(ස්‌ත්‍රී දූෂණයට නම්බුනාම)
එතරම් අවධානයට ලක් නොවූ, එහෙත් අතිශය වැදගත්කමකින් යුත් ප්‍රවෘත්තියක් සති දෙකකට උඩදී වාර්තා වී තිබිණි. ප්‍රවෘත්තියට පාදක වී තිබුණේ වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතාගේ ප්‍රකාශයකි. එම ප්‍රකාශයට අනුව ස්‌ත්‍රී දූෂණයන්ට සම්බන්ධ වූ වරදකරුවන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් (IRC) බවට පත් කිරීම සඳහා අපරාධ වැළැක්‌වීමේ ආඥාපනත සංශෝධනය කිරීමට නීතිපති උපදෙස් ලබා ගැනීම වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.
මෙය බොහෝ සෙයින් ප්‍රමාද වූ, එහෙත් කලින්ම ක්‍රියාත්මක කළ යුතුව තිබුණු කාර්යයක් බව අපේ විශ්වාසයයි.
ස්‌ත්‍රී දූෂණ, විශේෂයෙන් ළමා අපයෝජන වැඩි වැඩියෙන් වාර්තාවන පසුබිමක් තුළ මේ ක්‍රියාත්මක කරන්නට යන්නේ වැදගත් තීරණයක් බව අපි කියමු. එසේම නිසැකවම මීට විරුද්ධ වන කිසිවෙකුත් නැති බව ද කිව යුතුය. පසුගිය සති දෙක තුනක කාලය ගත වන විට වාර්තා වූ ස්‌ත්‍රී දූෂණ, ළමා අපයෝජන සිද්ධීන් විමර්ශනය කිරීමේදී මෙවැනි අමනයන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් (IRC) නොව දරුණු අපරාධකරුවන් කැටගරියකට ඇතුළත් කිරීමට වුව කාගේ හෝ විරුද්ධත්වයක් පළ නොවනු ඇත.
පොලිස් වාර්තාවලම දැක්‌වෙන පරිදි 20015 ජුනි මාසයෙන් අවසන් වූ පළමු මාස හය තුළ පමණක් වාර්තා වී ඇති ස්‌ත්‍රී දූෂණ සංඛ්‍යාව 795 කි. ළමුන්ට එරෙහිව කරන ලද කෲර සැලකීම් හා ලිංගික අපයෝජන සිදුවීම් ගණන 84 කි. ළමුන් ඝාතනය කිරීමේ සිදුවීම් හතරකි. එවැනි තිරිසනුන් “දරුණු අපරාධකරුවන්’ ලෙස නම් කිරීමට තවත් උදාහරණ අවශ්‍ය නැත. මෙය තවදුරටත් කම්පනය දනවන සංඛ්‍යාලේඛනයක් හැටියට දක්‌වතොත්, 2014 වර්ෂයේ පමණක් කාන්තා දූෂණ 1680 ක් වාර්තා වී තිබේ. මේ ස්‌ත්‍රී දූෂණවලට සම්බන්ධ ‘නිල නොලත්’ අයි.ආර්.සී.කාරයන්ගෙන් සමහරක් හිරගෙදර වන්නට පුළුවන. තවත් සමහරක් මාසයකට දෙකකට සැරයක් නඩුව විස¹ගන්නට උසාවි යනවා වන්නට පුළුවන. තවත් අය සමාජයේ නිදැල්ලේ හැසිරෙනවා වන්නට පුළුවන. වඩාත් භයානක මේ නිදැල්ලේ හැසිරෙන පිරිසය. මේ පාපිෂ්ඨයන් ඔබ හමුවට එන්නේ හතර පෝයට සිල් ගන්නා පුද්ගලයකු වශයෙන් විය හැක. නො එසේ නම් ඔබ හමුවට එන විනීතම පුද්ගලයා වුව ඒ අධමයන්ගෙන් එකෙකු වීමට බැරි නැත. එවැනි පාදඩයකුට නිල වශයෙන් අයි. ආර්. සී. පට්‌ටම ලබා දීම සමාජයේ යහපතටම හේතු වන බව කිව යුතුය.
මෙවැන්නන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් ලෙස නම් කිරීමේ කිසිදු වරදක් නැති බව ඔප්පු කළ හැකි ආසන්නතම සිදුවීම් දෙකක් අපි සිහිපත් කරමු.
ඉන් පළමුවැන්න, කොට්‌ටාව ප්‍රදේශයේ බස් රථයකදී හංවැල්ල පදිංචි විවාහක පුද්ගලයකු විසින් දහතුන් හැවිරිදි පාසල් දැරියකගේ ගවොමට යටින් ජංගම දුරකථනය භාවිතා කර වීඩියෝ කරමින් සිටියදී හසුවීමය.
දෙවැන්න කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ පොදුÊවැසිකිළියේදී වයස අවුරුදු දහයක පාසල් දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියයි. මේ අශිෂ්ටත්වය ප්‍රකට කළ පුද්ගලයා එක්‌දරු පියෙකි.
මේ සිදුවීම් දෙකම වාර්තා වන්නේ කොටදෙනියාවේ දැරිය ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු ඒ ආසන්නතම කාල වකවානුවේදී වීම විශේෂත්වයකි. මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ වයස අවුරුදු දහයක පාසල් දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරු දැනට මාස කිsහිපයකට පෙර වයස අවුරුදු 08 ක පාසල් සිසුවියක ද පංති කාමරයක් තුළදීම අපයෝජනයට ලක් කර තිබේ.
එවැන්නෙකු “අයි.ආර්.සී.කාරයෙක්” කරන්නට කර ඇති වැරදි දෙකම සෑහෙන ප්‍රමාණවත්ය.
දණ්‌ඩ නීති සංග්‍රහයේ පවතින එක් අපරාධයකට වරදකරුවෙක් වන පුද්ගලයෙක් ලියාපදිංචි අපරාධකරුවෙක් (RC) ලෙස පළමුව ලේඛනගත වෙයි. එවැනි පුද්ගලයෙක් දෙවැනි වතාවටත් එවැනි වරදක් කර වැරදිකරවෙකු ලෙස බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කළොත් ඔහු IRC (දිවයිනේ නමගිය අපරාධකරුවකු) ලෙස හැඳින්වේ. දණ්‌ඩ නීති සංග්‍රහයේ බල අපරාධ අතරට (බල අපරාධ යනු දරුණු ගනයේ අපරාධය) ස්‌ත්‍රී දූෂණය ද ඇතුළත් ය.
ඉතිං පළමුව පමණක් නොව දෙවනුවත්, තෙවනුවත් කාන්තාවන්ගේ රීරි මාංශය කන්නට තැත් දරන අධමයන් IRC කිරීමේ වරද කුමක් ද?
පෙනෙන්නට තිබෙන හැටියට තවමත් මෙවැනි නඩු තොග පමණින් උසාවි තුළ කල් ගත වෙමින් තිබේ. සමහර ළමා අපයෝජන නඩුවල තීන්දුව පැමිණෙන විට දරුවා වැඩිහිටියකු වී අහවරය. ඒ වන විට අපයෝජකයා සම්බන්ධයෙන් සමාජයේ තිබෙන විරෝධාකල්පය ද උදාසීන වී තිබීමට ඇති ඉඩකඩ වැඩිය. මාලිගාපිටිය සිද්ධියම ගත්තොත් එම අපයෝජකයා මාස කිහිපයකට උඩදී තවත් දැරිවියක අපයෝජනය කළ බවට තවමත් ඇත්තේ පොලිස් පැමිණිල්ලක් බව කියෑවේ. පැමිණිල්ල අතරවාරයේම ඒ අමනයා තවත් දැරිවියක අපයෝජනය කරනනේය. එහෙයින් ම අධිකරණයේ විභාග වන අවුරුදුÊගණන් පරණ ස්‌ත්‍රී දූෂණ නඩුවල විත්තිකාරයන් ගැන අපට සාධාරණ නිගමනවලට ඒමට හැකියාවක් තිබේද?
Source : Divaina