්‍යයකි.

අති ධනේශ්aවර පවුලක ඉපිද ඉතාම සුඛෝපභෝගී දිවි පෙවෙතක්‌ ගත කිරීමට හැකියාව, ශක්‌තිය තිබිය දීත් ඒ සියල්ල අතහැර සමස්‌ත සමාජය වෙනුවෙන් තමන්ගේ දිවිය කැප කළේ යහපත් සමාජයක යහපත් මිනිසුන් නිර්මාණය කරන්නටය. ඉංගී්‍රසීන්ට ආවඩන, කත්අදින රාමුව දුරලා අදීන සිතුවිලි පද්ධතියක්‌ ආරෝපණය කිරීම එතුමාගේ මූලික අභිප්‍රාය විය.

ථෙරවාදී දහම

ථෙරවාදී දහම තමන්ගේ දිවියට බද්ධ කොට ගෙන අනගාරික තත්ත්වයට පත් වූයේ එහි පවත්නා ඥන දර්ශනය සමාජයට පහදා දෙන්නටය. ඉතාම සරල, අල්පේච්ඡ දිවියක්‌ ගත කළේ පරමාදර්ශී ස්‌වරූපයෙනි. න්‍යාය බැහැරකොට ප්‍රායෝගික ගති ලක්‍ෂණ මේ දිවියෙන් හුවා දැක්‌වීය.

1885 දී බුද්ධගයාවට පිවිසි අනගාරික ධර්මපාලතුමා ඔයෑ ඛසටයඑ දෙ Asස්‌ කෘතියේ කතුවරයා වූ ශ්‍රීමත් එඩ්වින් අර්නෝල්ඩ් හමුවී බෞද්ධ ධර්මය භාරතයේ ප්‍රකට කිරීමට පියවරගත්තේය. මේ සඳහා සහාය කර ගනු ලැබුවේ වැලිගම ශ්‍රී සුමංගල නාහිමියන්ය. 1891 දී බුද්ධගයාවේ මහාබෝධි විහාරය තනා ධර්මය ප්‍රකට කිරීමට කේන්ද්‍රීය තැන්න බවට පත් කර ගත්තේය.

භාරතයේ ධර්ම ප්‍රචාරය

ථෙරවාදය ප්‍රකට කිරීමට ස්‌වාමි විවේකානන්ද මහතා ද මෙයට දායක කර ගත්තේය. භාරතයේ ධර්මය ප්‍රචාරය කිරීමට සමගාමීව පාසල් , ආරෝග්‍යශාලා නිර්මාණ කරන්නටද පෙළැඹුණේය. බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීමත් සමග ජන දිවියේ ඌනතා සපුරාලන්නටද අනගාරික ධර්මපාලතුමා මහත් වෙහෙසක්‌ ගත්තේය.

ලක්‌දිව මහාබෝධිය

ලක්‌දිව මහා බෝධි විහාරය නිර්මාණයකොට ඒ ආශ්‍රයෙන් ජනතාව කෙරෙහි ධර්මය ප්‍රචලිත කිරීමට ගම් නියම්ගම්, පුර විසල්පුර, දනව් පසල් දනව්වලට ගියේය. මෙතුමා කොතරම් නිහතමානීs, නිරහංකාර ගති ගුණවලින් පිරී ගියේ ද යත් ගමින් කළේ තිරික්‌කලයෙනි. එසේත් නැතිනම් පා ගමනින් ගමන් ගමට ගොස්‌ ජනතාවගේ සුවදුක්‌ විමසුවේය. නැති බැරි අයට මුදලින්ද සංග්‍රහ කළේය. නිවාස තනා දීමට ද මුල් විය. අහිංසක ජනතාව කෙරෙහි ස්‌වකීය ඇස යොමු කළේය.

පාසල් 300 ක්‌

බාල පරපුරේ ඥනය වර්ධනය කිරීම අරභයා රටපුරා පාසල් 300 ක්‌ තනා දුන්නේය. පරම විඥානාර්ථ සමාගම ආශ්‍රයෙන් මේ බෞද්ධ පාසල් නිර්මාණය කොට උගත් පිරිසක්‌ සමාජයට බිහි කරන්නට ද දායක විය.

ලොව ජනතාවට බුද්ධ ධර්මය වටහා දෙන්නට ග්‍රන්ථ රාශියක්‌ අනගාරික ධර්මපාල තුමා නිර්මාණය කළේය. සමාජයේ දක්‌නට ලැබෙන විරල චරිතයක්‌ වූ අනගාරික චරිතය සමාජාශ්‍රිත පෝෂණ ගමනකට උපස්‌ථම්භක වූ නිසාම යටත්විජිතවාදී ගති ලක්‍ෂණ කරපින්නාගත් ස්‌වරූපය සමාජයෙන් කෙමෙන් තුරන් වන්නට විය.

ලාංකික සමාජය යහමගට යොමු කරන්නට ගත් වෙහෙසට සමගාමීව තමන්ගේ විඥනය මෙහෙයවීය. කළු සුද්දන් බිහි වෙනවාට අනගාරික ධර්මපාලතුමා කැමැති නොවූයේ සිංහල සංස්‌කෘතියට අනුගත සමාජයක්‌ නිර්මාණය වීම මුඛ්‍ය පරමාර්ථය වූ නිසයි.

වැවත් – දාගැබත් – කෙතත් ආශ්‍රයෙන් නිර්මාණය වූ සිංහල සංස්‌කෘතික මත රැඳුණු සමාජයකට අඩිතාලම අනගාරික ධර්මපාලතුමා පාදම සකස්‌ කළේය.

යුරෝපීය ගති ලක්‍ෂණ

සිංහල ඌරුව තම දිවියට බද්ධ කොට ගැනීමට ධර්මපාලතුමා නිතරම උපදෙස්‌ දුන්නේය. සමාජ ගමන් මග වෙනසකට යොමු කරන්නට අනගාරික ධර්මපාලතුමා ගත් වෙහෙස හේතුකොට ගෙන කළු සුද්දන්ගේ ගමන් මග වෙනතකට යොමු කළේය.

යුරෝපීය ඇඳුම් බැහැරකොට රෙද්ද බැනියම ඇඳ පාරට බැස්‌සේ සිංහල සංස්‌කෘතිය පෙරට ගෙන එන්නටය. තමන්ට හැම අතින්ම පෝෂිත සැපවත් දිවියක්‌ අනවරතයෙන්ම, නිරන්තරයෙන්ම ගත කරන්නට හැකියාව තිබියදී ඒ සියල්ල බැහැර කළේ රට අවරට යන්නට ඉඩ නොදී දේශානුරාගී ජාතියක්‌ බිහි කරන්නටය.

චරිත ලක්‍ෂණ

රට පුරා ධර්ම ප්‍රචාරය කිරීම අරභයා වාහනයකින් ගමන්ගන්නා විට ගම් දනව් ජනකාය ඒ වටා රොක්‌වී එම රථයට අන්වර්ත කළේ “ශෝභන මාලිගාව” නමිනි. ඒ තරමටම එම වාහනයත් අනගාරික ධර්මපාලතුමාගේ චරිතය සේ ජනතාවට ආකර්ෂණීය විය.

එම වාහනය කොළඹ – මාලිsගාකන්දේ මහා බෝධි විහාර පරිශ්‍රයේ කෞතුක වස්‌තුවක්‌ ලෙස රැකෙන්නේය. ලාංකික ජනතාව කෙරෙහි ආචාරශීලී ගති ලක්‍ෂණ රෝපණය කරන්නට ගත් තැත හේතු කොටගෙන එම චරිතවල අනගාරික ගති ලක්‍ෂණ තවමත් රැඳී ඇත.

දිවියෙන් සමුගැනීම

ලංකාවේ ඉපදී අනගාරික ධර්මපාලතුමා දිවියෙන් සමුගත්තේ බුදුන් උපන් දේශයේදීය. මෙයද අතිශය භාග්‍යයකි. 1933 අප්‍රෙල් මස 29 වැනිදා ඉන්දියාවේ සාරානාත්හිදී අවසන් ගමන් ගියේය. වසර 68 ක්‌ බඳු කාලයකි අනගාරික ධර්මපාලතුමා මේ ආත්මභවයේ රැඳී සිටියේ. එම වසර 68 යනු විශාල කාල පරාසයකි.

කොළඹ දිසාවේ සංඝනායක, පොළොන්නරුව ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ සභාපති, ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමලු විහාරාධිපති ලේඛනසූරී, ශාස්‌ත්‍රපති, පණ්‌ඩිත

අරම ශ්‍රී ධම්මතිලක නාහිමි

Source : Divaina